නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙක් නාවික හමුදාව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය, බැක් බේ සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන් වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රිකුණාමලය,බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී තහනම් ධීවර දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඩීංගි යාත්‍රා 04 ක් සමඟින් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු යාත්‍රා 04න් දෙකක් එකම අංකයෙන් ලියාපදිංචි කර ඇති බව එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයකදී අනාවරණය වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
ඔවුන් සතුව තිබී තහනම් ධීවර දැල් 02ක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 519ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව නාවික හමුදාව ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදි තහනම් ධීවර දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 261ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.