සියයට 40ක් නීතිවිරෝධී මත්පැන්..
අවුරුදු 15ත්, 19ත් අතර පිරිමි ප්‍රතිශතය සියයට 12.4ක්..
මෙරට ඒකපුද්ගල මත්පැන් භාවිතය සියයට 95ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිදරව් කරනවා.
මත්පැන් සහ සෞඛ්‍යය පිළිබද 2018 වසරේ ගෝලීය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතයට අලූතෙන් එක්වන්නන් සියයට 10.4කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එලෙස අලූතින් මත්පැන් භාවිතයට යොමු වන්නන් ඊට ඇබ්බැහි වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව ද එම වාර්තාව මගින් හෙළිදරව් කර ඇති කරුණක්.
එමෙන්ම මත්පැන් භාවිත කරන්නන් සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම දැඩි ලෙස ඊට ඇබ්බැහි වූ අයයි.
එමෙන්ම, මත්පැන් භාවිත කරන්නන්ගෙන් සියයට 40ක් නීතිවිරෝධී මත්පැන් පානය කිරීම ද විශේෂයි.
ශ්‍රී ලංකාවේ අවුරුදු 15ත්, 19ත් අතර පිරිමි ප්‍රතිශතය සියයට 12.4ක් වන අතර, ඉන් සියයට 47.8ක් මත්පැන් භාවිත කරන බව අනාවරණ වී තිබෙනවා.
මෙරට මත්පැන් භාවිතය පාලනය කිරීම සඳහා සුරාබදු නීති සංශෝධනය මෙන්ම සෞඛ්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති යළි ඇගයීමට ලක් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.