Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
පූජිත් ජයසුන්දරගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීරණය - Video

- පූජිත් ජයසුන්දරගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,555 Views
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සළකා බැලීම ජූලි මස 31 වනදා දක්වා කල් දැමුණා.
 
ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
 
පූජිත් ජයසුන්දරද අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
 
තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි මස 29 වන දායි.

ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.
 
පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශව විසින් විරෝධය දක්වමින් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි.
 
එම දිවුරුම් පෙත්සම්වල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා.
 
එමෙන්ම අදාල ලේඛණ විනිසුරුවරුන්ගේ ගොනුවලටද මෙතෙක් ඇතුලත් වී නොමැති බවයි ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා පෙන්වා දුන්නේ.
 
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීම ජූලි මස 31 වනදා දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙපාර්ශවයේම නීතිඥවරුන්ට දන්වා සිටියා.
 
පෙත්සම සලකා බැලීම සිදුකරන අතරතුර පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාගෙන් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන විමසා සිටියේ පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූවත් ඔහුගේ විනය බලධාරියා කවුරුන්ද යන්නයි.
 
ඊට ප්‍රතිචාර දැක්වූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා කියා සිටියේ පොලිස්පතිවරයාගේ විනය බලධාරියා අමාත්‍ය මණ්ඩලය වන අතර ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගේ විනය බලධාරියා නොවන බවයි.
 
මේ අතර පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ලබන මස 08 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,191 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,343 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,851 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,666 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top