Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
"මගේ අම්මව මරපු තාත්තාව හැමදාම හිරේ තියන්න..." - අනියම් සම්බන්ධයක් ඇතැයි සිතමින් තම මව සාහසික ලෙස මරා දැමූ පියා ගැන දියණියක් කියූ සංවේදී කතාව - Photos

- "මගේ අම්මව මරපු තාත්තාව හැමදාම හිරේ තියන්න..." - අනියම් සම්බන්ධයක් ඇතැයි සිතමින් තම මව සාහසික ලෙස මරා දැමූ පියා ගැන දියණියක් කියූ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,475 Views
මගේ 'පවුල' මා කියන කිසි දෙයක් අහන් නෑ, ඒ හින්දා එයාව මැරුවා...
 
කිසි දිනෙක ඔහුට නිදහස ලබා දෙන්න එපා...
 
මුහම්මද් ජාවේද් පකිස්ථාන් ගුවන් හමුදා මූලස්ථාන සේවයේ නිරත දක්ෂ ගුවන් භටයෙක්. ඔහුගේ බිරිය සහීඩා හුසේන්. මේ අඹුසැමියෝ සිය දියණියත් සමඟ පදිංචිව සිටියේ එංගලන්තයේ ඉල්ෆඩ් නගරයේ කුඩා නිවසකයි.

දක්ෂ ඇඳුම් මසන්නියක් වූ සහීඩා සිය නිවසේම ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ඉන් අමතර ආදායමක් ලැබුවා.
 
සහීඩා බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තියක් වූ අතර ඔවුන්ගේ දියණිය එංගලන්තයේ උපත ලැබීම නිසා ඇයට එහි පුරවැසි බව ලැබී තිබුණා. එහෙත් ජවේද්ට එම වරප්‍රසාදය නොතිබීම නිසා එංගලන්තයේ වාසය කිරීමේ අයිතිය ඔහුට අහිමිව තිබූ අතර ඒ නිසා එංගලන්තයේ පදිංචිව සිටියේ නීති විරෝධී සංක්‍රමණිකයකු ලෙසයි.

ජවේද් 59 වැනි වියේ පසු වූ අතර සහීඩගේ වයස 54ක්. මේ දෙදෙනා අතර නිතර අඬ දබර ඇතිවීමත් ජාවේද් සහීඩාට දරුණු ලෙස පහර දීම නිසාත් ඔවුන්ගේ තරුණ දියණිය ඒ ගැන දැඩි අපහසුතාවයකින් සිටියා.
 
ඇඳුම් මසා ගැනීමට පැමිණෙන පුද්ගලයකු සමඟ බිරිය අයථා සම්බන්ධයක් ඇතැයි යන සැකය ජාවේද් තුළ නිතරම පැවතීම මෙම ගැටුම්වලට හේතුවක් වුණා.
 
නොයෙකුත් වධ හිංසා වලට මුහුණ දීමට සිදුවූවත් සහීඩා ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට මැලි වූයේ ජවේද් නීතිවිරෝධි ලෙස එංගලන්තයේ වාසය කිරීම නිසායි. යම් හෙයකින් අත්අඩංගුවට ගෙන නිසැකයෙන්ම ඔහු ආපසු පාකිස්ථානයට යැවීමට බලධාරින් ක්‍රියා කරන නිසා ඔහුගෙන් එල්ල වන සියලු හිරිහැර ඉවසා දරා සිටීමට සහීඩා තීරණය කළා.
 
දිනක් බිරිඳ කෙරෙහි ඇති වූ සැකය තව දුරටත් ඉවසා සිටිය නොහැකි වූ ජාවේද් බිරියගේ හිසට මිටියකින් පහර දී බිම වැටුණු පසු කඩුවෙන් කපා කොට ඇයව මරා දමා තිබුණා.
 
බිරිය ඝාතනයට යොදා ගත් මිටිය හා කඩුව ඇගේ සිරුර අසල තබා නිවසේ ඉදිරි දොර වසා ජනේලයකින් එළියට පැන්න ජාවේද් පොලිස් ස්ථානයට ගොස් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ පෙනී සිටිමින් තමන් තම බිරිය මැරූ බව කියා සිටියා.
 
"මගේ බිරියට කරන්න ඕනි හැම යුතුකමක්ම මම කළා. දරුවාටත් ඒ වගේම යුතුකම් ඉටු කළා. මගේ 'පවුල' මා කියන කිසි දෙයක් අහන් නෑ.. මා එක්ක කතා කරන්නත් කැමති නෑ. ඒ හින්දා මම එයාව මැරුවා.." යැයි ඔහු පොලීසිය හමුවේ පැවසුවා.
 
