Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
"ඊයේ රෑ කවුදෝ කෙනෙක් මහත්තයාට ඇසිඩ් ගැහුවා.." - ස්වාමි පුරුෂයාට ඇසිඩ් ගසා මරන්නට සේපාලිකා දියත් කළ කුමන්ත්‍රණය අතටම අසු වූ හැටි

- "ඊයේ රෑ කවුදෝ කෙනෙක් මහත්තයාට ඇසිඩ් ගැහුවා.." - ස්වාමි පුරුෂයාට ඇසිඩ් ගසා මරන්නට සේපාලිකා දියත් කළ කුමන්ත්‍රණය අතටම අසු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,171 Views
"දවස් කීපයක්ම එහෙම කිව්වම මම ඇසිඩ් ගෙනත් දුන්නා.."
 
"අපිව බේරලා දීපන් මම උඹට උදව් කරන්නම්.."
 
සේපාලිකා විශ්‍රාමික ගුරුවරියක්. ඇගේ සැමියා අරවින්ද විශ්‍රාමික සහකාර ගොඩනැගිලි පරීක්ෂකවරයෙක්. මේ යුවළට දියණියන් දෙදෙනෙක් සිටිනවා. පයාගල කරඳගහමුල ප්‍රදේශයේ සුවිසල් නිවෙසක ඔවුන් ජිවත් වූයේ එක් දියණියක් සමඟිනුයි.

අනෙක් දියණිය විවාහ වී කොළඹ පදිංචිව සිටිනවා. නිවසේ සිටි දියණිය ද විවාහ වීමේ අපේක්ෂාවෙන් පෙම්වතෙකු ඇසුරු කළා. මේ අයට අමතරව මෙහකාරියක ද මේ නිවෙසේ නතර වී සිටියා. ඇය වසර 17ක පමණ කාලයක් තිස්සේ මේ නිවසේ සේවය කරනවා.
 
ගෙදර දොර වැඩපළ මෙන්ම මහත්තයාගේ හා නෝනාගේ වැඩද කර දෙන්නේ ඇයයි. ඊට අමතරව සැමියාගේ වැඩිමහල් සොහොයුරියක්ද මේ ගෙදර ජිවත් වුණා. ඇය මඳක් සිහිමඳ ගතියකින් යුක්ත වයස අවුරුදු 76ක් වයස කාන්තාවක්.

විශ්‍රාම සුවයෙන් ජිවත් වුවත් මේ දෙපළ අතර ආරවුල්වල නම් අඩුවක් වුණේ නැහැ. ඒ සැමියා නිතරම බිරිය කිසියම් හේතුවක් මත සැක කළ නිසයි. මේ නිසා දෙදෙනාම හිටියේ නොයෙකුත් හැල හැප්පීම් මැදයි. එය පොලීසිය දක්වා දුරදිග නොගියත් ගෙදර මෙහෙකාරියත් නිවසේ සිටි දියණියත් ඒ ගැන හොඳින් දැන සිටියා.
 
වරක් බිරිය සමඟ ආරවුලක් ඇතිකරගත් අරවින්ද ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කළද ඊට දින දෙක තුනකට පසු ඔහු විසින් එය ඉල්ලා අස්කරගත්තා. එතනින් එහාට ඔවුන්ගෙන් පැමිණිලි පොලීසියට ලැබුණේ නැහැ. එහෙත් ඉකුත් විසි අට වැනිදා අලුයම සේපාලිකා පායාගල පොලීසියට දුවන් ආවේ පැමිණිල්ලක් කරන්නටයි.
 
"ඊයේ රෑ කවුදෝ කෙනෙක් මගේ මහත්තයාට ඇසිඩ් ගැහුවා. ඒ වෙලාවේ ගෙදර ලයිට් ගිහිල්ලා තිබුණේ. මහත්තයා කෑ ගහන සද්දෙට මම ගිහින් බැලුවා. පස්සෙ මහත්තයව නාගොඩ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එතැනින් එයා කොළඹ ජාතික රෝහලට යැව්වා. ඒ ගැන කම්ප්ලේන් එකක් කරන්නයි මම ආවේ.."
 
