Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
" ඒ නිසා පුළුවන් දේ කරල පැත්තකට වෙන එක හොඳයි කියල මම හිතනවා..." - චාන්දනී හෙට්ටිආරච්චිගේ දියණිය කියයි - Photos

- " ඒ නිසා පුළුවන් දේ කරල පැත්තකට වෙන එක හොඳයි කියල මම හිතනවා..." - චාන්දනී හෙට්ටිආරච්චිගේ දියණිය කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,487 Views
"පෞද්ගලිකත්වයට බාධා වෙන නිසා මම ඒකට හරිම අකමැතියි.."

"මට කාවවත් පරද්දන්න ඕන නෑ.."

ගැයූ ගීත ප්‍රමාණය අතළොස්සක් වුවද ඒ සියල්ල රසිකයන් හදවතින්ම වැළඳ ගත්තෙත් ඇය එදා මෙන්ම අදත් සංගීත ක්‍ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රිය ගායිකාවකි. ගහේ කටු උල් කරන්නට ඕනෑ නැති බව නැවත වතාවක් සත්‍යයක් බවට පත් කළ ඇයට නොදෙවෙනි දියණියද අද සංගීත ක්‍ෂේත්‍රයතුළ වෙනස්ම මඟක ගමන් ගන්නීය. ඒ මව සහ දියණිය චාන්දනී හෙට්ටිආරච්චි, ජැකලීන් හෙට්ටිආරච්චි ඔවුන්ගේ අලූත්ම තොරතුරු කිව්වේ මේ විදිහටයි.

කොහොමද චාන්දනී
සංගීතය කියන මගේ රස්සාවයි ගෙදර දොරේ වැඩයි කරගෙන සංතෝෂෙන් ජීවත් වෙනවා.
 
මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වලනම් විශේෂ වැඩකට කෙරෙන්නේ මගේ ගේ අලූත්වැඩියා කටයුතු තමයි. මොකද මම තීරණය කළා මේ ගේ විකුණලා අලූත් ගෙයක් ගන්න.
 
මෑතකදී ඔබ සම්මානයකින් පුද ලැබුවා.
අනේ ඔව්. මම නොහිතපු විදියට සංගීතය වෙනුවෙන් කරන සේවය ඇගයීමක් වශයෙන් ගෞරව නාම සම්මානයක් හිමිවුණා. මා ඇතුළු තවත් ශිල්පීන් නව දෙනෙකුට එදා සම්මාන හිමිවුණා. දක්‍ෂ අයට සම්මාන හිමි නොවෙන කාලයක නොහිතපු විදියට ලැබුණ ඒ සම්මානය මට හරියට වටිනවා. මොකද සම්මාන කියන්නෙ ඕනෑම ක්‍ෂේත්‍රයක කෙනෙකුට එනර්ජ් එකක්. නව පණක්.
 
අදටත් ජනප්‍රිය ඔබේ පැරණි ගීත කිව්වොත්.
මගේ කිසිම ගීතයක් පැරණිය කියල කියන්න මම කැමති නෑ. ලොකු ගීත ප්‍රමාණයක් මම කරල නෑ. මේ දක්වා මම කරල තියෙන්නේ සීඞී තැටි තුනයි. එයින් අන්තිම එක කළේ 2007 වසරේ. එදා මෙදා තුර ආපු හැම ජෙනරේෂන් එකක්ම මගේ ඒ ගීත අලූත්කර කර රස විඳිනව කියන එක මම දන්නව වගේම දකිනවා. ඒ තුළ මගේ ගීත පැරණි නෑ.
 
ඒ නිසාද අලූත් නිර්මාණ කරන්න උනන්දුවක් නැත්තේ.
අලූත් ගීත නොකරනවම නෙමෙයි. මේ යන අතරේ ඒවත් සිද්ධ වෙනවා. ඒත් එහෙමයි කියල මම ඒව ජනප්‍රිය කරන්න උනන්දු වෙන්නෙ නෑ. ටිකෙන් ටික කාලයක් එක්ක ඒවා ජනප්‍රියා වේවි.
 
දැන් චාන්දනීලට ඉස්සර වගෙ ආරාධනා නෑ නේද?
මූලිකම දේ ආරාධනා ලැබෙන්න ප්‍රසංග පැවැත්වෙන්න ඕන නේ. ප්‍රසංග වැඩි වශයෙන් පැවැත් වුණු කාලවලදී පවා මට ආරාධනා දහයක් ලැබුණොත් මම එයින් භාර ගන්නෙ තුනයි. මොකද භාර ගත්ත වගේ නෙවෙයි කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනව නේ. අද වෙද්දී මගේ සංගීත කණ්ඩායමේ කටයුතුත් එක්ක තියෙන කාර්ය බහුලත්වය නිසා ආරාධනා මම භාර ගන්නෙම නැති තරම්. ඒත් එදා ඉඳල මගේ ගීත රස විඳිමින් මා වටා ඉන්න රසිකයන්ට අසාධාරණයක් කරන්න බැරි නිසා තමයි ඉඳල හිටල හරි ප්‍රසංග වේදිකාවට එන්නේ. ඒ ඔවුන්ට කෘතගුණ සැළකීමක් විදියට.
 
