Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
"ආපහු නෙදර්ලන්තයට යන්න වෙනවා පුතත් අරගෙන, ඒක මමත් සැමියාත් කලින්ම තීරණය කරපු දෙයක්.." - ලෝචනා ඉමාෂි - Photos

- "ආපහු නෙදර්ලන්තයට යන්න වෙනවා පුතත් අරගෙන, ඒක මමත් සැමියාත් කලින්ම තීරණය කරපු දෙයක්.." - ලෝචනා ඉමාෂි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,380 Views
එයාට මට කිසිම තහංචියක් දාන්න වෙන්නේ නෑ..
 
මම කවදාවත් උපන්දිනේ ජයට සමරන කෙනෙක් නෙමෙයි..
 
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න දඟකාර කටකාර චරිතයක්. නිරන්තරයෙන්ම නොදැක්කත් ලෝචනාගේ ජනප්‍රියත්වය අඩුවක් වෙලා නැහැ. පසුගිය දවසක උපන්දිනය සමරපු ලෝචනා, සාදයක් වෙනුවට කිරි අම්මාවරුන්ට දානයක් දීලා තිබුණා. ඉතින් ලෝචනා ඇගේ ඉදිරි නිර්මාණ ගැන වගේම පුද්ගලික ජිවිතේ තොරතුරු බොහෝමයක් සතිඅන්ත පුවත්පතකට කියා තිබුණා. මේ ඒ ගැනයි...

කොහොමද ලෝචනා ජීවිතේ?
ගොඩක් සතුටින් වෙනදා වගේම ගතකරමින් ඉන්නවා. දුකකට කියලා තියෙන්නේ අපේ රටට වෙන විපත්තමයි.
 
පසුගිය දවසක උපන්දිනේ ජයටම සැමරුවා නේද?
අනේ නෑ. මම කවදාවත් උපන්දිනේ ජයට සමරන කෙනෙක් නෙමෙයි. මගේ අම්මා තාත්තා ආගම දහමට බොහොම ලැදි දෙන්නෙක්. පුංචි කාලේ ඉදල මගේ උපන්දිනේ වෙනුවෙන් දානයක් දීලා පිංකමක් සිද්ධකරන එක තමයි කළේ. මෙදා පාර මට මගේ උපන්දිනේ අමතක වෙන තත්ත්වයක් තිබුණේ.
 
පහුගිය අප්‍රේල් 21 සිදුවීමත් සමග. ඒත් මම මේ පාර උපන්දිනය වෙනුවෙන් කිරි අම්මලාට දානයක් දුන්නා.
 
ඔය අතරේ සාදෙකුත් පැවැත්වුණානේ ?‍
ඒක සර්ප්‍රයිස් පාටි එකක්. මොකද මගේ ළගින්ම ඉන්න යාළුවෝ දන්නවා මගෙන් කිසිම දවසක බර්ත්ඩේ පාටි එකක් ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා එයාල එකතුවෙලා මම වෙනුවෙන් පාර්ටි එකක් සෙට් කළා. ඉතිං මට ඒකට මුහුණනොදී බෑනේ.
 
මෙදා පාර සැමියාගෙන් ලැබුණ උපන්දින තෑග්ග මොකක්ද ?
මම ගොඩක් ආස කරන පර්ෆියුම් වර්ගයක් තියෙනවා. ඒක ටිකක් මිල අධිකයි. සැමියා මට යාළුවෙකුගේ අතේ ඒ පර්ෆියුම් එක එවලා තිබුණා.
 
එතකොට සුබ පැතුවේ ?
උපන් දිනේ දවසේ උදේම කෝල් කළා. මට සුභ පැතුවා. කොහොමටත් ඔහු මට දවස ගානේ කථා කරනවානේ.
 
පුතා එක්ක ලංකාවේ තනියම ගෙවන ජීවිතේ වෙහෙසකර නැද්ද?
තනියම නෙමෙයිනේ මම ඉන්නේ. මගේ අම්මා තාත්තා ආච්චි මා එක්ක ඉන්නවා. එයාල මගේ හැම වැඩකටම මම උදව් කරන නිසා එකේ ලොකු ගැටලූවක් නැහැ. කොහොමටත් ඒ තුන්දෙනා මටත් වඩා හොදට මගේ පුතා බලාගන්නවා.
 
සැලෝන් එකේ වැඩකටයුතු කොහොමද?
හොදින්ම සිද්ධ වෙනවා. නිතර යන්න එන්න අවස්ථාව නොලැබුණාට මගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ තමයි සැලෝන් එකේ සියලූම කටයුතු සිදුවෙන්නේ.
 