ඇගේ වතගොත හා සිද්ධිය පොලිස් පොතේ සටහන් කළ පොලිස් නිලධාරියා ඇය ස්ථානාධිපතිවරයා වෙත යොමු කළා. විමර්ශන ඇරඹුනේ එතැන් සිටයි. පයාගල පොලීසියේ සිට යටදොළ පාරේ කිලෝ මීටර 3ක් පමණ ඈතින් සේපාලිකා පදිංචි නිවස පිහිටා තිබෙනවා.
 
සිද්ධිය වූ ස්ථානයට ගිය කණ්ඩායම නිවස ඇතුළත හා ඒ අවට හොඳින් නිරීක්ෂණය කළා. ඒ පැමිණිලිකාරිය කියන්නෙ ඇත්තක් දැයි දැන ගන්නටයි. සැමියාට ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ ආකාරය ගැන ස්ථානාධිපතිවරයා ඇගෙන් විමසුවා.
 
"හැමදාම ඉස්සරහ දොර වහලා තියෙන්නේ. ඒත් එදා ඉස්සරහ දොර ඇරලා තිබුණේ. ඉස්සරහ ගේට්ටුවත් ඇරලා තිබුණා. දුව වැඩ ඇරිලා ගෙදර එනවා කියලා කෝල් කළා. මමම දුව ගන්න ගේට්ටුව ළඟට ගියා. දුව ගේ ඇතුළට එනකොට ලයිට් ගියා. ඒත් එක්කම මහත්තයා 'දැවිල්ලයි දැවිල්ලයි' කියලා කෑ ගැහුවා. මම වතුර බේසමක් අරන් ගිහින් මහත්තයාගේ මුහුණට වතුර දැම්මා.."
 
"පස්සෙ මම ප්‍රධාන මීටරය ළඟට ගිහින් බලද්දි කවුදෝ ඒක ඕෆ් කරලා. මම ඒක ඔන් කරලා ලයිට් දැම්මා. පස්සෙ අහළ පහළ අයටත් කතා කළා. දුව බඳින්න යන පුතාටත් කතා කළා. එයා කාර් එකෙන් ආවා.."
 
ඇගේ ප්‍රකාශයට සවන් දුන් ස්ථානාධිපතිවරයාට තවදුරටත් සිදු කළ නිරීක්ෂණයේදී දැකගත හැකි වූයේ නිවෙස සහිත වත්තට ඇතුළු වීම හා පිටවීම සඳහා නිවස හා වත්ත වටා ගේට්ටු තුනක් ඇති බවයි. නිවසේ ඉදිරිපස දොර ඉතා ශක්තිමත් අතර එය ඇතුළෙන් වැසුවොත් එය පිටතින් විවෘත කළ නොහැකියි.
 
"අපි ඔන්න ඔය විදිහට ගේ ඇතුළ නිරීක්ෂණය කළා. පැමිණිලිකාරිය කියන කතාවෙයි අපේ නිරීක්ෂණයෙයි පොඩි පොඩි ගැටලු තිබුණා. තුවාලකරු රෝහල්ගත කිරීමට ප්‍රමාදයක් වී තිබෙන බවත් නිරික්ෂණය වුණා. අපට පොඩි සැකයක් ඇතිවුණා. ඒ නිසා නැවතත් පැමිණිලිකාරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා.." පොලිස් ස්ථානාධිපතිවරයා විමර්ශනය ඇරඹූ ආකාරය සඳහන් කළේ එලෙසයි.
 
"ඇගෙන් ප්‍රශ්න කිරීමෙන් පස්සෙ ගෙදර වැඩකරන මෙහෙකාරියගෙනුත් ප්‍රශ්න කරන්න සිදුවුණා. ඇය අවුරුදු 17ක් ඒ ගෙදර සේවය කරන්නියක්. එතැනදී අපිට හෙළිදරව් වුණා මේ ගෙදර තවත් සේවිකාවක් වැඩ කරන බවට.."
 