අලූත් පරපුර එක්ක තරග කරන්න පුළුවන් කියල ඔබ හිතනවද?
තරග කරනවනම් කරල ඉහළින්ම ජයග්‍රහණය අත්කර ගන්න පුළුවන්. ඒත් මම කවදත් ඔය අනවශ්‍ය තරගකාරීත්වයට අකමැති චරිතයක්. මට කාවවත් පරද්දන්න ඕන නෑ. මම අදටත් එදා හිටපු චාන්දනී හෙට්ටිආරච්චිම තමයි.
 
අලූත් පරපුර ගැන මොකද හිතෙන්නෙ?
අපෙන් පස්සේ මේ ක්‍ෂේත්‍රයේ පැවැත්මට අලූත් පරපුරක් බිහිවිය යුතුමයි. ඒ සඳහා දක්‍ෂ පිරිසක් ඉන්න බව පේනවා. ඒ හැමෝම තම තමන්ගෙ හැකියාවන් හඳුනගෙන හොඳ නිර්මාණ තුළින් ක්‍ෂේත්‍රය ජයගත යුතුයි. මුදල ජනප්‍රියත්වය ඉස්මතු කරගන්නෙ නැතුව පොළවේ පය ගහල ඉන්න අය වුණොත් මේ කිසිම දක්‍ෂයෙකුට වරදින්නෙ නෑ.
 
ඔබේ සංගීත කණ්ඩායම ගැනත් විස්තර ටිකක් කියමුද?
මගේ සංගීත කණ්ඩායම C & C‍ එහි වාදන කටයුතුවලට 4 දෙනෙකුත් ගායනයට තුන් දෙනෙකුත් ඉන්නවා. බටහිර ආරෙට වැඩි නැඹුරුවක් තියෙන නිසා හෝටල් වලත් විදේශ සංචාරත් ඩිනර් ඩාන්ස් වගේ අවස්තාවල්වලට අපිට ගොඩක් බුකින්ස් ලැබෙනවා. ඒ ඇරෙන්න අපි වෙඩින්ස්වලටත් යනවා.
 
එදා ක්‍ෂේත්‍රයේ තිබුණ තැන තාම තියෙනව කියල ඔබට හිතෙනවද?
මට හිතෙන්නෙ සංගීත ක්‍ෂේත්‍රයේ එදා මට තිබුණ තැනට වඩා තැනක් අද තියෙනව කියලා. දවසින් දවස මම රසිකයො අතරට යනව මිසක් ඔවුන්ට මාව එපාවෙලා නෑ කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්.
 
දියණිය ජැකලීන්ගේ සංගීත හැකියාවන් ගැන මොකද හිතෙන්නෙ?
ඇය ඇගේම ස්ටයිල් එකකට මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන කෙනෙක්. ඇත්තටම ඒ ගැන මට සතුටුයි. හොඳ දේ තෝරාගෙන ඉදිරියට යන්න හොඳ දැනුමක් තියෙන නිසා දුවට ලොකුවට ඒ ගැන පැහැදිලි කරල දෙන්න උවමනා නෑ. කවද හරි ක්‍ෂේත්‍රය තුළ වෙනස්ම දෙයක් කරයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.
 
ඇයත් එක්ක ප්‍රසංගයක් කළොත් නරකද?
එහෙම විශේෂ බලාපොරොත්තුවක් නෑ. පුංචි කාලෙ ඉඳලම මම කරපු විවිධ කොන්සර්ට් වලට ඇය ගායනයෙන් සහභාගි වුණා. ඉදිරියේදී අපි ප්‍රසංගයක් කරන්නත් පුළුවන් සමහර විට.
 
සමකාලීනයන්ගෙ දරුවොත් එක්ක බලද්දී ජැකලීන් ඉදිරියට ආව මදි කියල හිතෙන්නෙ නැද්ද?
ඒකනම් එහෙම තමයි. ඒත් ඒ ගැන මම පසුතැවෙන්නෙ දුක්වෙන්නෙ නෑ. මොකද ෆීල්ඞ් එකේ මට තරගයක් නෑ වගේම මගේ දුවටත් එහෙම වෙන්න ඇති. මේ යන ගමනේදී ඇය මාව අනුගමනය කරනවනම් හෙමින් ගියත් ඇගේ ඉදිරිය සාර්ථකයි පැහැදිලියි.
 
 
 ජැකලීන් හෙට්ටිආරච්චි
 
 
අම්මා නිසා නේද ජැකලීන්ට ගායිකාවක් වෙන්න අවස්ථාව උදාවෙන්නේ.
ඔව්. ඇය තමයි මම අදහන වීරවරිය. කොහොමටත් මම පුංචි කාලේ ඉඳලම ගෙදර තිබුණෙම ගායනය, වාදනය කියන සංගීත පසුබිම. ඒත් එක්ක මගේ සහජ හැකියාවනුත් එකතු වීම තමයි මම ගායිකාවක් වෙන්න බලපාන්න ඇත්තේ.
 
