කස්තුරි නිල්කා ජයවර්ධන අපට හමුවන්නේ හිරු ටී.වී. 'හුස්මක් තරමට' නාට්‍යයේ 'සහේලී' චරිතය සමඟයි. ටෙලි තිරයෙන් විවිධ චරිත මවන කස්තුරි මේ වෙද්දි බොහෝ දෙනා අතර ජනප්‍රිය රංගන ශිල්පිණියක් බවට පත්වෙලා. ඉතින් කස්තුරි ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.
කස්තුරි කොහොමද ඉතින්?
හොඳයි. මම හොඳින්.
කියන්න බලන්න විස්තරයක් ඔබ ගැන?
මගේ ගම මහියංගනය. උපන්නේ බදුල්ලේදී. පවුලේ අම්මයි, තාත්තයි, නංගීයි, මමයි. තාත්තා ව්‍යාපාරයක් කරනවා. අම්මා ගෙදර. නංගී තවම ඉගෙන ගන්නවා. අච්චියි සීයයි මතක් කරන්නත් ඕනෑ. මුළින්ම මම ඉගෙන ගත්තේ මහියංගනය ජාතික පාසලෙන්. ඉන්පසු බදුල්ල විශාකා විද්‍යාලයට ගියා. කලා අංශයෙන් උසස් පෙළ සමත් වෙලා රුහුණු සරසවියට තේරුණා. දැන් මම පළමු වසරේ සිසුවියක්. මාතර නතර වෙලා ඉන්නේ.
කස්තුරිගේ අරමුණ දිගටම රඟපෑමේ යෙදෙන්නද?
රඟපාන අතරේ හොඳ රැකියාවක නිරත වෙන්න ආසයි. ආර්ථික විද්‍යා අංශයෙන් විශේෂ උපාධියක් ලබාගෙන ඉදිරියට යන්න තමයි ආසා.
කස්තුරි රඟපෑමට එන්නේ?
රඟපෑමට කලින් බිබිලේ උදේෂිකා විජේරත්න අක්කා තමයි මාව ෆොටෝ ෂූට්වලට යොමු කළේ. එයාගේ සැලෝන් එකේ මනාලියක ලෙස නිතර නිරූපණ අවස්ථාවලට දායක වුණා. උදේෂිකා අක්කා නිසා බ්‍රයිඩල් තරඟත් දිනුවා. මුල ඉඳලම එයා ඒ විදියට මට උදව් කළා. අපේ අම්මා තාත්තා වගේම බාප්පලා පුංචිලා ඇතුළු ගොඩක් දෙනා මට ඒ ගමන එන්න උදව් කළා.
අදටත් මම නතර වෙලා ඉන්නෙ කොළඹ පුංචිලාගේ ගෙදර. රඟපෑමට අවස්ථා ලැබුනේ මේ අතරවාරයේදීයි. හිරු 'හුස්මක් තරමට' මගේ පළමු නිර්මාණයයි. සංගීත් ප්‍රභා අයියා සහ මෙම නාට්‍යයේ අධ්‍යක්ෂක රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක අයියලා මට ගොඩක් උදව් කළා. මම මෙහි ප්‍රධාන චරිතය රඟපාන අසේලිගේ (සචිනි) හොඳම යහළුවා ලෙස රඟපානවා. මේ ඔක්කෝම කරන්නේ ඉගෙනීමට මුල් තැන දෙන අතරේදීයි. රඟපෑමට අමතරව රූපවාහිනී දැන්වීම්වලටත්, මියුසික් වීඩියෝවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.
කොහොමද රඟපෑමේ අංශය හොඳයිද?
පාසලේදී නැටුම් කරලා තිබුනට කවදාවත් රඟපාලා නැහැ. රවීන්ද්‍ර විජේරත්න සහ තරංග අයියා මේ නාට්‍යයට තෝරා ගනිද්දී මෙයාව හදල ගන්න පුළුවන් කිව්වා. ඇත්තටම රඟපෑම කියන්නෙ හදාරමින් යන්න ඕන ගමනක්.
අපි හරියට ඉන්නව නම් මේක තමයි කලාවේ හොඳම ක්ෂේත්‍රය.
කොහොමද කැම්පස් එකේ යහළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
ඒ ගැන නම් කියන්නම වෙනවා. එයාලා මට ගොඩක් උදව් කරනවා. ලෙක්චර්ස් යන්න බැරි වෙච්ච දවසට ඊලඟට කැම්පස් එකේ තියෙන පණිව්ඩ සහ වැඩ ගැන පවා කියනවා.
රැග් එකටත් අහුවෙලා ඇති?
රුහුණු කැම්පස් එකේ රැග් නැහැ.
කස්තුරිට "සංජු" කියන්නේ ඇයි?
ගමේ අය මාව දන්නේ එහෙමයි. ගමේ අය කස්තුරි කියලා දන්නේ නැහැ. කැම්පස් එකේ යාළුවෝ කියන්නේ "කස්තු" කියලා.
පෙම්වතා කතා කරන්නේ කොහොමද?
අපි කතා නොකර ඉමු ඒ ගැන..
ඒ කියන්නේ ගෙදරට තවම කියල නැහැ?
අනේ එහෙම නෙවෙයි. ආයෙ හංගන්න දෙයක් නැහැ. අපි ඒ ගැන පසුව කතා කරමු.
කස්තුරි ආඩම්බරයි?
අපෝ නැහැ. ඕනම කෙනෙක් එක්ක කතා කරනවා.
කස්තුරිගේ දුර්වලම දේ?
ඕනෑවට වඩා ඕනෑම කෙනෙක්ව විශ්වාස කිරීම. ඒ නිසා අනන්තවත් මගේ හිත රිදිලා තියෙනවා. මේ අඩුපාඩුව දැන් මම හදාගෙන යනවා.
ජීවිතේ ගෙවන විදිය ගැන කිව්වොත්?
සරලව ගෙවනවා. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න ඕනෑ නැහැ. ජීවිතේ බුද්ධිමත්ම තීරණ ගත්තාම ප්‍රශ්න අඩුයි. දුර දිග බලලා තීරන ගත්තාම ජීවිතේ ගෙවන්න හරි ලේසියි.
ආදරය ගැන කිව්වොත්?
මට දැනට විශ්වාස කළ හැකි ආදරේ තියෙන්නේ අම්මා තාත්තා ලඟ විතරයි. එතනින් එහා ප්‍රේමයක් ගැන කියන්න මට තේරෙන්නෙ නැහැ.
"හුස්මක් තරමට" කොහොමද?
කණ්ඩායමම හරිම හොඳයි. හරි සැහැල්ලුවෙන් රඟපානවා.
සඳුන් ගමගේ