ඇය දිනපතා වැටුපකට එම නිවසේ සේවය කරන්නියක්. උදෑසන එම නිවසට එන ඇය හවස් වන තුරු සේවය කොට යළි ඇගේ නිවස බලා යන්නේ එදිනෙදා වැටුප ලබාගෙනයි. ඒ සඳහා ඇයට රුපියල් හත්සියයක මුදලක් ලැබෙනවා.
 
ඒ සියල්ල අනාවරණය කරගත් ස්ථානාධිපතිවරයා ඊළඟට කළේ මෙවැන්නක්.
 
"අපි ඉන් පස්සෙ අපේ වසමේ ඇසිඩ් විකුණන තැන්වලට ගියා. රබර්වලට ඇසිඩ් විකුණන කඩ කිහිපයක් මගේ වසමේ තියනවා. ඒවට ගිහින් විමසද්දි එක් ඇසිඩ් විකුණන කඩයකින් අපිට දැනගන්නට ලැබුණා, එක්තරා කාන්තාවක් ඇවිත් රුපියල් 600ක් දීලා බූලියකට ඇසිඩ් දාගෙන ගිය බව.."
 
ස්ථානාධිපතිවරයාගේ පළපුරුද්ද හා විමර්ශන හැකියාව මත කඩ හිමියාගෙන් ප්‍රශ්න කිරීදෙී ඔහු පවසා සිටියේ ඇසිඩ් මිලදී ගත් කාන්තාව ඒවා මිලදී ගත්තේ 'අරවින්ද මහත්තයාගේ' නමට බවයි.
 
ඒ අනුව ඇසිඩ් මිලදී ගත් කාන්තාව හඳුනාගත් නිලධාරින් කෙළීන්ම ගියේ ඇය පදිංචි ගබඩාගොඩ ප්‍රදේශයේ නිවෙසකටයි.
 
"අපිට තමුන්ගෙන් ප්‍රශ්න කරන්න තියනවා, එන්න යන්න පොලීසියට..."
 
ඒ අනුව පොලීසියට රැගෙනවිත් ප්‍රශ්න කළ ස්ථානාධිපතිවරයාට දැකගත හැකිවූයේ ඇගේ එක අතක් පිළිස්සි ඇති අයුරුයි. ඒ කුමන හේතුවක් නිසාදැයි ප්‍රශ්න කරද්දි ඇය බොරු බේගලයක් ඇද බෑවද ඒ පිළිස්සීම් ඇසිඩ් නිසා ඇති වූවක් බව හඳුනා ගැනීමට ස්ථානාධිපතිවරයාට අපහසු වුණේ නැහැ.
 
ඉන් අනතුරුව සිද්ධිය සහකාර පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතාට දැනුම් දෙනු ලැබුවා. සිල්වා මහතාද පළපුරුදු විමර්ශන නිලධාරියෙක්. පොලිස් ස්ථාන ගණනාවකම රාජකාරි කර ඇති ඔහු ස්ථානාධිපතිවරයාට උපදෙස් දෙමින් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාද දැනුවත් කරනු ලැබුවා. ඒ උපදෙස් මත ස්ථානාධිපතිවරයා සේවිකාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා.
 
"තමන් බොරු කියලා අමාරුවේ වැටෙන්න එපා. අනෙක් අය බේරගන්න ගිහින් තමන්ටත් හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා... ඒ නිසා ඇත්ත කියන්න...."
 
පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශ හමුවේ බියට පත් වී සිටි ඇය ඇසිඩ් ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු හෙළි කළා.
 
"මහත්තයයි නෝනයි අතරේ ආරවුල් තියෙනවා. දෙන්නම හිත හොඳින් නෙවෙයි ඉන්නේ. මහත්තයා දවසක් මට සල්ලි දීලා කිව්වා ඇසිඩ් ගෙනත් දෙන්න කියලා. ඒත් මම ඒක මඟ හැරියා. දවස් කීපයක්ම එහෙම කිව්වම මම ඇසිඩ් ගෙනත් දුන්නා.."
 
