Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
"ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර තමයි වැඩි, ඒ මගේ දඟකාරකමට වෙන්න ඇති..." - හුස්මක් තරමට ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවන සංගීත් ප්‍රභූ - Photos

- "ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර තමයි වැඩි, ඒ මගේ දඟකාරකමට වෙන්න ඇති..." - හුස්මක් තරමට ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවන සංගීත් ප්‍රභූ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,582 Views
අයෙත් ඉස්කෝලෙ යනවා හුස්මක් තරමට නාට්‍යයේ...

ගෑනු ළමයෙක් ඉස්සර හිටිය දැන් නම් නෑ...

මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර දක්නට මුහුණු අතරේ දඟකාර ආදරණීය චරිතයක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ. කලා ක්ෂේත්‍රයට එක්ව සිටින වර්තමාන රංගන ශිල්පීන් අතරේ ඉදිරියෙන්ම සිටින චරිතයක් වන සංගීත්, මේ දිනවල හිරු ටීවි ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8ට විකාශය වන 'හුස්මක් තරමට' ටෙලි නාට්‍යය තුළිනුත් අපිට මුණ ගැහෙනවා. මේ ඔහු ගැනයි........

සංගීත් ආයෙත් ඉස්කෝලේ යනවා නේද?
ඔව්නේ, ආයෙත් ඉස්කෝලේ යනවා. " හුස්මක් තරමට" නාට්‍යයේ. ඒක හරි අමුතු හැඟීමක්. ආයෙත් ඉස්කෝලේ යනවා වගේ තමයි.

මේ "රුචික" කියන චරිතය කරද්දී පාසල් කාලේ කරමු දඟවැඩ එහෙම මතක් වෙනවද?
පාසල් කාලේ කළේම දඟවැඩ තමයි. මම පාසල් තුන හතරකටම ගියා. ඒ එක පාසලකින්වත් හොඳක් අහගෙන නෑ. වැඩිපුරම බැනුම් තම‍යි අහල තියෙන්නේ. මගේ අම්මාත් ගුරුවරියක්. සංගීතය ඉගැන්නුවේ. ඉතින් අම්මගෙ ස්ටාෆ් එකේ ඉන්නේ මගේ ගුරුවරුනේ. ඒ කාලේ ඉතින් බැණුම්ම තමයි. පීරියඩ් කට් කරලා තමයි අනන්තවත් බැනුම් අහලා තියෙන්නේ. ඉංග්‍රීසි, ගණිතය පීරියඩ්වල හිටියෙම නෑ. එක වතාවක මම 10 වසයෙදි වගේ ටීච කෙනෙකුට මගේ අතින් බෝලයක් වැදිලා පැය එක හමාරක් දණ ගහගෙන ඉඳලා තියෙනවා.

මේ දඟ වැඩත් එක්ක සංගීත්ට මේ චරිතය කරන්න අපහසුවක් නැති වෙන්න ඇති?
ඔව්, ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. සාමාන්‍ය විදියට අරගෙන ගියා. අලුත් දෙයක් එකතු කරන්න ඕනෑ වුණේ නැහැ. රංගනයක් නැති තරම්. වෙනසක් නෑ. වෙනසකට තිබුණේ " සතුටු වෙන්න" කියලා වචනයක් එකතු වුණ එක විතරයි. ඉතින් මම හිතනවා සාධාරණයක් කළා කියලා මේ චර්තයට. ලැබෙන ප්‍රතිචාරත් ගොඩක් හොඳයි.

ඇත්ත ජිවිතේ මොන වගේ කෙනෙක්ද?
හරි සරල පාඩුවේ ජීවත්වෙන කෙනෙක්

සංගීත්ට වැඩිපුර ලැබෙන්නේ සෙල්ලක්කාර චරිත නේද?
ඔව්. මගේ වයසත් එක්ක වෙන්න ඇති මට ඒ චරිත ලැබෙන්නේ. "හුස්මක් තරමට" චරිතය සෙල්ලක්කාර පැත්තට බර‍යි.

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?
මම පොඩි කාලෙ ඉඳන්ම ක්ෂේත්‍රයට කැමතියි. මටත් වඩා මගේ අම්මා තමයි කැමැත්තෙන් හිටියේ මාව නළුවෙක් කරන්න. මගේ නමත් දාලා තියෙන්නේ සංගීත් ප්‍රභූ කියලා ඒ නිසා. "ප්‍රභූ" කියන්නේ අම්මා කැමතිම නළුවෙකුගෙ නමක්. ඉතින් මමත් ටික ටික මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ ආසාව නිසාම මම පාසලේදී හැදෑරුවෙත් නාට්‍ය හා රංග කලාව. පාසල් කාලෙ අවසන් වුණාම මම රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක මහත්වරුන්ගේ දුරුතු සිනමා පාසලට සම්බන්ධ වුණා. ඒ හරහා ආපු ගමනක් තමයි මේ.

දැන් අම්මට සතුටු ඇති පුතාගේ හැකියාවන් දැක්කම?
ඔව්. අම්මා ගොඩාක් සතුටින්. අම්මත් සංගීත ගුරුවරියන් නිසා කොහොමත් අපෙ පවුල කලාව පැත්තට නැඹුරුවක් තිබුණා.

සංගීත්ගේ ඉලක්කය වුණෙත් නළුවෙක් වෙන්න?
ඔව් මට පොඩි කාලේ ඉඳන්ම ගහලා තිබුණේ නළු උණ තමයි.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
නළුවෙක් වෙන්න ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්. පාරේ ගියත් කට්ටිය හඳුනාගෙන කතා බහ කරනවා. හොඳට රඟපානවා කියනවා. ඒ විදියට ආදරයක් ප්‍රතිචාරයක් ලැබෙද්දී සතුටුයි. මිනිස්සුන්ගේ ප්‍රතිචාර තමයි හුඟක්ම වැදගත්.

වැඩි ප්‍රතිචාර ගෑනු ළමයින්ගෙන් නේද?
ඔව්. පොඩි එහෙම දෙයක් තියෙනවා. ඒ මගේ දඟකාරකමට වෙන්න ඇති.

මේ දඟකාර සංගීත්ගේ හිත ගත්ත විශේෂ ගෑනු ළමයෙක් එහෙම නැද්ද?
හිටියා. මේ දවස්වල නම් නැහැ.

"ලංකාදීප"
ධනූ විජේරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,011 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,703 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,588 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,072 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top