Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
"මහත්තයයි ලොකු දුවයි බේරගන්න තමයි නෝනා ආවේ" කිරින්ද - යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය - Video

- "මහත්තයයි ලොකු දුවයි බේරගන්න තමයි නෝනා ආවේ" කිරින්ද - යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
හැමෝම කිව්වා මුහුදු යන්න එපා කියලා...
මවට බරපතළයි.......

කිරින්ද - යාල මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී සැඩ රළ පහරට හසුව ගසාගෙන ගිය තිදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙක් වන අතර, බරපතළ තත්ත්වයේ සපුවන මව අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබනවා.

අද උදෑසන 7.30ට පමණ කිරින්ද යාල මුහුදු තීරයට පැමිණි පිරිසක් සමග එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාද මුහුදු රළ පාගමින් විනෝද වෙමින් සිටියා.
 

නමුත් අනපේක්ෂික ලෙස එක්වරම පැමිණි සැඩ රළ පහරනට හසුවූ කුඩා දියණියන් දෙදෙනා සහ පියා ඊට මැදි වී දියඹට ඇදී ගොස් තිබුණා.

මුහුදු වෙරළේ සිට තම සැමියා සහ දියණියන් දෙදෙනාට සිදු වන්නට යන විපත්තිය දුටු මවද ඔවුන් බේරා ගැනීමට ගත් උත්සහයේ අවසන් ප්‍රථිඵලය වූයේ ඔවුන් තිදෙනා සමග මවද පැමිණි සැඩ රළ පහරකට හසුව ගසාගෙන යෑමයි.

ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට මුහුදු තීරයේ සිටි පිරිසක් උත්සහ ගත් අතර ප්‍රදේශවාසීන්ද ඊට සහය පිණිස එම ස්ථානයට රැස් වුණා.

ප්‍රදේශවාසීන්, දියඹට ගසාගෙන යමින් සිටි සිව්දෙනා නැවත මුහුදු වෙරළට රැගෙන එන්නට සමත් වූ අතර එම මොහොත වන විටත් ඔවුන් සිවි දෙනා බරපතල තත්ත්වයේ පසු වූ බව ප්‍රදේශවාසීන් සදහන් කළා.

මුදා ගැනීමට එක් වූ පුද්ගලයෙක්

"මහත්තයයි ලොකු දුවයි ඉස්සරහට ගියා. එයාලව බේරගන්න තමයි නෝනා ආවේ ඉස්සරහට. ඒ යනකොට මට පොඩි දුවව අතට අහුවුණා. ගවුම අහුවෙලා අල්ලගන්න කොටම නෝනා මගේ අනිත් අතින් අල්ල ගත්තා. දෙන්නම කොන්ට්‍රොල් කර ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි තුන්දෙනාම ගියා. මාත් විනාඩි 5ක් 6ක් ඇතුළේ ඉන්න ඇති. ටිකක් ලොකු රැල්ලකට මාව ගැහුවා. ඊට පස්සේ මම ගොඩට පීනුවා.

අනතුරට පත්වූවන් තවත් පිරිසක් සමග විනෝද චාරිකාවක් පැමිණි ඇති අතර එම පිරිසද මැදිහත්ව මෙම පුද්ගලයින් සිවි දෙනා දෙඹරවැව සහ කිරින්ද රෝහල් වෙත ඇතුලත් කරන විටත් කුඩා දියණියක් සහ පියා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

රෝහල් ගත කෙරුණු අනෙක් දියණිය ජීවිතක්ෂයට පත්වුණේ අද දහවල්.

මියගිය දියණියන් දෙදෙනාට වසය අවුරුදු 5ක් සහ 7ක් වන බව සදහන්.

බරපතල තත්ත්වයෙන් පසු වූ මව පැය 4ක කාලයක් තිස්සමහාරාම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රදවාගත් රෝහල් කාර්ය මණ්ඩලය පසුව ඇය හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට උත්සහ කර තිබෙනවා.

නමුත් හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයද බරපතල රෝගීන්ගෙන් පිරී පැවැති බැවින් රෝහල් කර්ය මණ්ඩලයට සිදුවුණේ ඇය කිලෝමීටර් 180ක් පමණ දුරින් වූ අම්පාර මහ රෝහලට මාරු කර යැවීමටයි.

හැටන් සාත්තු නිවාස පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් තවත් පිරිසක් සමග ඉකුත් සිකුරාදා විනෝද චාරිකාවක් සදහා පැමිණ තිබෙනවා.
 
අනතුරින් මිය ගිය පියා 38 හැවිරිදි නුවන් ජයසූරිය නැමැති ව්‍යාපරිකයෙක් වන අතර, බරපතල තත්ත්වයෙන් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිරිඳ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වී තිබෙනවා.

කිරින්ද - යාල ප්‍රදේශයේ සංචාරය කළ මෙම පුද්ගලයන් පිරිස රැදී සිටි හෝටලය අවට වෙරළ ප්‍රදේශය අවදානම් කලාපයක් බවට සංඥා කර තිබෙනු දක්නට ලැබුණා.




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top