Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
"රමණි හිටියා නම් අපි දෙන්නා විවාහ වෙලා වයස අවුරුදු 25 ක විතර දරුවෙකුත් අපිට ඉන්න තිබුණා.." - හදිස්සියේ මිය ගිය රූප රාජිණියක් වූ පෙම්වතිය ගැන කමල් කියයි - Photos

- "රමණි හිටියා නම් අපි දෙන්නා විවාහ වෙලා වයස අවුරුදු 25 ක විතර දරුවෙකුත් අපිට ඉන්න තිබුණා.." - හදිස්සියේ මිය ගිය රූප රාජිණියක් වූ පෙම්වතිය ගැන කමල් කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,325 Views
"මම ආදරේ කරපු කෙනාට නිය පහරක්වත් මගෙන් වැදුනේ නැහැ.."

"තවමත් රසිකයින් චෝදනා කරනවා රමණිගේ මරණයට මම වගකියන්න ඕන කියලා.."

මියැදුනත් ගුණ වර්ණනා කරමින් හැමදාමත් මතකයේ රදවා තබා ගනිමින් ඒ ඒ චරිත සිහි කරන නොමියෙන මිනිසුන් මේ ලොව සිටින්නේ අතලොස්සක් පමණයි. මේ පුංචි රටෙත් ඒ වගේ හැම වසරකම ජූනී මස 30 වැනි දාට සිහි කරන අමරණිය චරිතයක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි රමණී බර්තෝලමියුස් කියන සිනමා වංශ කතාවේ ගැමි රූපයයි. ඇයගේ ගැමි පෙනුම කැමරා කාචයට කදිමට ගැලපුණා වගේම දගකාර බටහිර පෙනුමත් කදිමට කැමරා කාචයට හසු කරගන්න බොහෝ අධ්‍යක්ෂවරුන් සමත් වුණා. ඒ රූපයට වශී වුණු බොහෝ දෙනෙකුට ජූනී 30 වැනිදා අමතකම නොවනම දවසක්.

පසුගිය 30 වැනි දිනට ඇය මිය ගොස් හරියටම වසර 32ක් වෙනවා. මේ වසර 32 ට ඇයගේ මතකය අමතක නොවන කෙනෙකුත් ඉන්නවා. ඒ සිනමා රූපයේ දගකාර චරිතය කමල් අද්දරආරච්චි. කාගේත් සිහින කුමරිය වූ  රමණිගේ ආදරේ ඩැහැ ගත් ඔහුට එදා ඊර්ෂ්‍යා කළ බොහෝ දෙනෙක් ඔහුගේ  අද ජන්මන්තර වෛරක්කාරයින් බවට පත් වෙලා. එදා  රමණිට ප්‍රේමනීය පෙම්වතා වූ කමල් ඒ ගැන කියන්නේ මේ විදිහටයි

කමල් ඔබ බොහෝ සෙයින් ආදරය කළ රමණි මිය ගොස් වසර 32ක් වෙනවා. බොහෝ තරුණයින්ගේ සිහින කුමරිය ඔබ වසර දෙකකට් ඩැහැ ගත්තා. ඇය අද හිටියා නම්..?
අද රමණි  හිටියා නම් අපි දෙන්නා විවාහ වෙලා වයස අවුරුදු 25 ක විතර දරුවෙකුත් අපිට ඉන්න තිබුණා.  රමණි හිටියා නම් අද මගේ බිරිදත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා ඇති.

ඇයට ආදරය කළ බොහෝ දෙනෙකුට මේ වසර 32කම හොදට මතක බව ඇතැම් සටහන්වලින් දැකගන්න ලැබෙනවා. ඔබට මේ වසර 32 ක අමතක වෙන්න විදිහක් නැහැ නේද..?
ඇත්තටම කිව්වොත් මතක් නොවන දවසක් නැහැ. ඇය මිය ගියේ ජුනි 30 කියලා මට ඒ දවසට විතරක් ඇයව  මතක් වෙනවා කියන්න බැහැ. මොකද මට දින වකවාණු මතක තියෙන කෙනෙක් නෙමෙයි. ඕනෑම දෙයක එහෙමයි. රමණිගේ මතකය මගෙන් ගිලිහෙනවා අඩුයි. අඩු තරමින් ඇයගේ ඡයාරූපයක් හරි මම කොහේ හෝ දකිනවා. මාධ්‍ය මගින් කතා කරනවා. ඒ වෙලාවට බොහෝ දෙනෙකුට මාවත් මතක් වෙනවා.

