Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
"මම බබා වගේ නිවිලා ඉන්න කැමැති නැහැ. එයාට වුණත් කියන දේ කෙළින් කියනවා..." - ෂෙරිල් ඩෙකර් - Photos

- "මම බබා වගේ නිවිලා ඉන්න කැමැති නැහැ. එයාට වුණත් කියන දේ කෙළින් කියනවා..." - ෂෙරිල් ඩෙකර් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,991 Views
"අපි තමයි සර්ව සම්පූර්ණ යුවළ කියලා අපි කියන්නේ නැහැ.."
 
"දෙවියන්ගේ ආශීර්වාදය එක්ක ඒ හැම දෙයක්ම ලැබෙයි..."
 
ෂෙරිල් ඩෙකර් කියන නම කාටත් හුරු පුරුදුයි. නිරන්තරයෙන්ම නොදැක්කත් ෂෙරින්ගේ ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ. විවිධ කතන්දර එක්ක නිහඩව ඉන්න ෂෙරිල් ඇගේ ඉදිරි නිර්මාණ ගැන වගේම පුද්ගලික ජිවිතේ තොරතුරු බොහෝමයක් සතිඅන්ත පුවත්පතකට කියා තිබුණා. මේ ඇය ගැනයි....

කොහොමද ෂෙරිල්?
වරදක් නැහැ. හොඳින් ඉන්නවා.
 
අලුත් වැඩ භාර ගත්තද?
මම ඉතින් අවුරුද්දකට එක නිර්මාණයක් වගේනේ කරන්නේ. අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් ඒවට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ තාම.
 
ඇයි ඒ?
මම එක දිගට වැඩවල පේන්න ඉන්න ආසා නැහැ. හොඳ දෙයකට ඉඳලා හිටලා සම්බන්ධ වෙනවා. මටත් සාධාරණයක් වෙන අනෙක් අයටත් සාධාරණයක් වෙන දෙයකට තමයි මම සම්බන්ධ වෙන්නේ.
 
හැමෝම කැමැති වැඩ ලැබෙනවට. ඒ වගේම නිතරම ප්‍රේක්‍ෂකයන්ට පේන්න ඉන්න. ෂෙරිල්ට එවැනි වුවමනා නෑ වගේ?
මම සාමාන්‍යයෙන් වෙනස්. ප්‍රසිද්ධ වෙන්න ඕන, හැම තිස්සේම පේන්න ඕන කියන වුවමනා මට නැහැ. මම කරන දේ මට හොඳ දෙයක් වෙන්න ඕන. අපි ඕන කෙනෙක්ට වටිනාකමක් තියෙනවනේ. මම අඩුවට වැඩ කරන්නේ නැහැ.
 
ඒ කියන්නේ මුදල ගැන හිතලමද ෂෙරිල් වැඩ කරන්නේ?
සල්ලි මත්තෙම නැහුණා නම් මම හැම නිර්මාණයකම පේන්න ඉන්න ඕනේ. ඒත් මම එහෙම නැහැ. පිටපත හොඳ නම් මම ඉඳලා හිටලා හරි නිර්මාණයක් කරනවා.
 
ලැබෙන වැඩවලට බෑ කියලා ක්‍ෂේත්‍රයේ අය තරහා කරගෙන නැද්ද?‍
මාත් එක්ක කවුරුහරි තරහයි කියලා මම හිතන්නේ නැහැ. මට ගැළපෙන්නේ නැතිනම් කෙළින්ම කියනවා. මම පොරොන්දු වෙලා ඒ වැඩේ කළේ නැත්නම් තමයි එයාලා මාත් එක්ක තරහා වෙන්න ඕන. මම එහෙම කරන්න බැරි නම් වැඩ භාරගෙන නැහැ.
 
තමන්ගේ අගය ආරක්‍ෂා කර ගන්නද ෂෙරිල් මහන්සි වෙන්නේ?
මෙහෙමයි. දැන් ගොඩක් ගැහැනු ළමයි තමන්ගේ අගය ආරක්‍ෂා කර ගන්නවා අඩුයිනේ. සමහරු මේ අවුරුද්දේ වැඩක් කරලා ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ පේන්න නෑ. අපි කරන්නන් වාලේ වැඩ කරලා තේරුමක් නැහැ. මම කරපු චරිතවලින් ප්‍රේක්‍ෂකයන්ට මාව මතකයි. නිර්මාණ පනහක්, සීයක් කරන්න නෙමෙයි කරන නිර්මාණ එකෙන් හෝ දෙකෙන් හරි ප්‍රේක්‍ෂකයන්ට මතකයේ රැඳෙන දෙයක් කරන එකයි වැදගත්.
 
බොහෝ වෙලාවට පුංචි තිරයේ ෂෙරිල්ගේ පෙම්වතා වෙන්නේ විශ්ව නේද?
ඔව්. එයාව තමයි මට ගොඩක් වෙලාවට එකට රඟපාන්න මුණගැහෙන්නේ. පුංචි තිරයේදී මට ගැලපෙන්නේ විශ්ව වෙන්න ඇති. ඒකනේ එයාවම මට ගොඩක් වෙලාවට එකට රඟපාන්න ලැබෙන්නේ.
 
