Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
බේකරියේ වැඩ කරන්න ආ දෙදරු මව සමඟ අනියම් පෙම් සුව විඳපු මුදලාලි සිය බිරිඳ ලව්වා ඇයට ඇසිඩ් ගසා සිදු කළ අපරාධය

- බේකරියේ වැඩ කරන්න ආ දෙදරු මව සමඟ අනියම් පෙම් සුව විඳපු මුදලාලි සිය බිරිඳ ලව්වා ඇයට ඇසිඩ් ගසා සිදු කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,239 Views
අනියම් බිරිඳ මුදල් ඉල්ලලා කරදර දීලා..

සැකකරු කලක් පොලීසියේ සේවය කළ අයෙක්..
 
කල්එළිය මල්ලැහැව ප්‍රදේශයේ වෙළඳසැලක තේ පානය කරමින් සිටියදී පසුගිය 2 වැනිදා දෙදරු මවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඇය ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරුගේ කොන්ත්‍රාත්තුවක් මත බව හෙළිකරගත් පල්ලේවෙල පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.
 
සැකකාර යුවළ, ප්‍රහාරකයින් පැමිණි මෝටර් රිය හා එය පදවාගෙන ආ තරුණයාද පෙරේදා (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පරික්ෂණයේදී හෙළි වූ තොරතුරු අනුව පෙරේදා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ පත්තලගෙදර ප්‍රදේශයේ යුවළක් හා බුලත්කොහුපිටියේ තරුණයෙක්.

මේ සිදුවීමේදී කාන්තාවට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ප්‍රධාන සැකකාර යුවළගේ ඥාතියකු වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. කලක් පොලීසියේ සේවය කර ඇති බව කියන සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් ඇති බවත්, ඔහු සෙවීමට පොලිස් කණ්ඩාමයක් යොදවා ඇති බවත් පොලීසිය සඳහන් කළා.
 
කාන්තාව තේ පානය කරන අවස්ථාවේදී මෝටර් රියකින් පැමිණී නාඳුනන පුද්ගලයකු ඇයට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලා ගිය බවට ත්‍රීරෝද රථ රියදුරා පොලීසියට ප්‍රකාශ කර තිබුණා.
 
ප්‍රහාරයට ලක් වූ කාන්තාව මුහුණේ හා පපුවේ පිළිස්සුම් තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
තුවාලකාරිය කලක් තිස්සේ පත්තලගෙදර ප්‍රදේශයේ බේකරියක සේවය කර ඇතැයිද එහිදි ඇය බේකරියේ හිමිකරු හා සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද කියන පොලීසිය කාන්තාව බේකරි හිමිකරුගෙන් නිතර මුදල් ලබාගනිමින් හා වරින් වර මුදල් ඉල්ලමින් කරදර කර ඇති බවද හෙළි වී තිබෙනවා.
 
මේ බව බේකරි හිමිකරුගේ බිරිය දැනගැනීමෙන් පසුව කාන්තාව මරා දැමීමට තීරණය කළ එම යුවළ එම කටයුත්ත සිදුකිරීමට කෑගල්ලේ ඥාතියාට භාර දී තිබෙනවා.
 
මේ සඳහා රුපියල් 30,000ක් ගෙවීමට ද මෙම යුවළ කැමැත්ත පළ කර තිබෙනවා.
 
බේකරි හිමිකරු හා බිරිය කළ කුමන්ත්‍රණයකින් පසුව බේකරියේ සේවය කරන කාන්තාව දේවාලයකට කැඳවාගෙන යාමට සැලසුම් කර ඇතැයිද ඒ අනුව කෑගල්ලේ ඥාතියා කුලියට ගත් මෝටර් රියකින් ඔවුන් පසුපස පැමිණි බවද හෙළිවී තිබෙනවා.
 
රිය පැදවීම සඳහා කෑගල්ලේ ඥාතියාගේ හිතවතකු වන බුලත්කොහුපිටියේ තරුණයා කැඳවාගෙන ඇවිත් තිබෙනවා.
 
රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි බව කියන දෙදරු මව, බේකරි හිමියා පැදවූ ත්‍රිරෝද රියෙන් දේවාලයක පූජාවක් පැවැත්වීම සඳහා යමින් සිටියදී මල්ලැහැව වේයන්ගොඩ පාරේ වෙළඳසැලක් අසල තේ පානය සඳහා නතර වූ බව සඳහන්.
 
කාන්තාව තේ පානය කරන අවස්ථාවේ මෝටර් රථයකින් ආ පුද්ගලයෙකු කාන්තාව සමීපයට ගොස් ඇගේ පපුවට හා මුහුණට ඇසිඩ් ප්‍රහාර එල්ල කොට පලා ගොස් තිබුණා.
 
සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් මූලික ප්‍රතිකාර ලබා දී ගිලන් රියක් ගෙන්වා ගෙන කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා. පෙම් පලහිලව්වක් මත ඇති වූ විරසකයක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැකපහළ කර අතර ඒ ඔස්සේ විමර්ශන කරගෙන යද්දි මේ සියල්ල හෙළි කර ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරනවා.
 
සිද්ධිය වන අවස්ථාවේ සිටි බේකරි හිමියා වන ත්‍රීරෝද රියදුරු හා බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුව බුලත්කොහුපිටියේ තරුණයා හා මෝටර් රිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සිද්ධිය වූ දා බේකරි හිමියා වන ත්‍රිරෝද රථ රියදුරු පොලිස් විමර්ශනවලට සහය දක්වමින් එසේ දැනගන්නා තොරතුරු මෝටර් රථයේ පැමිණි සැකකරුවන්ට සපයා ඇති බවට පොලීසිය සැක කරනවා.
 
ත්‍රීරෝද රියද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
 
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරු අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා සැකකරු හා සැකකාරිය මිනීමැරිමට තැත් කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා මත ඊයේ (7) අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,826 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,210 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  168 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  388 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  649 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  519 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,692 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,284 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,422 Downloads



Top 10 Commenters

Latest Comments

Top