Traveling කියන්නේ පිස්සුවක්. තව විදිහකින් හැමෝටම තියෙන ආසාවක්. ලංකාව වටේ, ලෝකේ වටේ තමන්ට හිතු හැටියට කරක් ගහන්න කවුද අකැමැති..?
හැබැයි මේ කියන්න හදන්නෙ නම් ටිකක් විතර වෙනස් කෙනෙක් ගැන. ඇය නමින් කැසැන්ඩ්‍රා ඩි පෙකෝල්. තාම අවුරුදු 27 යි.
ඇයව මේ වෙනකොට අපි දැන අඳුනගන්නේ ලෝකයේ සෑම රටකම සංචාරය කළ පළමු කාන්තාව විදිහටයි.
2015 ඉඳන් සංචාරය කරන්න පටන් ගත් ඇයට මේ වෙනුවෙන් සම්මාන පවා හිමිවෙලා තියෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
ඇය විසින් මේ වෙනකොට රටවල් 196ක සංචාරය කරලා තියෙනවා. ඇයට මේ සඳහා මාස 18කුත් දවස් 26කුත් ගත වුණු බව කියනවා.
මීට පෙර මෙසේ වාර්තාවකට හිමිකම් කියූ පුද්ගලයාටත් වඩා අඩු කාලයකින් රටවල් ගණනක සංචාරය කිරීම නිසාම ඇය ගිනස් වාර්තාවකටත් හිමිකම් කියන්න සමත් වෙලා තියනවා.
තානාපතිනයක් විදිහට සේවයේ නියුතු ඇයගේ මෙම ගමන “Expedition196” ලෙසයි හඳුන්වනු ලබන්නේ.
ඇයගේ මෙම සංචාරයින් සඳහා ඩොලර් 200,000 පමණ වනවා වුණත්, ඒ සියලුම වියදම් දරා තිබෙන්නේ ඇගේ අනුග්‍රහයකයින් විසිනුයි.
සමාජ මාධ්‍ය අතරෙත් ඇය මේ වෙද්දි බොහෝම ජනප්‍රියයි.