රමණි කියන සුන්දර යුවතිය ඔබේ ප්‍රථම ප්‍රේමයද..?
එයා මගේ ප්‍රථම ප්‍රේමය කිව්වොත් වැරදියි.

ඇයගේ මතකයන් එක්ක ඔබ අදටත් වේදනාවෙන් විදවනවාද ..?
හිතේ වේදනාව තියාගෙන ජිවත් වෙනවා කියන්නේ වැඩකට නැති දෙයක්. වෙච්ච දේ වුණා. වේදනාවක් නැතුවමත් නෙමෙයි.

ඔබෙත් රමණිගේ මතකයන් ගැනත් ඔබේ බිරිදගේ ප්‍රතිචාර කොයි වගේද..?
එයා හරිම ප්‍රිය කරන චරිතයක් තමයි රමණි කියන්නේ. ඒ රූපයට පෙණුමට කවුරුත් ආදරේ කළා. අදටත් ඒ ආදරේ ඒ විදිහමයි. ඇයත් රමණිට ආදරෙයි.

1985 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණිය ලෙස කිරුළපලන් ඇය ඒ වසරේම ලෝක රූ රැජින තරඟයටත් සම්බන්ධ වුණා. අතිශය ජනප්‍රිය කාලවකවානුවක තමයි ඔබ දෙදෙනා පෙම්වතුන් වෙන්නේ. ඒ ආදර කතාවේ ආරම්භය වෙන්නේ කොයි විදිහටද ..?
අපි දෙන්නා හරියට ඇදිලා ගියේ කාන්දමක් වගේ.. ආකර්ශනයක් තමයි තිබ්බේ. අපි දෙන්නම එකිනෙකාට ආඩම්බරයි. දෙන්නටම කැමැත්තක් තිබ්බට එයා මට ආදරෙයි කියන්නෙත් නැහැ. මම එයාට ආදරෙයි කියන්නෙත් නැහැ. කැමැත්ත නොකිව්වට දෙන්නගෙම ඉගිබිගි තිබුණා. රූගත කිරීම් අතරතුර හමුවෙන්න යද්දී මම එයාට මලක් එහෙම අරගෙන යනවා. ඒ වගේ සොදුරු අවස්ථා අතරේ දවසක් ආවා ආදරේ ප්‍රකාශ කරන්න අවස්ථාවක්. ඉතින් ආදරේ ප්‍රකාශ කළා. ඇයත් මගේ ආදරේ පිළිගත්තා. එදා ඉදලා අපි දෙන්නා අවුරුදු දෙකක් ආදරය කළා. ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් දවස වෙනකල් අපි එකිනෙකාට ආදරය කළා.

තිබුණු ජනප්‍රියත්වයත් එක්ක ඔබටත් වෙන තරුණියන්ගෙන් නිළියන්ගෙන් එහෙම ප්‍රේමයට ආරාධනා ලැබෙන්න ඇති..? ඇයටත් එලෙසින්ම ප්‍රේමයට ඇරයුම් ලැබෙන්න ඇති..?
එහෙම ඒවා ඕන තරම් තිබ්බා. එයාගේ ජනප්‍රියත්වයත් එක්ක යම් යම් වැඩ පටන් ගන්න බලාපොරොත්තුවෙන් හිටිය බොහෝ දෙනෙක් ඇයගේ ගෙදර ආවා. මම ඒ දේවල් හරිම උපේක්ෂාවෙන් බලාගෙන නිහඩව හිටියා. ඇයත් මාත් අතර කිසි රහසක් නැහැ. වෙන හැමදෙයක්ම රමණි මට කිව්වා. මට රමණිව විශ්වාසයි. සිය දහස්ගුනයක් මට ඇයව විශ්වාසයි. එයා සාමාන්‍ය පවුලක යුවතියක්. ඒ නිසා මමත් සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න පුරුදු වෙලා හිටියේ. අපි දෙන්නගේ ඒ ආදරේ නිසාම එයාගේ තාත්තා පිටපතක් ලිව්වා නාට්‍යකට. එයාව ප්‍රධාන චරිතය කරලා. ඒ ටෙලි නාට්‍යට අවශ්‍ය සියලුම පසුබිම ලෑස්ති කරලා තිබුණු මොහොතක තමයි අවාසනාවන්ත විදිහට ඇයට ජීවිතය අහිමි වුණේ. ඒ නිසා ඒ නිර්මාණය කරන්න බැරි වුණා.