ඒ කාලේ විෂයක් හැටියට සංගීතය හැදෑරුවද?
මම ඉගෙන ගත්තෙ වැල්ලවත්තෙ ශාන්ත ලෝරන්ස් විදුහලේ. විෂයක් හැටියට සංගීතය ඉගෙන ගත්තෙ නැති වුණාට පාසලේ සියලූම සංගීත කටයුතුවලට මම සහභාගී වුණා.
 
අම්මගෙ ගීත කියල ඉදිරියට යන්නද ඔබේ සූදානම?
ඒක මම අකමැතිම දෙයක්. මගේ අනන්‍යතාවය හදාගෙන ඉදිරියට යන ගමන් අම්මගෙ සිංදු කියන්න වෙන අවස්ථා උදාවෙනවා. විශේෂයෙන්ම ටී.වී. වැඩසටහන්වලදී  අම්ම තාත්තගෙ ගීත අපෙන් බලාපොරොත්තු වෙන වෙලාවල් තියෙනවනේ.
 
සිංදු කියන්න ගිහින් රඟපාන්න අවස්ථාව ලැබිල නැද්ද?
අවස්ථාව ලැබිල එකම සැරයක් මම සහභාගි වෙලත් තියෙනවා. ඇත්තම කියනවනම් මගේ ඇගේ  රංගන හැකියාව නෑ. ඒ නිසා පුළුවන් දේ කරල පැත්තකට වෙන එක හොඳයි කියල මම හිතනවා.
 
ජීවිතය ජයගන්න හිතාගෙන ඉන්නෙ සංගීතයෙන්ද?
ඉස්සර මම ජොබ් එකක් කළා. ඒ අතරේ සංගීත කටයුතුවල නියැළෙන එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා මම එයින් ඉවත් වෙලා සම්පූර්ණයෙන් කාලය සංගීතයට යොදවන්න හිතුවා. නැත්නම් එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා.
 
අම්මගෙන් ඔබේ සංගීත කටයුතුවලට ලැබෙන සහයෝගය මොන වගේද?
අම්ම වගේම තාත්තිත් මේ ගමනට ලොකු සහයෝගයක් දුන්නා. මාතුළ සංගීත හැකියාවන් තිබුණට එයාල මාව පුෂ් කළේ නෑ සංගීතයම කරන්න. මම කැමති විදිය තෝරාගෙන ඉදිරියට එන්න අත දුන්නා. ඒක තමයි මටදුන්න ලොකුම සහයෝගය.
 
බොහෝ ගායක ගායිකාවන්ගෙ දූ දරුවෝ එකට එකතුවෙලා වැඩ කරනවා. ඔබ ඒ සඳහා එකතු නොවන හේතුව.
මම වැඩිපුරම නියැළෙන්නෙ වෙස්ටර්න් මියුසික්වල නිසයි මම හිතන්නෙ එහෙම වෙන්නේ. ඒත් අපි එකතුවෙලා වැඩ කරන අවස්ථා තියෙනවා. කසුන් පැස්කුවල්ගෙ කොන්සර්ට් වලට මම සහභාගි වුණා.
 
ඔවුන් සමග තිබෙන සම්බන්ධය මොන වගේද?
කසුන්, ගයාන්, නදිමාල් වගේ ඒ හැමෝම මගේ හොඳම යාළුවෝ. අවශ්‍ය වෙලාවට අපි හමුවෙනව.
 
ජැකලීන් ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නෙ?
මගේ ක්‍ෂේත්‍රය තුළ මම කැමති ජනප්‍රිය වෙනවට වඩා දක්‍ෂ වෙන්න. ඇත්තම කිව්වොත් ජනප්‍රිය වෙන්න වෙන්න පෞද්ගලිකත්වයට බාධා වෙන නිසා මම ඒකට හරිම අකමැතියි. වැඬේ හරියට කරල පාඩුවේ ඉන්න නැති වුණාම ජනප්‍රියත්වය හිසරදයක් වෙනව ඉබේම.
 
කවදාහරි ඔබේ සහකරු සංගීත ක්‍ෂේත්‍රයෙන් ඔබව ඈත් කළොත්?
ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ඔහු මටත් වඩා සංගීතයට කැමති කෙනෙක්. ඒ නිසා මගේ සංගීත ජීවිතේට ඔහුගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්.
 
අනාගත බලාපොරොත්තු මොනවද?
මම අලූතෙන් එකොස්ටික් බෑන්ඞ් එකක් පටන් ගත්තා බර්බර්න් බ්ලූස් කියල. ඒකත් එක්ක මගේ සංගීත කටයුතු දියුණු කරගෙන මගේ ස්ටයිල් එකට වැඩක් කරගෙන රසිකයන්ට හොඳ සංගීත රසාස්වාදයක් ලබාදෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.
 
 ධම්මික හේවාවසම්
 දිවයින



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  5 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,836 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,232 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  172 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  394 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  657 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  520 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,699 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads



Top 10 Commenters

Latest Comments

Top