ඔබේ අතින්ම රූපලාවන්‍ය කටයුතු කරගන්න එන අයට මම එහි නොසිටීම අසාධාරණයක් නෙමෙයිද?
එහෙම වෙන්නේ නෑ මම හිතන විදිහට. මොකද කෝල් කරලා ඇපොයින්මන්ට් දාලනේ එන්නේ. මගේ අතින්ම එවැනි කටයුත්තක් කරගන්න ඕන කෙනෙක් හිටියොත් මට ඒ කෙනාට අවස්ථාව දෙන්න කාලය වෙන් කරගන්නවා. නිතර යන එන සැලෝන් එක ගැන දන්න අය මගේ සැලෝන් එකේ වැඩකරන සියලූම දෙනාගෙ එක්ස්පීරියන්ස් ගැන දන්න නිසා ඔවුන් ඒ කටයුතු ඒ විදිහට කරගෙන යනවා.
 
අද රූපලාවන්‍යාගාර හැම තැනම තියෙන නිසා හිතන තරම් ආදායමක් ඒවායෙන් ලබන්න පුළුවන්ද?
එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මගේ සැලෝන් එක තියෙන වටපිටාවෙන් තව සැලෝන් කීපයක් තියෙනවා. ඒත ඉතිං අපි හරියට ඒ කටයුතු කරනවානම් අපිට එන කස්ටර්මස්ලා නැතිවෙන්නෙත් නෑ. මොන දේටද අද තරගකාරීත්වයක් නැත්තේ. ඒත් ඉතිං ලොකු ගැටලූවකුත් නෑ. මට ඕන විදිහට ඒක පවත්වාගෙන යනවා.
 
ගෙදර වැඩත් සැලෝන් එකේ පුතාගෙ රාජකාරිත් එක්ක රංගනයට වෙලාව වෙන් කරගන්නේ කොහොමද?
නිර්මාණයක් ලැබුණහම ඒ ගැන කතාබහ කරල මට හරියන චරිතය එක්ක තිබුණොත් භාරගන්නවා. ඊළගට ඉතිං ඒ වැඩකටයුතු සැලසුමකට අනුව කරන්න මම පුරුදුවෙලා ඉන්නවා. අම්මා තාත්තා ආච්චිගෙ උදව් නිසා රංගන කටයුත්තට වෙලාව වෙන්කරන එක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
 
නිර්මාණයක චරිතයක් තෝරගත්තට පස්සෙ සැමියාගෙ විරුද්ධත්වය ප්‍රකාශ වුණොත් මොකද කරන්නේ ?
අනේ එයා කවදාවත් එහෙම විරුද්ධ වෙන කෙනෙක් නෙමෙයි. මොකද එයා දන්නව මම චරිත තෝරාගන්න විදිහ. ඒ විශ්වාසය නිසා එයාට මට කිසිම තහංචියක් දාන්න වෙන්නේ නෑ. දවස ගානේ කතා කරන නිසා හැමදේම අපි කතාබහ කරගෙන තමයි කරන්නෙ.
 
ඉදිරියේදී අපිට ලෝචනාව දකින්න ලැබෙන්නේ මොනවගේ නිර්මාණ හරහාද?
මම රංගනයෙන් දායකවුණ තුන්වරක් තුන කියන ෆිල්ම් එක ළගදීම තිරගත වේවි. ඊට අමතරව ටෙලිනාට්‍යයක් හරහාත් මාව දකින්න ලැබේවි. මේ දිනවල මම රගපාපු ටෙලිනාට්‍යයක් විකාශය වෙන අතර අලූත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා.
 
පුතා ගැන විස්තර ටිකකුත් කියමුද?
අම්මෝ හරිම දගයා. ඒක කරදර කරන්නෙ නෑ මට කිසිම වෙලාවක. තියෙන එකම කරදරේ කවන්න පොවන්න තියෙන එක තමයි. ආච්චියි සීයයි එක්ක හුරතල් වෙවී ඉන්නවා. දැන් මොන්ටිසෝරි යන වයස ළංවේගෙන එන නිසා ආපහු නෙදර්ලන්ඩ් යන්න වෙනවා පුතත් අරගෙන.
 
ඒ කියන්නේ ඔහුව අධ්‍යාපනයට යොමුකරන්නේ නෙදර්ලන්තයේ ?
ඔව්. ඒක මමත් සැමියාත් කලින්ම තීරණය කරපු දෙයක්. මොකද ඒ රටේ ඉතා හොද ඒ වගේම නිදහස් අධ්‍යාපන රටාවක් තමයි තියෙන්නේ.
 
නැවත විදේශගත වෙනවා කියන්නේ මෙතෙක් කරගෙන ආ සියලූ කටයුතු අතරමග නතර වෙන එක නේද?
එහෙම වෙන එකක් නෑ. පසුගිය කාලේ පුරාම මගේ වැඩකටයුතු සිද්ධ වුණේ ඒ විදිහට තමයි. භාරගත්තු නිර්මාණ ඉවරකරලා සැලෝන් එකේ වැඩ ඒ ඒ අයට පවරල ඒ වැඩවලට කිසිම බාධාවක් නොවන විදිහට මම මේ රටවල් දෙකේම ජීවත් වෙනවා.
 
ධම්මික හේවාවසම්
දිවයින


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,125 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,452 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,084 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  530 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top