Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
"ප්‍රශ්න හමුවේ කඩා වැටුණත්, හඬා වැටුණත් ක්‍ෂණිකව නැගිටීමේ ශක්තියක් ඇයට තියෙනවා..." - නෙලූ අධිකාරී

- "ප්‍රශ්න හමුවේ කඩා වැටුණත්, හඬා වැටුණත් ක්‍ෂණිකව නැගිටීමේ ශක්තියක් ඇයට තියෙනවා..." - නෙලූ අධිකාරීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,850 Views
"අප පෙර බවවල දී කළ කුසල් අකුසල් මතයි මේ ආත්මය තීරණය වෙන්නේ.."

"අපි කොච්චර ලස්සන වුණත් වැඩක් වන්නේ නෑ චරිතවත් නැතිනම්.."

ලස්සන වෙන්න  ඕන කෙනෙකුට පුළුවන්. නමුත් කාන්තාවකගේ තිබිය යුත්තේ සුන්දරත්වය. කාන්තාව කියන කෙනා වර්ණනා කිරීමේ දී ඒ වචනය තුළ සුන්දර බව, ප්‍රියමනාප බව, පිරිසිදුකම, හැදියාව, චාම් බව මේ හැම දේම ගැබ්වෙලා තියෙනවා. ඒ හැමදේම ආරක්‍ෂා කරගන්නවා කියන්නේ අපි ඉබේම ප්‍රියමනාප කෙනෙක් වෙන එක.

 ම්... තව දෙයක් තමයි ආසියානු රටවල ජීවත් වන අපි බොහෝ විට හිතනවා විවාහය, දරුවන් ලැබීම, වයසට යාම කියන කරුණු එක්ක කාන්තාවට වටිනාකමක් නැහැ කියා. නමුත් අපි ජීවිතයේ විවිධ සන්ධිස්ථානවලදී මනසින්, සිතුවිලිවලින් අපි අපිටම වටිනාකමක් දෙන්න නිරතුරුවම උත්සාහ ගත යුතුයි. බටහිර කාන්තාවන් අවුරුදු 70,80 යනකම්ම ඔවුන්ගේ ඇඟ ගැන, සම ගැන, ශරීරයේ හැඩය ගැන හිතනවා. ඒ නිසාම ඔවුන්ට මහලූ වයසෙත් හරිම සතුටින් තමන්ගේ ජීවිත ගත කරන්න ලැබිලා තියෙනවා. අපිත් නිරතුරුවම අපිට ආදරය කළොත් හැමදාම සතුටින් ජීවත් වෙන එකයි ලස්සනට ඉන්න එකයි අභියෝගයක් වෙන්නේ නැහැ.

කෙනෙකුට ප්‍රියමනාප රූපයක් ලැබෙන්නේ?
ම්... අප පෙර බවවල දී කළ කුසල් අකුසල් මතයි මේ ආත්මය තීරණය වෙන්නේ. බෞද්ධ කාන්තාවක් ලෙසට මා ඒ ධර්මතාවය විශ්වාස කරනවා. නමුත් අපිට ලැබුණු රූපය, පෙනුම හෝ ඇඟ නිරෝගිව පවත්වාගෙන යාමට අප නිරතුරුවම උත්සාහ ගත යුතුයි.

පෞද්ගලිකව ඔබ ඔබේ සුන්දරත්වය රැක ගන්න මොනවාද කරන්නේ?
මා නියැලෙන වෘත්තිය අනුව හඬ, දක්‍ෂතාවය මෙන්ම ප්‍රියමනාප කෙනෙකු ලෙසින් රසිකයන් අතරට යාම ඉතාම වැදගත් දෙයක්.

ඒ නිසාම මම ශරීරයේ හැඩය නියමාකාරයෙන් තියා ගන්න ලොකු වෙහෙසක් ගන්නවා. මම දරුවො දෙන්නෙකුගේ මවක්. දරුවන් ලැබුණ අවධියේ දී ශරීරයේ සිදුවන වෙනස් වීම් එක්ක මම ටිකක් මහත් වෙන්න ගත්තා. ඒ තත්ත්වයට මම එච්චර කැමති වුණේ නැහැ. ඒනිසා ඒ කාලයේ දී මම මගේ ශරීරයේ බර පාලනය කරන්න උත්සාහ ගත්තා. රූපවාහිනියෙන් දකින තරම් මම මහත නොවුණත්, දරුවන් ලැබුණ අවධියේ ශරීරය ගැන නොසිතුවා නම් අදත් මට ලස්සන සිරුරක් ලබා ගැනීම හීනයක් වෙන්න තිබුණා. අපට උපතින් ලැබිලා තියෙන ශරීරය, රූප සම්පත්තිය ආරක්‍ෂා කර ගන්න, නඩත්තු කර ගන්න සෑම කාන්තාවක්ම උත්සාහ ගත යුතුයි කියායි මා විශ්වාස කරන්නේ. මක්නිසාද අප කුමන තරාතිරමක, කුමන වයසක, කුමන වෘත්තියක නියැලූනත් කාන්තා අපව ප්‍රියමනාපව දකින්න හැමෝම කැමතියි.

නිවසේ දී ලස්සන වෙන්න මොනවාද කරන්නේ...
මම නිරෝගීකම ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්. තෙල්, සීනි, පිටි කෑම කන්නෙම නැති තරම්. ගෙදරදිම හදපු සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් ගන්න හැම තිස්සේම උත්සාහ කරනවා. වයසට යාමේ දී ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලබා ගැනීමට විටමින් වර්ගයක් භාවිතා කරනවා.

