Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කවදාද...? - එකම වරද දිගින් දිගටම සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන පිලිබඳ පසු විපරමක්

- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කවදාද...? - එකම වරද දිගින් දිගටම සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන පිලිබඳ පසු විපරමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
තවදුරටත් මෙරට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව වල පල්ලටම ගොස් තිබෙන බව මනාව තහවරු වූ තරගාවලියක් ලෙසින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉතිහාසයට එක්වුණා.

එකම වරද දිගින් දිගටම සිදුකිරීම පුරුද්දක් කරගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කවදාද...?

මේ මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳ පසු විපරමක්.
 

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් 2017 වර්ෂයේ අග භාගයේදී චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරනුයේ මසකට ලක්ෂ 80කට ආසන්න වැටුපකට යටත්වයි.

ඒ වනවිටත් පරාජයේ ආශ්වාදය වැඩිපුර විදිමින් සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාව එම අගාධයෙන් ගොඩ ගැනීම ඔහුගේ පළමු වගකීම වුනා.

ඒ නිසාම කණ්ඩායම පුහුණුකිරීමේ වගකීමට අමතරව කණ්ඩායම තේරීමේ අවසන් බලයත් හතුරුසිංහටම පිරිනමන්නට එවක ක්‍රිකට් පරිපාලනය පියවර ගත්තා.

නමුත් දිනෙන් දිනම ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාව චන්දික හතුරුසිංහගේ ගුරුහරුකම් යටතේද තව තවත් වලපල්ලට යෑම නිසා තත්ත්වය තවත් සෝචනීය වුනා.

ඒ සෑම අවස්ථාවකදීම ඔහු මාධ්‍ය හමුවේ පාරම් බෑවේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සිය අවසන් ඉලක්කය බවයි.

ක්‍රීඩාව එසේ කඩා වැටෙද්දී කණ්ඩායමේ ක්‍රීඩකයින්ද පිල් වලට බෙදී සිය පෞද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන්ම පමණක් කටයුතු කළා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා වෙනුවට සම හරක් ක්‍රීඩකයින් සිය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට පියවර ගනිද්දී විනයක් නැති සම හරක් ක්‍රීඩකයින් සිය අසාර්ථකත්වය වසා ගැනීමට මෙරට ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් උගන්වන්නට පියවර ගත්තා.

හතුරුසිංහ පුහුණුකරු ධුරයට පත් වූ දා පටන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සුක්කානම චන්දිමාල්,මැතිව්ස්,තිසර සහ මාලිංග අතර හුවමාරු වූ අතර අවසානයේදී මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වාසනාව උදා වුනේ වසර 4කින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාංගනයකට පා නොතැබූ දිමුත් කරුණාරත්නටයි.

චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා එක්දින නායකයින්.

තිසර පෙරේරා
ඇන්ජෙලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ලසිත් මාලිංග
දිමුත් කරුණාරත්න

සෙසු රටවල් ලෝක කුසලානයට වසර ගණනාවකට පෙර පටන් සිය සැලසුම් ක්‍රියාත්මක කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවසන් මොහොත තෙක් සංචිතය නම්කර ගත නොහැකිව ලත වුනා.

එහි අවසන් ප්‍රතිපලය වුනේ ජීවන් මෙන්ඩිස්,ජෙෆ්රි වැන්ඩර්සේ,මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට උඩින් පාත් වීමයි.
 
දැන් කලක පටන් කටින් පමණක් ක්‍රිකට් ගසන මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එංගලන්තය බලා යන්නේ මෙවන් පසුබිමක් තුලයි.

වැස්ස වලාහක දෙවියන්ට පින්සිදු වන්නට ටික දිනක් ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන අතර රැදෙන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියේ මැද භාගයේදී සෙසු කණ්ඩායම් වල පිහිටෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන්නට මාන බැලුවා.

