Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනය කළ 58 හැවිරිදි පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටි

- 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනය කළ 58 හැවිරිදි පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,549 Views
58 හැවිරිදි වියේදී 11 හැවිරිදි පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදු කළ පුද්ගලයෙකු බරපතළ වැඩ ඇතිව වසර 24 ක සිර දඬුවමකට, රුපියල් ලක්‌ෂ 2 ක වන්දි ගෙවීමකට හා රුපියල් 30,000 ක දඩයකට යටත් කරමින් රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉකුත් 20 දා තම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
 
එසේ දඬුවම් නියම වූයේ රත්නපුර රත්නහංගමුවේ පදිංචි කිරිහාමිගම ඇතිරාළාගේ ජයසේන නමැත්තෙකුටයි.
 
2011 ඔක්‌තෝබර් මස 31 දින වයස අවුරුදු 11 ක පිරිමි ළමයකුට බරපතළ අපයෝජනයක්‌ කළේ යෑයි අධිචෝදනා 3 ක්‌ මත නීතිපතිවරයා රත්නපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා.

විත්තිකරු චෝදනාවට නිවැරදිකරු බව පවසන ලදුව දීර්ඝ නඩු විභාගයක්‌ පවත්වන ලදුව අවසානයේ විත්තිකරු 1 සහ 3 වැනි චෝදනාවලට පමණක්‌ වරදකරු බවට තීන්දු කළ විනිසුරුවරයා 2 වන චෝදනාවෙන් ඔහු නිදොස්‌කොට නිදහස්‌ කළා.
 
විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර දඬුවම ලිහිල් කර ගැනීමට යම් කරුණක්‌ පැවැසීමට ඇත්දැයි විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාගෙන් විමසූ විට විත්තිකරු සිදු කළ එකම වරද මෙය බවත් ඔහු කිසිදු පෙර වරදක්‌ නොමැති අයකු බවත් නීතිඥයා පැවැසුවා.
 
එසේම විත්තිකරු විවාහක දරු දෙදෙනකුගේ පියෙකු බවත් ඔහු බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්ව කොළඹ ප්‍රදේශයේ රැකියාවක යෙදෙන අයෙකු බවත් නීතිඥයා සඳහන් කළා.
 
අවුරුදු 67 ක්‌ වන ඔහුගේ වයස සැලකිල්ලට ගෙන දියහැකි ලිහිල්ම දණ්‌ඩනයක්‌ ඔහුට ලබා දෙන ලෙසටත් නීතිඥයා වැඩිදුරටත් අධිකරණයෙන් අයෑද සිටියා.
 
පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කණිෂ්ක රාජකරුණා මහතා ඇමතූ විනිසුරුවරයා දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස්‌ ප්‍රකාශ කරන ලෙසට නියම කළා. ඒ අනුව හෙතෙම අදහස්‌ දක්‌වමින්,
 
"ස්‌වාමීනි, 58 හැවිරිදි පුද්ගලයෙක්‌ තමයි මේ අපරාධය කළේ තමාගේ මුණුබුරකුවන් දරුවකුට. ඔහු කළේ සුළු පටු අපරාධයක්‌ නොවේ. එහිදී දරුවාට ඇතිවූ මානසික පීඩනය කොතෙක්‌ දැයි බලන්න. සිද්ධිය ඔහුගේ මවට කියන්න වුණා. පොලිසිය හමුවේ කියන්න වුණා. නැවත දොස්‌තර සමඟ කියවන්නට සිදුවුණා. වසර 7 කට පසු 17 හැවිරිදි වියේදී මේ උසාවිය හමුවේ ඔහුට සිද්ධිය පවසන්න සිදුවුණා. පසුව හරස්‌ ප්‍රශ්නවලට භාජනය වුණ ළමයෙකු මානසිකව ඇදවැටෙන්නට මේ කරුණු හොඳටම ප්‍රමාණවත්...."
 
මොහුට දඬුවම් නියම කිරීමේදී සමාජයේ මෙවැනි අපරාධ අනුකරණය කරන්නන් පෙළඹවීම නතර කරන ආකාරයෙන් දිය හැකි උපරිම දඬුවම් මොහුට ලබාදෙන ලෙසටත් රජයේ අධිනීතිඥ මහතා ඉල්ලා සිටියා.
 
විත්තිකරුට දඬුවම් නියම කරන අවස්‌ථාවේ සඳහනක්‌ කළ විනිසුරුවරයා වයස 10 දී වින්දිත දරුවා මේ ආකාරයෙන් බරපතළ අපයෝජනයකට ලක්‌කර ඇති බවත් අවසානයේ එය හෙළිදරව් කළහොත් ළිඳකට දමා මරණ බව ප්‍රකාශ කිරීමෙන් ළමයා සන්ත්‍රාසයට පත්කර තිබීමත් වින්දිත දරුවාට ශාරීරික තුවාල නැති වුවද දරුවාට ඇතිවූ මානසික පීඩාව හා කම්පනය සැලකිල්ලට ගන්නා බවත් විත්තිකරු පෙර වැරදි නැති අයකු බව පැවැසුවද 1974, 76, 77, 78 යන වසරවලදී විත්තිකරු සොරකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව ඔහුගේ ඇඟිලි සලකුණු වාර්තා හෙළිදරව් කර ඇති බව පැවසුවා.
 
ඒ අනුව 1 වන චෝදනාවට බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිර දඬුවමක්‌ සහ රුපියල් 15000 ක දඩයක්‌ද නියම කළ අතර චූදිත වින්දිත දරුවාට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ ගෙවිය යුතු බවට ද නියම කෙරුණා.
 
එසේම දඩය නොගෙවන්නේ නම් චූදිත මාස 6ක සාමාන්‍ය සිරදඬුවමකට ද වන්දි මුදල නොගෙවන්නේනම් වසර 1 ක සාමාන්‍ය සිරදඬුවමකට ද යටත් වනවා.
 
3 වැනි චෝදනාවට රුපියල් 15000 ක දඩයක්‌ද වසර 12 ක බරපතළ වැඩ ඇති සිර දඬුවමක්‌ද වින්දිත දරුවාට රු. ලක්‌ෂයක වන්දි මුදලක්‌ද ගෙවීමට ද නියම කෙරුණා.
 
දඩය නොගෙවන්නේ නම් මාස 6 ක සාමාන්‍ය සිර දඬුවමක්‌ද වන්දිය නොගෙවන්නේ නම් වසර 1 ක සාමාන්‍ය සිරදඬුවමකට ද චූදිත යටතේ වනවා.
 
චූදිතට නියම කළ වසර 24 ක සිරදඬුවම වසර 12 කින් ගෙවී යා යුතු බවට ද විනිසුරුවරයා සඳහන් කළා.
 
- තිලකසිරි දෑල බණ්‌ඩාර
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,190 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,851 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,666 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top