පොලිසිය ජාවේද් අත්අඩංගුවට ගෙන ඔහුත් රැගෙන ඔහුගේ නිවසට ගොස් එහි ඇත්ත නැත්ත පරීක්ෂා කළ අතර මැද සාලයේ තිබූ සහීඩාගේ මළසිරුර හා ඇය මරා දැමීමට යොදාගත් ආයුධද සිය භාරයට ගැනීමට පොලීසිය කටයුතු කළා.
 
අත්අඩංගුවට ගත් මුහම්මද් ජාවේද් එංගලන්තයේ 'ඕල්ඩ්බේලි' අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මිනීමැරුමේ චෝදනාව මතයි.
 
ජාවේද් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ජාවේද් සිය බිරිය මරා දැමුවේ හොඳ සිහියකින් නොවන බවයි.
 
ඔහු මානසික ව්‍යාධියෙන් පෙළෙන බවට නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කරුණූ දැක්වුවා. මහා කවි ශේක්ස්පියර් ගේ ඔතේලෝ නාට්‍යයේ එන ඔතේලෝ චරිතය ඔහුගේ බිරිය වූ ඩෙස්ඩිමෝ වෙනත් අයකු සමඟ අයථා සබඳතාවයක් ඇතැයි යන දරුණු සැකයක් ඇති කරගෙන සිටි අතර එය ඔහුගේ සෑම ක්‍රියාවකටම හේතු වූ බවත්, අවසානයේදී ඩෙස්ඩිමෝ මරා දැමූ අන්දමත්, එම නාට්‍යයෙන් පිළිඹිබු වුණා. ඒ අයුරින් තම බිරිය කෙරෙහිද අනියත සැකයක් ඇති වීම මානසික ව්‍යාධියක් වන 'ඔතේලෝ සින්ඩ්‍රෝමය' යනුවෙන් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන බව නීතිඥවරයා පෙන්වා දුන්නා.
 
එහෙත් පැමිණිලි පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජුලියන් එවන්ස් නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ, ජාවේද් නිතර නිතර සහීඩාට පහර දී ඇති බවත්, ඔවුන් අතර සබඳතාවයක් නොතිබූ බවත්, බිරිය ඝාතනය සියුම් ලෙස සැලසුම් කළ එකක් බවයි.
 
බිරිය මරා දැමීමට ජාවේද් යොදා ගනු ලැබූ ආයුධ නිවසේ මායිම සකස් කිරීම සඳහා ගෙනා ආ බවට ජාවේද්ගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කරනු ලැබූ නමුත් ඒවා හිතා මතා මෙම මරණය සිදු කිරීමට ගෙනා බව පැමිණිල්ලේ නීතිඥවරයා පෙන්වා දුන්නා.
 
කෙසේ වෙතත් මුහම්මද් ජාවේද්ට එරෙහිව ඉදිරිපත් වූ මිනීමැරුම් චෝදනාව සනාථ වීම නිසා ජූරි සභාව විසින් ඒකමතිකව ඔහු වරද කරනු ලැබූ අතර රිබෙකා පුලෙට් විනිසුරුවරිය ජිවිතාන්තය දක්වා ඔහුට සිරදඬුවම් නියම කළා.
 
දඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඇය විත්තිකරු අමතමින්, මිටියත් කඩුවත් ජාවේද් විශේෂයෙන් ගෙනාවේ ඔහුගේ බිරිය මරා දැමීමට බව පැවසුවා.
 
"එය මායිම සකස් කිරීමට ගෙන ආ එකක් නොවන බව පෙනෙනවා. ඔබ මීට පෙර කිහිප වතාවක්ම ඇය මරා දැමීමට උත්සහ කර ඇති බව සාක්ෂි වලින් සනාථ වෙනවා. මේ හැම එකකටම වඩා දරුණු වගේම සාහසික වන්නේ ඇය තම ජිවිතය බේරාගැනීමට දරන ලද උත්සහය නිසා ඇගේ සිරුර පුරා දරුණු තුවාල රැසක් ඇති වීමයි.."
 
ජාවේද්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීම ගැන ඔහුගේ දියණිය සීඩ්රා හුසෙන් මාධ්‍ය හමුවේ සංවේදී වුණා.
 
"මගේ තාත්තා සදාකාලිකවම සිරගෙදර තුළ සිටීම අවශ්‍යයි. කිසි දිනෙක ඔහුට නිදහස ලබා නොදෙන ලෙස ඉල්ලනවා. එයා එළියට ආවොත් තවත් අසරණ කාන්තාවකට මේ වගේම දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවේවී..."
 
රෝහණ ආර්යරත්න
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top