කොණ්ඩයට සුමානයකට දවසක් පොල් තෙල් රත්කරලා ඒකට විටමින් ඊ කරල් 2ක් දාලා ඔලූව මසාජ් කරනවා. පොල් තෙල් වෙනුවට ඔලිව් තෙලූත් ඇතැම් විට භාවිතා කරනවා. මම මේ කරන සත්කාරයෙන් හිසකෙස් නිරෝගීව වැඩෙනවා. ඒ වගේම අකලට කෙස් වැටීම, ඉදීම වැනි තත්ත්වයන් ඇතිවන්නෙත් නෑ. ගසකට වැඩෙන්න වතුර  ඕනේ වගේ කෙස් ගස නිරෝගීව වැඩෙන්න තෙල් සත්තුව අත්‍යවශ්‍යයි.

යම් ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යාමට ලස්සන පමණක් ක්‍රමවත් කියා ඔබ සිතනවාද?
නැහැ.  ඕනෑම ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යාමට දක්‍ෂතාව, නියැලෙන වෘත්තියෙහි නිපුණතාවය අත්‍යවශ්‍යයි.

රූපය නිසා ක්‍ෂේත්‍රයකට ප්‍රවිෂ්ට වුණත්, රැඳෙන්න නම් දක්‍ෂතාවය අවශ්‍යමයි. විශේෂයෙන්ම මා නියැලෙන සංගීත ක්‍ෂේත්‍රයේ හඬත් දක්‍ෂතා පෑමට නොහැකි නම් කොච්චර සුන්දර වුණත් එහි රැඳීමක් සිදුවන්නේ නැහැ.

ලස්සන,  කාන්තාවකට ආශිර්වාදයක් ද?
ඔව්. එය ආත්ම ගෞරවය රැක ගත හැකි ආකාරයට භාවිතා කිරීමට කාන්තා අපි නිරතුරුවම උත්සාහ ගත යුතුයි. අපි කොච්චර ලස්සන වුණත් වැඩක් වන්නේ නෑ චරිතවත් නැතිනම්. හැම තිස්සේම අපි අපේ  ජීවිතය අනිත් අයට ආදර්ශයක් ලෙසට ගෙනයා යුතුමයි.

දෙමාපියන් ලෙසට දරුවන්ට උපදේශයක් දෙන්න වුණත් අපිට පුළුවන් වෙන්න  ඕනේ. ක්‍ෂේත්‍රයේ අපට මිනිසුන් ගරු කරන්නේ ස්ටේජ් එකකට නැගලා සිංදුවක් කියන පලියටම නොවේ. අපි ආත්ම අභිමානයෙන් වැඩ කිරීමත් ඒකට එක් හේතුවක්.

ලෝකයේ ඔබ දුටු ලස්සනම කාන්තාව...
ඩයනා කුමරිය. ලෝකයේම ඇයට තරම් ආකර්ශනයක් මේ වෙන තෙක් ලැබිලා නැති තරම් නේද?

ඇය කොච්චර ජනප්‍රිය ද කියනවා නම් ඇය අඳින ඇඳුම් පැළඳුම්, විලාසිතා, ආභරණ පමණක් නොවේ කොණ්ඩ මොස්තරය පවා මුළු ලෝකයේ ප්‍රසිද්ධ වුණා. අනුකරණය කළා.
කාන්තාවකගේ සුන්දරත්වය ගිලිහී යන්නේ කුමන කරුණු නිසා කියාද ඔබ විශ්වාස කරන්නේ...

අපිරිසිදුකම, අපිළිවෙළ ප්‍රධානයි. ඊට අමතරව මානසික ප්‍රශ්න නිසාත් කාන්තාව නොසිතන පරිදි වැහැරෙනවා.

කාන්තාවක් කියන්නේ මහ පොළව වගේ මහා ශක්තියක් තියෙන කෙනෙක්, ප්‍රශ්න හමුවේ කඩා වැටුණත්, හඬා වැටුණත් ක්‍ෂණිකව නැගිටීමේ ශක්තියක් ඇයට තියෙනවා. ඇය මේ වෙනුවෙන් උත්සාහ ගත යුතුයි.

නිවසේ බුදුන් අම්මා කියා, කියා තිබෙන්නේ ඇය සතුව වටිනාකම් සමූහයක් තිබෙන නිසා. ඒ නිසා උදෑසන ප්‍රියමනාප මුහුණෙන් අවදි වෙනමව රාත්‍රියේදිත් ඒ වගේම දකින්න දරුවෝ ගොඩක් කැමතියි.

ඇඟට ලස්සන ඇඳුම...
සාරියට මම ගොඩක් කැමතියි. සාමාන්‍ය ප්‍රසංගවලට ශල්වාර් අඳිනවා.

විලාසිතා කිරීමේ දී ඔබ සැලකිලිමත් ද?
ඔව්. මා නිතරම හිතනවා මාව අනුගමනය කරන පිරිසක් ඉන්නවා කියා. ඒ නිසා නිතරම විලාසිතා තෝරා ගැනීමේ දී අන් අයගේ කතා බහට ලක්වෙන විලාසිතා කරන්න පෙළඹෙන් නෑ. නියැලෙන වෘත්තිය වගේම, මා දරු දෙදෙනෙකුගේ මවක්, ආදරණීය බිරිඳක් වග විලාසිතා කිරීමේ දී අමතක කරන් නෑ. චාම් බවට මුල් තැන දීමත් මාගේ විලාසිතාවල අනන්‍යතාවකි.

 අසුන්තා එදිරිසූරිය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,388 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,710 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top