ෂෙරිල්ට බොහෝ වෙලාවට ලැබෙන්නේ අහිංසක චරිත නේද?
ඇත්තටම මට ලැබෙන්නේ හරිම අහිංසක චරිත. මිනිස්සු ඒ වගේ චරිතවලට කැමැතියි. ප්‍රේක්‍ෂකයෝ අපි කරන දේ එක්ක අපිට ආදරය කරන්නේ. ප්‍රේක්‍ෂකයෝ සතුටු කරන්නනේ අපි නිර්මාණ කරන්නේ. මතක හිටින දෙයක් කළොත් ඔවුන් කවදත් ඒ චරිතවලට ආදරය කරයි.
 
අහිංසක චරිතවලින් පුංචි තිරයේදී මුණගැහෙන ෂෙරිල් සැබෑ ජීවිතේ කොයි වගේ කෙනෙක්ද?
මම වැඩිය කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ඒ මගේ ආඩම්බරකම නෙවෙයි. ඒ මගේ හැටි. මම සැරයි. කියන්න තියෙන දේ මූණටම කියනවා. මට දෙයක් හිතේ තියාගෙන ඉන්න බැහැ. හිතේ තියෙන දේ කෙළින් කිව්වම මට මාර නිදහස් හැඟීමක් තියෙන්නේ. මම කැමැතියි ඕනම දෙයක් කෙළින් කතා කරනවට.
 
රුවන්ට වුණත් ඔබ එහෙමද?
ඔව්. රුවන් එයාගේ යාළුවන්ටත් කියනවා මම කියන්න තියෙන දේ කෙළින් කියනවා කියලා. මම බබා වගේ නිවිලා ඉන්න කැමැති නැහැ. රුවන්ට වුණත් දෙයක් කෙළින් කියනවා.
 
රුවන් කොයි වගේ කෙනෙක්ද?
එයා මං වගේ කතා කරන්නේ නැහැ. පාඩුවේ ඉන්නවා. එයා මං තරම් වස නැහැ. හැබැයි දැන් මගෙන් පුරුදු වෙලා ද කොහෙද එයත් මොනවා හරි දෙයක් තිබ්බොත් කෙළින් කියනවා.
 
බොහෝ තැන්වලදි රුවන් සහ ෂෙරිල් එකටම දකින්න ලැබෙනවා. මේ බැඳීම විශේෂයි නේද?
ඇත්තටම ඒක හොඳ දෙයක්. ගොඩක් අයට ඒ බැඳීම නැති එක තමයි ප්‍රශ්නය. අපි දෙන්නා පිටරට ෂෝවලට එකට යනවා. එයත් මගේ වැඩවලට එනවා. මමත් එයාගේ වැඩවලට යනවා.
 
දැන් රුවන්ගෙයි ෂෙරිල්ගෙයි විවාහ ජීවිතයට අවුරුදු හයක්. කොහොමද ඒ ජීවන ගලා යෑම?
අපි ආදරේ කරලා විවාහ වුණේ. දැන් විවාහ වෙලා අවුරුදු හයක්. අපිට ප්‍රශ්න නෑ, අපි තමයි සර්ව සම්පූර්ණ යුවළ කියලා අපි කියන්නේ නැහැ. එහෙම කිව්වොත් බොරුවක්. ප්‍රශ්න ආවොත් කතාබහ කරගෙන එකට ඉස්සරහට යන එක තමයි වැදගත්.
 
ෂෙරිල්ගේ නර්තන ජීවිතයට මොකද වෙලා තියෙන්නේ?
නර්තනය නිසා තමයි මාව බොහෝ දෙනා හඳුනා ගත්තේ. නර්තනය කියන්නේ හරි වැදගත් දෙයක්. මම රුවන් එක්ක පිටරට ප්‍රසංගවලට ගිහින් නර්තන කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඒකයි මාව මෙහේ වැඩිපුර දකින්න නැත්තේ. මම නර්තනය අතහරින්නේ නැහැ.
 
ෂෙරිල් විලාසිතා කරන්න වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්නේ. විලාසිතා තෝරා ගනිද්දී අනෙක් අයගේ අදහස් ගැන හිතනවද?
මෙහෙමයි මම ඇඳුම් අඳින්නේ මගේ සල්ලිවලින්. මම කැමැති නම් මට ගැළපෙනවා නම් මම ඒ ඇඳුම් අඳිනවා. විවේචනවලට නම් මම බය නැහැ. මම කොහොමත් විලාසිතා කරන්න කැමැතියි.
 
රුවන් ෂෙරිල්ගේ විලාසිතාවලට එකඟද?
ඔව්. එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් එයත් ෆැෂන් කරනවා. කොහේ හරි යද්දී මට වඩා පරක්කු වෙන්නේ එයා. මොකද එයත් කණ්ණාඩිය ළඟ ඉඳගෙන හරියට ලෑස්ති වෙනවා.
 
මොනවද ජීවිතේ ඉදිරි සැලසුම්?
හැමදාම සතුටින් ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ජීවිතයට තව දේවල් එකතු වෙන්න ඕන. දරුවෝ ඉන්න ඕන. ඉතින් දෙවියන්ගේ ආශීර්වාදය එක්ක ඒ හැම දෙයක්ම ලැබෙයි.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,836 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,225 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  171 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  394 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  657 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  520 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,697 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,440 Downloads



Top 10 Commenters

Latest Comments

Top