අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව් දෙනෙකු පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවීමට තීරණය කර තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ද මෙලෙස තේරීම් කාරක සභාවට කැදවීමට තීරණය කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඔවුන් එම කාරක සභාව හමුවට කැදවන දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු කියා සිටියා. මෙම තේරීම් කාරක සභාව යළි ලබන 26 වන දා රැස්වීමට නියමිතයි.
මීට පෙර මෙම තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් මෑතකදී ඉල්ලා අස්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සාක්ෂි ලබා දුන්නා.
ඊට අමතරව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන්, සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්, කාත්තන්කුඩි පොලීසියේ වත්මන් සහ හිටපු ස්ථානාධිපතිවරුන්, කාත්තන්කුඩි සුෆී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන මොහොමදු සෙයිලාන් මවුලවිතුමන්ද කැදවා තිබුණා.