Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
"ඔහු ක්ෂේත්‍රය ගැන තේරුම් ගන්නවට වඩා පුද්ගලිකව මාව තේරුම් ගන්න ඕන කියලයි මම හිතන්නෙ.." - මනිෂා චංචලා - Photos

- "ඔහු ක්ෂේත්‍රය ගැන තේරුම් ගන්නවට වඩා පුද්ගලිකව මාව තේරුම් ගන්න ඕන කියලයි මම හිතන්නෙ.." - මනිෂා චංචලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,379 Views
"මමත් පාසල් ප්‍රේමය අත්වින්ද කෙනෙක්.."

"රංගනයේදි හැම චරිතයක්ම අත්හදා බලන්න වෙනව.."

මුලින්ම ආදර අරාධනාවක් ලැබුණෙ පාසල් වියේදි. ඒ වයසේ පසුවන හැම පාසල් දැරියක් වගේම මමත් පාසල් වියේ ලැබුණ ආදර ආරාධනාවකට ප්‍රතිචාර දැක්වුවා. පාසල් යුවතියන් සියයට අනූවකට විතර පාසල් වියේ ආදර කතා තියෙනවනෙ. 
 ඒ ආදර ඇරයුම් ලැබෙන්නෙ ඔබ ඉගෙනගත්ත පාසලෙන්මද?
මම අධ්‍යාපනය ලැබුවෙ බාලිකා විද්‍යාලයක. ඒ නිසා පාසලෙන් එවන් ඇරයුම් ලැබෙන්න විදිහක් නැහැනෙ. ඒ ඇරයුම් ලැබුණෙ කවදා කොතනකද කියලා තෝරලා බේරලා කියන්න අමාරුයි. ඒ දේවල් සාමාන්‍ය විදිහට වුණා.
 
මනීෂා අද වෙද්දි කාගේ හෝ පෙම්වතියක්ද?
ඔව්. දැන් මම පෙම්වතියක්.
 
ඔහුව හමුවෙන්නෙ කලා ක්ෂේත්‍රයෙන්මද?
ඒ ගැන පසුවට කියන්නම්.
 
තමන්ගේ පෙම්වතා පිළිබඳ මනීෂාට තිබුණෙ මොනවගේ හීනද?
මට එහෙම හීනයක් තිබුණ නම් තිබුණෙ ඔහු ගොඩක් ආදරය කරන සරළ පුද්ගලයෙක් විය යුතුයි කියන එක විතරයි.
 
මනීෂා ළඟදීම විවාහ දිවියට ඇතුළු වෙනවද?
නැහැ. දැන්ම විවාහ වෙන්න අදහසක් නැහැ. මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන තව දුරටත් ජීවිතය ගැන අත්දැකීම් ලබද්දි නිසි කාලෙදි ඒ දේවල් සිද්ධ වෙයි.
 
මනීෂාගේ ආදර ලෝකය ඇතුළෙ ඔබ මොනවගේ කෙනෙක්ද?
ආදරය කරන එක ඇතුළෙ මම හරි නිදහස් චරිතයක්. මම ආදරය කරන අම්ම තාත්තා සහ එයාව වුණත් මම ආදරෙයි කියලා මගේ විදිහට එයාලව වෙනස් කරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඔවුනුත් මම කියන කෙනා වෙනස් කරන්න උත්සාහ කරන්නෙ නැතිනම් ඒක ආදරය විදිහට මම දකිනව. මගේ ආදරය ඇතුළෙ තියෙන්නෙ සම්පූර්ණ නිදහස.
 
මනීෂා ආදරය කියන හැඟීම දකින්නෙ කොහොමද?
අපිට මුලින්ම ආදරය කියන මාතෘකාව දැනෙන්නෙ දෙමවුපියන්ගෙන්නෙ. අදටත් මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මට ඒ ආදරය උපරිමයෙන් ලැබෙනව. ඒ වගේම මගේ අක්කල දෙන්නගෙනුත් සහෝදරියක් විදිහට මට ආදරය ලැබෙනව. එතනින් ජීවිතයේ පටන් ගත්ත ආදරය අද ජීවිතයේ අනාගත සහකරුවා වෙන්න ඉන්න කෙනාගෙනුත් මම බලාපොරොත්තු වුණ විදිහටම ආදරය ලැබෙනව. මාව තේරුම් ගැනීම හැම දේකටම මට ඔහුගෙන් ලැබෙන සහය ගොඩක් වටිනව.
 
ඔහු ඔබ නියැළෙන ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක්ද?
ඔහු ක්ෂේත්‍රය ගැන තේරුම් ගන්නවට වඩා පුද්ගලිකව මාව තේරුම් ගන්න ඕන කියලයි මම හිතන්නෙ. මොකද මම කියන කෙනා තේරුම් ගත්තට පස්සෙ මම කරන කියන දේවල් ගැන එයාට අවබෝධයක් ඇතිවෙනව කියලයි මම හිතන්නෙ. මම ආදරය කරන ඔහු මාවත් තේරුම් අරන් ක්ෂේත්‍රය ඇතුළෙ මම කරන දේවලූත් තේරුම් අරන් ඉන්න කෙනෙක්.
 
 ඔබ කරන කලා කටයුතු ගැන ඔහුගෙන් ඇගයීමක් විචාරයක් ඔබ බලාපොරොත්තු වෙනවද?
 ඔව්. අනිවාර්යයෙන්ම.
 
 මනීෂා තවමත් පෙම්වතියගේ චරිත කරා නොයන්නෙ ඔබට ඒ චරිත නොගැළපෙනවා යැයි සිතන නිසාද?
එහෙම ගැළපෙනව කියලා වෙන් කරන්න බැහැ. මට ගැළපෙන්නෙ මේ චරිතය විතරයි මම කරන්නෙ මෙවැනි චරිත පමණයි කියලා දෙයක් නැහැ. අපිට රංගනයේදි හැම චරිතයක්ම අත්හදා බලන්න වෙනව. මට මේ වෙද්දි වැඩිපුර ලැබිලා තියෙන්නෙ සහෝදරියගෙ චරිතය තමයි. ඒ චරිත ඇතුළෙ ආදරය තියෙනව.
 
 
 ධම්මිකා සුරංජි පතිරණ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  861 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,378 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,687 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,166 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,807 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,723 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top