විවාහ ගිවිසගැනීමට සිටින සිය මෙවතියගේ පියාගෙන් පොලු පහර කෑ පුදගලයෙක් කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව කෑගල්ල රෝහල් පොලීසිය පවසනවා.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ රඹුක්කන පොලිස් වසමේ හුරුමළුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක් වන අතර ඔහු රඹුක්කන නගරයේ ත්‍රීරෝද රථ නැවතුම්පොළක රැකියාව කරන අයෙක්. ඔහුගේ පෙමවතියගේ දෙමව්පියන්ට රඹුක්කන නගරයේම වෙලඳ සැලක් හිමි අතර, දෙදෙනා මාස කිහිපයක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවට පොලීසිය පවසනවා.
ඉකුත් 21 දා සවස ත්‍රීරෝද රථ රියදුරා ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්පොළට යමින් සිටියදී සිය පෙම්වතියටද "ගිහින් එන්නම්" කියා ගොස් ඇති අතර රියදුරා ඉන්ධන ලබාගැනීමෙන් පසු නැවත සිය නැවතුම්පොළ වෙත පැමිණි විගසම පෙමවතියගේ පියා ඔහුට අයත් ත්‍රීරෝද රථයෙන් පැමිණ රථගාලේ නවතා, රියදුරු පෙම්වතාට පොල්ලකින් හතර පස් වතාවක් පහර දුන් බවට ත්‍රීරෝද රථ රියදුරා පොලීසියට පැමිණිල කර තිබෙනවා.
පහර කෑ ත්‍රීරෝද රථ රියදුරා රඹුක්කන රෝහලටත් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. ත්‍රීරෝද රථ රියදුරාගේ පපුවට සහ මුහුණට පහර වැදී තිබූ බවද ප්‍රකාශ කර තිබෙනවා.
"මව්බිම"