පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනෙකු ඇතුලූ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීම සඳහා වූ චෝදනා පත්‍රය සකස් කර ඉදිරි දින කිහිපය ඇතුළතදී ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මීට සම්බන්ධ විමර්ශන සිදු කෙරෙන අතර, අදාළ වාර්තාවද මේ වනවිට සකස් කරමින් පවතින බවයි වාර්තාවන්නේ.
ඒ අනුව රාජකාරිය පැහැර හැරීම, වගකීම් විරහිතව කටයුතු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් මෙම නිලධාරීන්ට එරෙහිව ගොනු කෙරෙනු ඇති.
...