පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාවද්‍ය ප්‍රකාශ ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරිය හැකි බව එහි සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී තේරීම් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කිසියම් පාර්ශවයක් විසින් සාවද්‍ය ප්‍රකාශ ලබාදීමට අදාළ සාක්ෂි ඉදිරිපත් කළහොත් කාරක සභාවේ සාමාජිකයන් රැස්වී ඒ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව අවධානය යොමු කරන බවයි.
යම් පුද්ගලයෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙන විට තමන් ප්‍රකාශ කරනු ලබන්නේ නිරවද්‍ය සාක්ෂි බවට දිවුරනු ලබනවා.
මෙවැනි විශේෂ කාරක සභාවකට එවැනි දිවුරුමක් ලබාදී එය කඩකිරීමට කිසිදු තරාතිරමක පුද්ගලයෙකුට බලයක් නොමැති බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අයි.එස් ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන බව කියා සිටියා.
එහෙත්, සමාජ මාධ්‍යවල සැරිසරන ඔහුගේ දේශනයක අඩංගු වීඩියෝවකදී ඔහු සඳහන් කරන්නේ තමන් අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එකඟ වන බවයි.