වලංගු වීසා බලපත් නොමැතිව මෙරට රැඳී සිටින 8,000 කට ආසන්න විදේශිකයන් සියලූදෙනා එක් ස්ථානයක රඳවා තැබීමටත්, ඉන් අනතුරුව පිටුවහල් කිරීමටත් කටයුතු කෙරෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක පසන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පසු මෙලෙස දිවයිනේ වීසා බලපත් නොමැති විදේශිකයන් පිළිබඳව දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකය කරුණු එක්රැස් කළ බවයි.
සංචාරක වීසා බලපත්වලින් දිවයිනට පැමිණ ඔවුන් ඇතමෙක් මෙරට ඉදිකිරීම් වැඩබිම්, අවන් හල්, ගොවිපල ආදියේ සේවයේ නිරතව සිටින අතර, ඇතමුන් ව්‍යාපාරික කටයුතුවලද නිරතවන බව සඳහන්.
එලෙස දිවයිනේ රැඳී සිටින වීසා කල් ඉකුත් වූ විදේශිකයන්ගෙන් බහුතරයක් ආසියාතික රටවලින් පැමිණි අයයි.
ඒ අතුරෙන්ද වැඩිම පිරිසක් එනම් 1680 ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, පාකිස්ථානයෙන් 936 ක්, චීනයෙන් 683ක්, මාලදිවයිනෙන් 291ක්, බංග්ලාදේශයෙන් 152 ක් පැමිණ තිබෙනවා.
ජපන් ජාතිකයන් හතලිස් දෙදෙනෙකුද වීසා කල් ඉකුත්වූ පිරිසට ඇතුළත්.
ඊට අමතරව නෙදර්ලන්ත ජාතිකයන් 541ක්, යුක්රේන ජාතිකයන් 167ක්, සෞදි අරාබි ජාතිකයන් 172 කු සහ රුසියානුවන් 157 දෙනෙකුද වීසා කල් ඉකුත්ව මෙරට රැඳී සිටින බවද අනාවරණ වී තිබෙනවා.
ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ මෙම පිරිස පිටුවහල් කිරීමට පෙර මිරිහාන රැඳවුම් කඳවුරේ ස්ථාන ගත කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම ඉදිරියේදී වීසා නිකුත් කිරීම සඳහා ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ බුද්ධි අංශ තොරතුරු ලබාගැනීමටද පියවර ගනු ඇති.