රමණිගේ මරණය කමල් අද්දරආරච්චි වග කියන්න ඕන කියලා අදටත් චෝදනා කරන පිරිස ඉන්නවා. ඒ චෝදනා ගැන ඔබට දුකක් ඇති ..?
රමණිට බොහෝ දෙනෙක් ආදරේ කළා. ඒ අයට ඇයගේ මරණය ගැන වේදනාවක් ලොකු දුකක් ඇති. ඒ නිසාම තමයි ඒ අය මට ද්වේශ කරන්නෙත්. මම ලගදි දවසක දැක්කා "අපේ සිහින කුමරිය ඩැහැ ගත් කමල් අද්දරආරච්චි ජයගත්තා. ඒ නිසා වෛරයක් ඇති වුණා.."  කියලා. ඔය කවුරුත් ඇත්ත දන්නේ නැහැ. කාට හරි යමක් වෙන්න ඕන ඒ ගැන තේරෙන්න. පිට ඉදලා බලන කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. මේ සිදුවිමේත් එහෙමමයි.

කොහොම නමුත් ඒ සිදුවීමට මාව මාසයක් රිමාන්ඩ් කළා. රිමාන්ඩ් භාරයේදී ඉන්නකොට මම කල්පනා කලේම රමණිගේ ජිවිතයට සිදු වුනු දේත් එක්ක බලද්දී මට වුණේ මහා ලොකු දෙයක් නෙමෙයි කියලා. මහා වේදනාවකින් හිරවෙලා හිටපු මට ඒ කාලය රුකුලක් වුණා. මාව රිමාන්ඩ් කරත් ජනතාව මාත් එක්ක තරහින් ඉන්න ඇති. කොහොම නමුත් අවසානයේ පරීක්ෂණ පවත්වලා නඩු විභාගයකින් තොරවම මම නිදහස් වුණා. කිසිදු සාක්ෂියක් නැති නිසා වගේම මම නිර්දෝෂී කියලා ඔප්පු වුනු නිසා. ඒත් ජනතාව චෝදනා කළා ඇයගේ මරණයට මම වගකියන්න ඕන කියලා. නමුත් මම ආදරේ කරපු කෙනාට නිය පහරක්වත් මගෙන් වැදුනේ නැහැ. මම ආදරේ කරන අයට එහෙම කරන කෙනෙකුත් නෙමෙයි. එහෙම අපරාධයකට පෙලෙබෙන්නේ කොහොමද. අද කාලේ ආදරේ නිසා ගහාමරා ගන්නවා.

රමණිගේ වියෝවෙන් පසුව පවුලේ අය විදෙස් ගත වුණා. රමණි නැතත් ඇයගේ පවුල එක්ක ඔබ අදටත් සම්බන්ධතා පවත්වනාව ඇති නේද..?
ඒ පවුලේ අය අදටත් අපිට හිතවත්. රමනිගේ අම්මා ලංකාවට ආ වෙලාවක මගේ අම්මව බලන්න ආවා. රමණිගේ අයියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම එහෙ යන වෙලාවක ඔහුව මුණගැහෙනවා. අපි අතර එදත් ප්‍රශ්න තිබුනේ නැහැ අදත් නැහැ. ඇයගේ නැතිවීම දරාගන්න බැරුව මිසක් මේ රටින් යන්න හිටපු පවුලක් නෙමෙයි.

ඔබව නිර්මාණ වලින් දැකගන්න නැහැ. මේ දිනවල මොනවාද කරන්නේ කියලත් කියමු..?
මගේ ව්‍යාපාර කටයුතු එක්ක තමයි දවස ගෙවෙන්නේ. ඉස්සරට වඩා දැන් පවුල එක්ක ඉන්න කාලය තියෙනවා.

කලාත්මක නිර්මාණ බිහි වීමේ අඩුව නිසාද ඔබව දකින්න නැත්තේ..?
නිර්මාණ තුනකට ආරාධනා ආවා. ඒ එක චරිතයකටවත් මගේ හිත ගියේ නැහැ. මේ වෙද්දී ගුණාත්මක නිර්මාණ බිහි වීමේ අඩුවකුත් තියෙනවා. නොදකින්න ඒකත් හේතුවක් තමයි.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,377 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,704 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top