"එතකොට මහත්තයා මගෙන් ඇහැව්වා උඹ දන්නවද මම ඇසිඩ් ගෙනාවේ ඇයි කියලා, මම කිව්වා දන්නෙ නැහැ කියලා. එතකොට 'මම ඕකිට ඇසිඩ් ගහනවා' කියලා මහත්තයා කිව්වා. මම මේක ගෙදර වැඩ කරන අක්කට කිව්වා. 'මහත්තයා මෙහෙම දෙයක් කිව්වා' කියලා. ඒ නිසා 'පරිස්සමින් ඉන්න' කියලා. ඒ අක්කා ඒ ගැන නෝනාට කියලා තිබුණා. ඒ පාර නෝනා මගෙන් ඇහැව්වා. මම මහත්තයා කියපු දේ කිව්වා. ඒ පාර නෝනා කිව්වා, 'අපිව බේරලා දීපන් මම උඹට උදව් කරන්නම්' කියලා..."
 
ඇය පොලීසිය හමුවේ එලෙස කීවා. කිහිප වතාවක්ම 'ගෙදර නෝනා' විසින් කළ ඇවිටිල්ල නිසා ඇයද අවසානයේ ඊට එකඟ වුණා. ඒ ඇය ණය වී තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක මුදල පියවා දෙන බවට සේපාලිකා දී ඇති පොරොන්දුව නිසායි.
 
"මහත්තයා නිතරම අරක්කු බොනවා. එදත් දවල් දෙකේ ඉඳන් රෑ 7වෙනකන් විතර අරක්කු බිව්වා, බීලා නිදාගත්තා.."
 
"එදා මම වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදනකොට 'අදනම් අර වැඩේ කරන්න පුළුවන්, මහත්තයා බීලා නිදි' කියලා නෝනා කිව්වා. මම එදා වැඩ කරපු සල්ලි රුපියල් 700ත් අරගෙන යන්න හදනකොට තමයි මට ඇසිඩ් බෝතලේ ගෙනත් දුන්නේ..."
 
ඒ වන විට වෙලාව රාත්‍රී හතට පමණ ඇති. හතර වටේටම කළුවර වැටී තිබුණා.
 
"දැන් දුව එන්න ළඟයි.."
 
සේපාලිකා එසේ කියන හඬ ඇයට ඇසුණා. ඒ සමඟය විදුලිය විසන්ධි වුණා. අරවින්ද මහත්තයා නිදා සිටි කාමරයේ ජනේලය අසළට ගිය ඇය අත ඇසිඩ් බෝතලය තිබුණා.
 
අරවින්ද ඇස්ඩ් පහරට ලක්වන්නේ ඒ සමඟිනුයි.
 
මෙහෙකාරියගේ ප්‍රකාශය මත පසුව ඇයවත් අත්අඩංගුවට ගත් අතර සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ විශ්‍රාමික ගුරුවරියද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
 
බරපතල තත්ත්වයේ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අරවින්ද පොලීසියට කිසිම ප්‍රකාශයක් ලබා නොදීම දැඩි සත්කාර ඒකකයේදී අවසන් ගමන් ගියේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ විලසිනුයි.
 
පසුව මේ සම්බන්ධයෙන් පයාගල පොලීසිය අධිකරණය කරුණු වාර්තා කළ අතර ඒ අනුව අරවින්ද සිරිවර්ධනගේ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලවා සිදු කිරීමට කළුතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
 
සැමියාගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට විශ්‍රාමික ගුරුවරියට අවකාශ ලබාදෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබුණා.
 
කීර්ති මෙන්ඩිස්
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  131 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,396 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,375 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,165 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,062 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,201 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,811 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,688 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,705 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,648 Downloads



Top 10 Commenters

Latest Comments

Top