යටියන්තොට - පැලන්පිටිය මාර්ගයේ ජයවින්දාගම - අටේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මගීන් 28 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
අවිස්සාවේල්ල ශ්‍රී ලංගම ඩිපෝවට අයත් මෙම බස් රථය අද පෙරවරුවේ පැලන්පිටියේ සිට යටියන්තොට දක්වා ධාවනය වෙමින් තිබියදී මීටර 15 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ඇතුලූ 28 දෙනෙකු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.