ඇමරිකාවට පලා ඒමට උත්සාහ කළ 25 හැවිරිදි සැල්වදෝර් ජාතිකයකු සහ ඔහුගේ මාස 23 ක් වූ දියණිය රියෝග්‍රෑන්ඩ් ගංඟාවේ ගිලී මියයෑමේ ශෝකජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, Oscar Alberto Martinez Ramirez සහ ඔහුගේ සිඟිති දියණිය වූ Valeria.
මෙම දෙදෙනා ගංඟාවෙන් එගොඩවීමට දරණ උත්සාහය ගංඉවුරේ සිට මව බලා සිටි බව හෙළිදරව් වුණා.
මෙකී සැල්වදෝර් පවුල මෙක්සිකෝවේ රැඳි සිටි අතර ඉදිරි සතියේදී ඇමරිකානු ආගමන බලධාරීන් හමුවීමට නියමිතව තිබුණා.
මියගිය පියා සහ දියණියගේ සිරුරු ටෙක්සාස් දේශසීමාව අසල තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඔවුන් තිදෙනා අප්‍රේල් මස 3 වනදා සැල්වදෝරයෙන් පිටත් වී දකුණු මෙක්සිකෝවේ සංක්‍රමණික කඳවුරක මාස දෙකක් ගත කර ඇති අතර, ඔවුන් පැමිණෙන විට, කොන්සල් කාර්යාලය වසා ඇති බව දැක තිබෙනවා.
සම්මුඛ සාකච්ඡා සඳහා පෙළ ගැසී සිටින සිය ගණනක් සංක්‍රමණිකයින්ගේ ලැයිස්තුවේ ඔවුන් සිටියේ ඉතාමත් පහළින්.
මේ හේතුව නිසාම ඔවුන් නීතිවිරෝධීව මෙසේ පලා ඒමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිය සැමියාගේ හා දියණියගේ වියෝවෙන් බිරිඳ, Tania Avalos මහත් කම්පනයට පත්ව ඇති අතර ඔවුන්ගේ ඡායාරූප බොහෝමයක් මේ වන විට මාධ්‍ය තුළ සැරිසරනවා.