මාරවිල මුලික රෝහලේ සේවය කරන 34 හැවිරිදි වෛද්‍යවරියක් ප්‍රතිජීවක ඖෂධ පෙති 35 ක් පානය කර තිබෙනවා. ඉන් අසාධ්‍ය වූ වෛද්‍යවරිය ප්‍රතිකාර සදහා එම රෝහලට ඇතුළත් කර ඇති බවත් සදහන්.
මෙසේ මෙම වෛද්‍යවරිය ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇත්තේ එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට නිරන්තර බැන වදින බැවින් එහි පීඩාව දරා ගැනීමට නොහැකි නිසා බවත් වෛද්‍යවරිය පවසා සිටිනවා.
24 වැනිදා රාත්‍රීයේ ඇය ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇති අතර මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 34 හැවිරිදි විවාහක වෛද්‍යවරියක් බවත් සදහන්.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වයි.