නමුත් අවසන් මොහොතේ ඔවුන්ගේ එම ලැජ්ජා සහගත උත්සාහයත් ව්‍යර්ථ වුනේ ඕනෑම ක්‍රීඩාවකට වාසනාවට වඩා දක්ෂතාව වඩා වැදගත්ම සාධකය බව පසක් කරමින්.

වසර 4කට පමණ පසු එක්දින ජාත්‍යන්තර තරග බිමට පිවිසි දිමුත් කරුණාරත්න සාර්ථක වෙද්දී කුසල් ජනිත් ද එම මගම ගත්තා.

වත්මන් තේරීම් කමිටුවේ අනුකම්පාව නොඅඩුව ලබන ලහිරු තිරිමාන්නට පින්සිදු වන්නට තරග 5ක් බංකුවේ සිටි නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ සිය පිත්තේ හඬ පමණක් අවදි කරමින්.

සියල්ල අවසන් වූ පසු මැතිව්ස් සිය පිත්තට පණ දුන්නත් ඒ හරහා කණ්ඩායමට ලැබුනේ කුමක්ද යන්න පිළිබඳව ඔහුම විමසා බැලිය යුතු වනවා.

අසාර්ථකත්වය පමණක් කණ්ඩායමේ රැදී සිටින්නට තරම් හේතුවක් කරගත් කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලියේ ඇතැම් තරග වලදී ගොඩ නැගූ අනවශ්‍ය පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට සෘජු බලපෑමක් එල්ල කළා.

කණගාටුවට කරුණ වන්නේ දැන් කලක පටන් එක්දින පිටියේ දිගින් දිගටම අසාර්ථක වන දක්ෂතාවන්ගෙන් පරිපුර්ණ කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයෙකුගේ අනාගතය සමග සෙල්ලම් කිරීමට තරම් මෙරට ක්‍රිකට් කරවන්නන් අකාරුණික වීමයි.

තිසර පෙරේරා,ජීවන් මෙන්ඩිස් ,මිලින්ද සිරිවර්ධන තමන් ක්‍රීඩා කරන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් බව හිතා මතාම අමතක කර තිබුනා.

මෙවර ලෝක කුසලාන දක්ෂතා
                             තරග                ලකුණු                කඩුලු
තිසර පෙරේරා           06                     61                    01
ජීවන් මෙන්ඩිස්          03                      19                    00
මිලින්ද සිරිවර්ධන       01                     03                    00

එකම විශේෂඥ දඟ පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබූ ජෙෆ්රි වැන්ඩර්සේ මෙම තරගාවලියේ වැඩි දිනක් ගතකලේ නරඹන්නෙකු ලෙසයි.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හුදකලා සටනක නිරතවුණු එකම පන්දු යවන්නා වුනේ ලසිත් මාලිංග පමණයි.

සිය පන්දු හමුවේ ප්‍රතිවාදීන් ලබා දුන් පහසු උඩපන්දු සිය සගයින් අතින් ගිලිහී යද්දී මාලිංග සිය අවසන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමු දුන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ තෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින්.

තමන් කයිවාරු කාරයෙක් පමණක්ම නොවන බව ලසිත් මාලිංග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදීත් මොනවට පෙන්නුම් කලා.

කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණඩායම වෙලාගෙන ඇති අර්බුද රැසක් තවදුරටත් එලෙසින්ම ඉතිරිකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසි වුනා.

ඒ වසර 20කට පමණ පසුවයි.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමා වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය හිමිව තිබුනා.

ආපසු හැරී බැලීමේදී එයද සැලකිය යුතු ප්‍රගතියක් බවයි අපගේ හැගීම.

හෙට දිනයේදී ඔවුන් මෙරටට පැමිණි පසු සුපුරුදු පරිදිම මාධ්‍ය ඉදිරියේ සිය අඩුපාඩු වසා ගන්නට කයිවාරු ගසනු ඇති.

නමුත් කණගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්ම බලධාරීන්ද දැන් කලක පටන් කයිවාරු කරුවන් පමණක්ම බවට පත්ව සිටීමයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top