Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
"ඇයි පපුවට තිබ්බේ, කකුලකට අතපයකට තියන්න තිබ්බනේ.." - අක්මීමන පාසලකදී වෙඩි ප්‍රහාරයට ලක්වූ තිදරු පියාගේ ඥාතීන් හැඬූ කඳුළින් කියන කතාව - Video

- "ඇයි පපුවට තිබ්බේ, කකුලකට අතපයකට තියන්න තිබ්බනේ.." - අක්මීමන පාසලකදී වෙඩි ප්‍රහාරයට ලක්වූ තිදරු පියාගේ ඥාතීන් හැඬූ කඳුළින් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,852 Views
චූටි දුව කියනවා, අතින් ඇද්දම අප්පච්චි වැටුණා කියලා..
 
චූටික්කි චූටික්කි කියලා මට කතා කරා කිව්වා..
 
අක්මීමන - උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළුවීමට උත්සහ කිරීමේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය අද ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.
 
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා පොලිසියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
ගාල්ල, අක්මීමන, මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිය දරුවා රැගෙන ඒමට පාසලට ඇතුළුවීමට උත්සහ කළ කලුතොටගේ ප්‍රියන්ත උදය කුමාර නැමැති තිදරු පියා පාසලේ ආරක්ෂාවට සිටි යුධ හමුදා‍ සෙබලෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණේ ඊයේයි.

එම යුධ හමුදා සෙබලා අක්මීමන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
මෙම පියා තම දරුවා රැගෙන යාම සදහා පාසලට පැමිණි අවස්ථාවේ ඔහු සහ පාසලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලා අතර බහින්බස්වීමක් ඇති වූ බවත් අනතුරුව සෙබලාගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු වූ බවට සැකකාර හමුදා සෙබලා පොලිසියට ප්‍රකාශ කර ඇති බව සදහන් .
 
කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා සහ මිය ගිය පුද්ගලයාගේ ඥාතී සහෝදරියක් හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා.
 
වම් පපු ප්‍රදේශයට පහළින් වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් අධික රුධිර වහනය සහ කම්පනයෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.
 
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සදහන්කළා.
 
මෙම සිද්ධියෙන් මිය ගියේ ගාල්ල - නාගහවත්ත ප්‍රදේශයේ පදිංචි කළුතොටගේ ප්‍රියන්ත උදය කුමාර නමැති 40 හැවිරිදි තිදරු පියෙක්.
 
ඔහු කලක් නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේද සේවය කර තිබුණා.
 
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ ගාල්ල - නාගහවත්ත ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි.
 
ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ සෙබලෙක් හදිසි නීතීය යටතේ රාජකාරී සිදු කරන අතරතුර මෙවැනි මරණයක් සිදු වුවහොත් විමර්ශන අවසන් වනතුරු අදාල සැකකරු පොලිසිය හෝ යුද හමුදාවේ ප්‍රධානීන් යටතට ගෙන විමර්ශන සිදු කිරීමට හැකි වන අතර , මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබද නීතීපති උපදෙස් පැතීමටද නියමිත බව හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ විමර්ශන නිළධාරියෙක් සදහන් කලා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,824 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,210 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  168 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  388 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  647 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  519 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,691 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,284 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,420 Downloads



Top 10 Commenters

Latest Comments

Top