Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
"දවසට එක එක විදිහේ මිනිස්සු හත අටක් එක්ක ඉන්න වුණා..." - අවලස්සනයි කියලා සමාජයෙන්ම කොන්වූ සේපාලිකා, කොළඹ ස්පා එකකදී ජීවිතය වරද්දා ගත් හැටි - Video

- "දවසට එක එක විදිහේ මිනිස්සු හත අටක් එක්ක ඉන්න වුණා..." - අවලස්සනයි කියලා සමාජයෙන්ම කොන්වූ සේපාලිකා, කොළඹ ස්පා එකකදී ජීවිතය වරද්දා ගත් හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,954 Views
අකැමැත්තෙන් වුණත් මට සිද්ධ වුණා ඒ ජිවිතේට මූණ දෙන්න..
 
මම ඒ රස්සාවෙන් දවසට දහ පහළොස්දහා හම්බ කළා..
 
සමහර දේවල් නිරාවරණය වෙද්දි අපිට ජිවිතේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒ දේවල් අනාවරණය වීමයි වැදගත්. මොනා උනත් අපි කාගේ කාගෙත් ජිවිතවල සැඟවුණු තැන් වැඩියි. මේ සැඟවුණු තැන්වල අඳුරු රහස් මතකයන් අන්නතයි අප්‍රමාණයි. ඒ රහස් අවකාශයේ පියාඹන්න ගත්තොත් අපිට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
 
මිනිස්සු උපතින්ම දුප්පත් වෙන්නේ ඒ මිනිසුන්ගේ වරදින් නෙවෙයි. දුප්පත්කම ලියාගෙන ඉපදුණු තවත් තරුණියක් ගැන කතාවක්. ඒ නිසා, හැඟීම් ගණුදෙනුවට පෙර මොහොතක් සිතන්න...
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 84 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව සේපාලිකා ගැනයි.

සේපාලිකා කියන්නේ දුප්පත් කෙල්ලෙක්. අඟහිගකම් මැද්දේ ජිවත් වෙච්ච ඇයට හිටියේ අම්මයි, අයියයි විතරයි. වෙනත් සම්බන්ධයක් නිසා සේපාලිකාගේ තාත්තත් අම්මගේ දික්කසාද වෙලායි හිටියේ. මේ නිසාම සේපාලිකාගේ වගේම එයාගේ අයියගේ බර කරට ගත්තේ සේපාලිකාගේ අම්මා.
 
එන්න එන්නම නැතිබැරිකම්වලින් බැට කනකොට සේපාලිකාට ඇගේ පාසල් ගමන අත්ඇරලා දාන්න හිතෙනවා. ඒත් අප්පෙක් නැතුව හදපු දරුවට තව ඉගෙන ගන්න කියපු අම්මා කුලී වැඩ කරමින් මුදල් හෙව්වා. ඔය අතරතුරදී තමයි සේපාලිකාගේ අයියට රට යන්න අවස්ථාවක් ලැබුණේ. ඉඩමේ ඔප්පුව තියලා අයියව රට යැව්වට පස්සෙ සේපාලිකාගේ අම්මගේ හිතට නිදහසක් දැනෙන්න ඇති.
 
ඒත්... අධ්‍යාපනයට හිත නොගිය සේපාලිකා ඒ වෙද්දි ආදරවන්තියක් වෙලයි හිටියේ. ත්‍රීවිල් පාක් එකේ වසන්ත අයියා තමයි ඇගේ හිත ගත්ත පෙම්වතා වුණේ. මේ පෙම්වතුන්ගේ කතන්දරය කවුරුත්ම නොදැන රහසින්ම සිද්ධ වුණත්, කාලය ගෙවෙද්දි ඒ ගැන සේපාලිකාගේ අම්මා දැනගන්නවා. ඉතින් ඊටපස්සෙ ඒ සම්බන්ධය නවත්තන්න කියලා අම්මා කියපු වාර අනන්තයි. අවසානයේ මේ ප්‍රේම කතාවට වසන්තගේ ගෙදරිනුත් විරෝධය එන්න එන්නම වැඩිවුණා. ඒ අය කිව්වේ සේපාලිකා අවලස්සන කෙල්ලක් කියලයි.
 
මේ මොන දේ සිද්ධ වුණත් වසන්ත නම් සේපාලිකව අතඅරින්න ලෑස්ති නැහැ. ඉතින් අවසානයේ මේ දෙන්නා තීරණය කරනවා, මවුපියන්ට ද්‍රෝහිවෙලා පැනලා යන්න. ඒ තීරණය තමන්ගේ ජිවිතේ ගත්තු ලොකුම වැරදි තීරණය බව ආදරෙන් අන්ධ වෙලා හිටපු සේපාලිකාට තේරුණේ නැහැ.
 
වසන්ත එක්ක දිග කාලයක් සතුටින් ජිවත් වුණත්, කාලය ගතවෙද්දි වසන්තව නොහිතපු විදිහට පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. එදා තමයි සේපාලිකා දැනගන්නේ වසන්ත, ත්‍රීවිල් රස්සාවට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමකත් නිරත වෙලා විත්තිය. මේ නිසාම වසන්තට අවුරුදු දෙකකට සිරදඬුවම් නියම වෙනවා.
 
ගෙදර කුලීයවත් ගෙවාගන්න බැරුව අන්ත අසරණ වුණු සේපාලිකාට තිබුණේ එකම විකල්පයයි. ඒ තමයි කොහොමහරි සල්ලි ටිකක් හොයාගන්න රස්සාවක් කරන එක. අංජලි කියන්නේ සේපාලිකාගේ යාළුවා. සේපාලිකා ඉන්න තත්ත්වය ගැන හොඳ හැටි දන්න ඇය සේපාලිකාට අඬගහනවා රස්සාවකට කොළඹ යන්න. කරන්නම දෙයක් නැති තැන වසන්ත අයියගෙනුත් අවසර අරගෙන සේපාලිකා කොළඹ රටට යන්න කැමති වෙනවා.
 
නමුත්... අංජලි, සේපාලිකාව එක්කන් ගිය තැන දකින තරම් සුන්දර තිප්පොළක් වුණේ නැහැ. ඒක සම්බාහන මධ්‍යස්ථානයක් කියලා කිව්වත් ඊට එහා දෙයක් එතන සිද්ධ වෙනවා කියලා සේපාලිකා කල් ගත වෙද්දි දැනගන්නවා. ඒත් තමන්ට මුදල් අවශ්‍ය නිසාත්, වසන්ත අයියව බේරාගන්න උවමනා නිසත්, ඇය මේ රස්සාවට පයින් ගහන්න හිතන්නේ නැහැ. අන්න ඒ විදිහටයි සේපාලිකා මුදලට තමන්ගේ ඇඟ විකුණන ගැහැණියක් බවට පත් වුණේ.
 
මුදල් යහමින් හම්බවෙනකොට මේ තරම් සුන්දර රස්සාවක් නැහැ කියලා ඇය හිතන්න ගත්තා. නමුත් ඒ හැමදාටම නම් නෙවෙයි. සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය වුණු මැඩම්, දවසක් මේ හැමෝටම ලේ පරීක්ෂා කරගෙන එන්න කියනවා. ඒ ගිය ගමන තමයි, සේපාලිකා දැනගන්නේ තමන් කවුරුත් නොදැන සමාජ රෝගයකට ගොදුරු වෙලා කියලා.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
සේපාලිකාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,829 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,213 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  168 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  389 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  653 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  519 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,693 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,428 Downloads



Top 10 Commenters

Latest Comments

Top