Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
24
"වෙන ප්‍රාන්තයක ඉන්න කෙනෙක් එක්ක විවාහ වුණා, හිතපු නැති විදිහේ බොහෝ වෙනස්කම් ජීවිතේ සිද්ධ වුණා..." - ටීෂා පෙරේරා - Photos

- "වෙන ප්‍රාන්තයක ඉන්න කෙනෙක් එක්ක විවාහ වුණා, හිතපු නැති විදිහේ බොහෝ වෙනස්කම් ජීවිතේ සිද්ධ වුණා..." - ටීෂා පෙරේරා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
"ඒ හැමදේම තාවකාලිකයි. ඒ නිසා ඒ කාලේදීම මට පොඩි වෙනසක් කරන්න ඕන වුණා. .."

"හිත හුඟාක් කලකිරිලා මම අමෙරිකාවට ආවේ.."

ලංකාවෙන් මම මුලින්ම අමෙරිකාවට ගියේ 2008 අවුරුද්දේ. ඇත්තටම ලංකාවෙන් ගියේ මගේ හිත කලකිරිලයි. හිත රිද්දවාගෙන ඉන්න ඕන නැහැනේ කියලා මට හිතුණා. අනෙක බොහෝ කාලයකට පෙර සිටම අමෙරිකාවේ ගිහින් ඩිග්‍රී  එකක් කරන්න මගේ ආසාවක් තිබුණා. ඒ හැම දෙයක්ම නිසා මම අමෙරිකාවට ගියා

ටීෂා.. ලංකාවෙන් අමෙරිකාවට ගියේ ඔයා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියම ගායිකාවක් වෙලා සිටියදී. විශේෂයෙන්ම ප්‍රසංග වේදිකාවේදී ටීෂා ඒ කාලේ නැතිවම බැරි ගායිකාවක් වෙලයි හිටියේ.. ලංකාව දාලා යන්න දුක හිතුණේ නැද්ද?
එදා ඉඳන් මම දන්න දෙයක් තමයි ජනප්‍රියත්වය කියන දේ හැමදාම තියෙන දෙයක් නෙමෙයි කියලා. ඒ හැමදේම තාවකාලිකයි. ඒ නිසා ඒ කාලේදීම මට පොඩි වෙනසක් කරන්න ඕන වුණා. ඒ නිසාම තමයි මම ක්ෂේත්‍රයෙනුත් ආවේ. මම මට ලැබුණු කාලය තුළදී මම ඒ දේ කළා කියලා මට හිතුණා.. කාලය ආවට පස්සේ “දැන් වෙනසක් වෙන්න ඕනේ. කියලා මට හිතුණා. ලංකාවේ හැමදාම එකම කලාකරුවන්ට කලාකාරියන්ට සින්දු කියන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ.

අලුත් අලුත් අය එකතු වෙනවා. ඒ නිසා මගේ අනාගතය ගැනත් හිතලා මම මේ තීරණය ගත්තා. ලංකාවෙන් එද්දී මගේ ආදරණීය රසික රසිකාවියන් දාලා එන්න දුකක් හිතුණා. ඒත්.. ඉතින් මොනවා කරන්නද

ලංකාවෙන් අමෙරිකාවට ඇවිත් ටීෂා මුලින්ම මොනවද කළේ..?
මේ රටට ඇවිත් මම මෙහේ කොලේජ් එකට ඉල්ලුම් කළා.. ඊට පස්සේ මම ගිණුම්කරණය සම්බන්ධ උපාධියක් කළා. ඒක ගත්තට පස්සේ මට එහේදී ඒ සම්බන්ධව හොඳ රැකියාවක් ලැබුණා. කාලයක් ගියාට පස්සේ මට අමෙරිකාවේ පුරවැසිභාවය ලැබුණා.

රැකියාව කරන අතරතුරේදීත් ටීෂා ඒ රටේදී සංගීතයට සම්බන්ධ වැඩකටයුතු කළා නේද?
ඔව්.. ඔව්.. රැකියාව කරන කාලේදීම මට අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රේකෝඩින් ලේඛනයක් යටතේ ගීත පටිගත කිරීමේ අවස්ථාව උදාවුණා. ඒකත් හරිම අපූරු අවස්ථාවක්. ශ්‍රී ලාංකිකයෙකුට නොලැබෙන අපූරැ අවස්ථාවක් තමයි ඒක..

ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
එක දවසක් මම අමෙරිකාවේ ස්ටූඩියෝ එකකට මගේ ඉංග්‍රීසි ගීතයක් රේකෝඩ් කරගන්න ගියා. ඒ මීට වසර තුනකට කලිනුයි. මම හොඳ රටක ඉන්න නිසාත් ගීතයක් කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා ඒ මම ලියපු ඉංග්‍රීසි ගීතය අමෙරිකානු ජාතිකයින් ඔවුන්ගේ ස්ටූඩියෝ එකේදී මියුසික් කළා. මම සින්දුවක් රෙකෝඩ් කළා.. දවසක් ඒ ස්ටූඩියෝ එකේ අයිතිකරුවා මට කෝල් කරලා “ටීෂා.. ඔයාගේ සින්දුව රෙඩී.. “ඔයත් එක්ක මම කතා කරන්න කැමතියි.. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා.. කියලා මට කිව්වා. මම ස්ටූඩියෝ එකට ගියා. ඇත්තටම මම ඒ ගීතය එයාලට සල්ලි ගෙවලයි කළේ.. හැබැයි මගේ හඬ අහලා ඔහු “ඔයා වෙන රටක කෙනෙක්.. ඔයාගේ පෙනුමයි, හඬයි, එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්.. කියලා ඔවුන්ගේ ස්ටූඩියෝවේ ආටිස්ට් කෙනෙක් විදිහට මාව බඳවා ගත්තා.. ඇත්තටම ඒක ලොකුම ලොකු අවස්ථාවක් ඊට පස්සේ මම ඒ අය එක්ක අවුරුදු තුනකට කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා. ඒ අය මගේ ගීත විස්සක් කළා. ඒ හැම ගීතයකටම වියදම් කළේ ඒ ස්ටූඩියෝවෙන්මයි. ඒ හැම ගීතයක්ම ඉංග්‍රීසි සින්දුයි. අපි ඒ ගීත අමෙරිකාවේ ප්‍රචාරය කළා.

ඔබේ සිංහල ගීතයකුත් නිව් යෝක්වල ප්‍රචාරය වුණා නේද?
ඔව්.. ලංකාවේ මගේ ගීතයක් පළවෙනි වතාවට නිව්යෝර්ක්වල ලොකුම රේඩියෝ නාළිකාවේ ප්‍රචාරය කළා. ඒ ගීතයත් මම හැදුවේ අමෙරිකාවට ආවට පස්සෙයි. “අපි දෙන්නා කියලා තමයි ඒක නම් කළේ. ඒකේ වීඩියෝ එකට හිටියෙත් අමෙරිකානු නිරූපණ ශිල්පියෙක්. ඒ ගීතය නිව්යෝර්ක් රේඩියෝවෙන් ප්‍රචාරය කරද්දීත් ඒ අය මුලින්ම මාව හැඳින්වූයේ “Sri Lankan Queen” කියලයි. වචන තේරුණේ නැති වුණාට ඒක ආදර ගීතයක් කියලා තමයි ගීතය ගැන ඒ අය කිව්වේ. අපේ වචනවලින් කියපු ගීතයක් අමෙරිකානු රේඩියෝවෙන් ප්‍රචාරය වුණඑක ගැන ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා. මේ වෙනකොට මම ඒ ස්ටූඩියෝ එකත් එක්ක තවත් ඇල්බම් එකක් කරගෙන යනවා. තව ගීත හයක් විතර කරන්න ඉතිරිවෙලා තියෙනවා.

ඔය අතරේදී ටීෂා සිංහල ගීත කිහිපයකුත් කළා කියලයි ආරංචි වුණේ...?
ඔව්.. ඇල්බම් එකේ වැඩ කරගෙන යද්දී මගේ රටටත් අලුත් දෙයක් දෙන්න මට ඕන වුණා. ඒ නිසාම ඒ ස්ටූඩියෝව මැදිහත් කරගන්නනේ නැතිව මම අපේ ලංකාවේ ඉන්න හොඳම සංගීත අධ්‍යක්ෂකවරෙයකු වන සුරේෂ් මාලියද්ද එකතු කරගෙන ගීතයක් නිර්මාණය කළා. ලංකාවේ ඉඳිද්දී මම සුරේෂ් එක්ක වැඩ කරලා තිබුණේ නැහැ. මම අමෙරිකාවේ ඉඳිද්දීම සුරේෂ් අයියට කෝල් කරලා “සුරේෂ් අයියා සින්දු ටිකක් ලියලා තියෙනවා. එයින් මම සින්දු තුනක් ඔයාට එවන්නම්.. ඔයා හොඳ එකක් තෝරාගන්න. කියලා මම කිව්වා. ඒ තුනෙන් එයා එකක් මට තෝරලා දුන්නා. ලස්සනම මියුසික් එකක් සුරේෂ් අයියා කරලා දුන්නා.

