Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
ලංකාවේ ඉපදී සති දෙකකින් ඔස්ට්‍රේලියාවට ගිය දියණිය වසර 34 කට පසු සිය සැබෑ මව සොයා පැමිණ සංවේදී වූ හැටි - Video

- ලංකාවේ ඉපදී සති දෙකකින් ඔස්ට්‍රේලියාවට ගිය දියණිය වසර 34 කට පසු සිය සැබෑ මව සොයා පැමිණ සංවේදී වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,461 Views
සල්ලියබාගේ වැඩිය තිබුණේ නෑ.හදාගන්න අමාරුයි කියලා දුන්නා
වසරකට කලින් මට ෆේස්බුක් ඔස්සේ පුද්ගලයෙකු හමුවුණා

වසර 34 කට පසු ඔස්ට්‍රේලියාවේ සිට සිය මව සොයා මෙරටට පැමිණි දියණියක් පිළිබඳ පසුගියදා අපට වාර්තා වුණා.

ඒ, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රදේශයෙන්.
 

මේ 34 වසරකට පසු පළමුවරට එකිනෙකා දකින මවකගේත් දියණියකගේත් උතුරා යන සතුටයි.

1984 වසරේදී ඔස්ට්‍රේලියානු යුවළක් සමග ඩිලානි සිඩ්නි නුවර බලා පිටත්ව යන්නේ ඇයට යන්තම් දෙසතියක් සපිරෙද්දී.

ඒ, සිය සැබෑ මව වන ආර්.ඒ. ලීලාවති මහත්මිය නීත්‍යානුකූලව සිදුකළ පැවරීමක් මතයි.

එදා සිට අද දක්වාම ඔස්ට්‍රේලියාවේ සුන්දර සුවපහසු දිවියක් ගෙවූ ඩිලානි පසුගියදා තම දරු පවුල සමගින් සිය සැබෑ මව සොයා පැමිණියා.

පසුව කිරින්ද පුහුල්වැල්ලේ පදිංචි ලීලාවතී මහත්මියගේ නිවසට ඔවුන් ගොඩවැදුණේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේයි.

පුතුන් තිදෙනෙකුට පසු උපන් සිය දියණිය වෙනත් යුවළකට හදාවඩා ගැනීමට දීම සම්බන්ධයෙන් ලීලාවති මහත්මිය තුළ තිබී ඇත්තේ කනස්සල්ලක්.

ආර්.ඒ. ලීලාවති
සති දෙකයි දෙනකොට දරුවා. ආර්ථික අපහසුතා නිසා. සල්ලියබාගේ වැඩිය තිබුණේ නෑ.හදාගන්න අමාරුයි කියලා දුන්නා. අකමැත්තෙන් දුන්නේ.
ප්‍රශ්නය - දැන් මොකද හිතෙන්නේ දුව දැක්කාම..?
පිළිතුර - දුකයි, සතුට වැඩිකමට දුකයි. දුකත් තියනවා සතුට වැඩියි.
ප්‍රශ්නය - දුව දැන් නතර කරගන්නද කල්පනාව..?
පිළිතුර - එයා රස්සාව කරන නිසා යන්න දෙනවා. නැත්නම් මම යන්න දෙන්නේ නෑ නතර කරගන්නවා.

මෙතෙක් කලක් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය නිලධාරිණියක ලෙස කටයුතු කළ ඩිලානි ඩැන්ෆර්ඩ් සිය මව පිළිබඳ සෙවීම අරඹා තිබුණේ පසුගිය වසරේදීයි.

ඩිලානි ඩැන්ෆර්ඩ්
"වසරකට කලින් මට ෆේස්බුක් ඔස්සේ පුද්ගලයෙකු හමුවුණා. ඔහු මගේ ශ්‍රී ලාංකික පවුල සෙවීම පටන්ගත්තා. මම ඔහුට යොමුකළා ශ්‍රී ලංකාවේ මට අදාළව තිබූ ලිපිගොණු සහ මාව හදාවඩාගන්න ගනිද්දී මගේ ඔස්ට්‍රේලියානු දෙමාපියන් සතුව තිබූ ඡායාරූප. සති දෙකකින් ඔහු මට පණිවිඩයක් ලබාදුන්නා මගේ පවුල හමුවුණා කියලා. පසුව අපි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළා.. මගේ ඩී.එන්.ඒ. සාම්පලත් යොමුකළා. ඉන් පසුව ඔප්පු වුණා අපි දෙදෙනා අම්මයි දුවයි කියලා".

බිළිඳු වියේදීම තමා හදාවඩාගැනීමට වෙනත් පවුලකට ලබාදීම සම්බන්ධයෙන් ඩිලානිට ඇත්තේ මැදිහත් සිතක්.

ඩිලානි ඩැන්ෆර්ඩ්
"අවුරුදු 34 කට පසුව මට මගේ අම්මව හමුවුණා. එය ඇත්තටම ලොකු සහනයක්. මම ඇයට ස්තූතිවන්ත වෙනවා ඇය මට කළ දේට. වඩාත් හොඳ ජීවිතයක් ගෙවන්නට ආදරයක් ලබන්නට මාව ලබාදිපු එක ගැන. මට ඉතාමත් හොඳ අවස්ථාවන් උදාවුණා. මම අතිශයින්ම සතුටුවෙනවා. මට හිතෙනවා දැන් මගේ ජීවිතය සම්පූර්ණයි කියලා".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,383 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,700 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,729 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top