පාස්කු ඉරු දින ප්‍රහාරය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මෙම සමීක්ෂණය දිස්ත්‍රික් මට්ටමින් සිදුකිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදුවූ ආයතන, වාහන, ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර ආදිය පිළිබදව ද මෙහිදී තොරතුරු එක්රැස් කෙරෙනවා.
මීට අමතරව ආර්ථික අපහසුතාවයට පත්වූ වෙළද හා සේවා ආයතන, මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත මෙන්ම ධීවර කටයුතු ආදිය පිළිබඳව ද මෙහිදී සමීක්ෂණය කෙරෙනු ඇති.
..