ඒ කියන්නේ ඒ ගීතය වෙනුවෙන් ටීෂා අමෙරිකාවේ ඉඳන් ලංකාවට ආවද?
ඔව්.. මම ගිය අවුරුද්දේ ජූලි මාසේදී ලංකාවට ආවා. හැබැයි ඒ ගැන වැඩිය කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ. එහෙම ඇවිත් දවස් දෙකකට පස්සේ සුරේෂ් අයියා එක්ක මම ඒ ගීතය රෙකෝඩ් කළා. රෙකෝඩ් කරපු කාලයත් අමතක වෙන්නේ නැහැ. රටවල් දෙක අතරේ උදේ රැය කාලය ලොකු වෙනසක් තියෙන නිසා රෙකෝඩ් කරද්දී නින්ද යනවා. සුරේෂ් අයියා “ටීෂා.. නැගිටින්න.. සින්දුව කියන්න.. කිය කියා මාව ඇහැරවනවා. ඇත්තටම ජීවිතේට මම එහෙම සින්දුවක් කරලා නැහැ. හැබැයි ඒ ගීතය හරිම ලස්සනට කළා.
ඒක අපි නම් කළේ “මට දෙන්න විඳගන්න ඔබේ ආදරේ" කියලායි. ඒක හරිම ලස්සන ආදර ගීතයක්. ජීවිතේට මම ඒ වගේ ලස්සන සින්දුක් කරලා නැහැ. ඊට පස්සේ මම ආයෙත් නොවැම්බර් මාසේදී ඒ ගීතයේ වීඩියෝව කරන්න ලංකාවට ආවා. අපි හරි ලස්සනට ඒ වීඩියෝවත් කළා. ඒ හැමදෙයක් වෙනුවෙන්ම ආයෙත් මම ලංකාවට එනවා. මේක වෙනස්ම විදිහේ වීඩියෝවක් වගේම ගීතයක්. ඒ නිසා අපි ළඟදීම ඒ වෙනුවෙන් හමුවෙමු. ඒ ගීතයට කලින් තවත් සිංහල ගීතයක් ළඟදීම ප්‍රචාරය වේවී. ඒ ලිව්වෙත් මමයි.

ටීෂා ජීවිතේ කොහොමද?
ජීවිතේ හරිම ෂෝක්.. හිතපු නැති විදිහේ බොහෝ වෙනස්කම් ජීවිතේ සිද්ධ වුණා. මම ගිය අවුරුද්දේ විවාහ වුණා. එයාගේ නම ශාන්.. මම අමෙරිකාවේ හිටියේ වෙනම පැත්තක. ශාන් හිටියේ වෙනත් පැත්තක. ප්‍රසංගයකදී තමයි ශාන්ට මාව මුලින්ම මුණගැහුණේ. මම අමෙරිකාවේදීත් Dinner Dance එහෙම කළා. අමෙරිකානු ලේබලය යටතේ ප්‍රසංග පැවැත්වූවා. ඒ ප්‍රසංගයකදී තමයි ශාන්ව මුණගැහුණේ. අපි දෙන්නා අවුරුදු දෙකක් විතර ෆෝන් එකෙන් කතා කළා. එකම රටක හිටියට අපි හිටියේ ගොඩක් දුරකයි. ප්ලේන් එකේ යනවා නම් පැය තුනමාරක ගමනක්. මාසයකට සැරයක් වගේ තමයි එකම රටේ ඉඳලත් අපි මුණගැහුණේ.. අපි දෙන්නා එහෙම තමයි අවුරුදු දෙකක් ආදරේ කළේ. ඊට පස්සේ අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේදී විවාහ වුණා. දැන් මම ගෙදරට වෙලා මගේ සංගීත වැඩකටයුතුයි ශාන්ගේ ව්‍යාපාරික වැඩකටයුතුයි කරගෙන ශාන් එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

දේශය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top