Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
"සමහර අයට ඒ දේවල් දරාගන්න බැරුව විවිධ අයුරින් මට ගැහුවා. එහෙත් මම වැටුණේ නෑ..." - මාරියෝ ආනන්ද - photos

- "සමහර අයට ඒ දේවල් දරාගන්න බැරුව විවිධ අයුරින් මට ගැහුවා. එහෙත් මම වැටුණේ නෑ..." - මාරියෝ ආනන්ද - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views
"මම මගේ තැන හදාගත්තා. ඔවුන්ට තමයි මාව නැති වුණේ.."

"දේශපාලනය කරන්න තුන් හිතකවත් නැහැ..."

මාරියෝ ආනන්දගේ නම ඇසූ පමණින්ම සුන්දර මිනිසකු සිහපත් වෙනවා. ඒ මාරියෝගේ පියාණන් වන සිනමාවේ නොමියෙන හඬ ග්‍රේෂන් ආනන්දයන් නිසා. ග්‍රේෂන් අප අතරින් සමුගෙන වසර ගණනාවක් ගත වුවත් ඔහුගේ හඬත්, රුවත් මාරියෝ තුළින් අපි දකිනවා. හැමදාමත් කලා ලෝකයේ උඩු ගංබලා පිහිනන්න වෙර දරන මාරියෝ කියන දේ කෙළින් කතාකරන කලාකරුවෙක් බව කවුරුත් දන්නවා.  මේ ඔහු ගැනයි

මොකක්ද ඔබට ලැබුණු වගකීම් සහගත කාර්ය?
තිරසර සංවර්ධනය‘ සඳහා වන ශ්‍රි ලංකාවේ ළමා පාර්ලිමේන්තුවේ සන්නාම තානාපති ලෙස පත්වූවා. එහිදී මට පැවරුණු වගකීම් රැසක් තිබෙනවා. ඒවා ගැන තමයි මේ දවස්වල කාර්යබහුලව සිටින්නෙ.

‘තිරසර සංවර්ධනය සඳහා වන යොවුන් පාර්ලිමේන්තුව‘ යන්නෙන් අදහස් කළේ..
ශ්‍රි ලංකාව සහ ලෝකය පුරා විසිරී සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර සාමය, සංහිඳියාව, සහ මිත්‍රත්වය වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයක් ලෙස sunfo හැදින්විය හැකියි. එම සංවිධානය හා තවත් සංවිධාන කිහිපයක් එක්ව තමයි තිරසාර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. එහිදී වැඩිදැනුමක් ලබාගැනීමට කැමැති නායකත්ව ගුණාංගයන්ගෙන් පිරිපුන් දක්ෂ දරුවන් හැත්තෑපහක් තිරසාර සංවර්ධනය සඳහාවන ශ්‍රි ලංකා ළමා පාර්ලිමේන්තුවෙහි සාමාජිකයන් ලෙස බඳවාගෙන ඔවුන්ට නායකත්ව පුහුණුව ලබාදෙනවා. ඒ වගේම එම දරුවන්ගේ හැකියාවන් සහ අදහස් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නවා.

ළමා පාර්ලිමේන්තුවට යන්න ළමයි්න්ට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
වයස අවුරුදු 14- 18දක්වා දරුවන් තමයි මේ සඳහා තෝරා ගන්නේ. මේ ළමයින් 75 අතුරින් විසි පහක් ජාතික මට්ටමින් තෝරා ගන්නවා. අනිත් පනහ දිස්ත්‍රික්ක විසි පහ නියෝජනයවන පරිදි එක් දිස්ත්‍රික්කයට දෙදෙනා බැගින් තෝරා ගන්නවා. මේ සඳහා කැමැති දරුවන් මවුපිය, භාරකරුගේ අනුමැතිය සහිතව අයැදුම්පතක් අපවෙත යොමුකළ යුතුයි.

ඔබ කලාකරුවෙක් නිසාද මෙහි සන්නාම තානාපතිකමක් හිමිවූයේ...
මම කලාකරුවකු වීමට වඩා වසර හත, අටක සිට දරුවන් සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. විශේෂයෙන් විදෙස්රටවල පවත්වන එවැනි සමාජ සත්කාරක සේවාවන් සඳහා සහභාගි වනවා. ඔවුන් දන්නවා මම දරුවන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා කියල.

විශේෂයෙන් මතක් කරන්න ඕන එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ ඩොක්ටර් දේශප්‍රිය එස්. විජේතුංග මහතා. එතුමා තමයි සන්පෝ ඩිරෙක්ටර්. ඔහුගේ මගපෙන්වීමත් මේ කාර්ය සාර්ථක කරගන්න බෙහෙවින් ඉවහල් වනවා.

කලාවෙන් ඈත් වෙලා දිගටම මෙවැනි වැඩසටහන්වලට නියැළෙන්නද බලාපොරොත්තුව...
දිගටම මෙවැනි දේවල් කරන්න අදහසක් නෑ. මගේ කාර්යභාරය දිවයින පුරා විසිරී සිටින දක්ෂ දරුවන් හැත්තෑපහක් සොයා ගෙන ඔවුන් නායකත්ව පුහුණුව සඳහා යොමු කිරීමයි. දැනටමත් මේ දරුවන් හැත්තෑපහ තෝරාගැනීමේදි විවිධ හස්තයන් මැදිහත් වෙනවා. මට ඕනෑ සාධාරණ ලෙසින් දක්ෂ දරුවන් හැත්තෑපහක් තෝරා ගන්නයි. ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගෙන නායකත්ව පුහුණුව ලබා දී එම දරුවන් යොවුන් පාර්ලිමේන්තුවට ඇතුළත් කරන්න.

කලාවෙන් ඉදිරියට යෑමට නොහැකි වෙයි කියා සිතුණු නිසාද මෙවැනි වැඩවලට සම්බන්ධ වෙන්නේ..
කලාකරුවෙක් ලෙස මාව දන්නේ ලංකාවේ අය පමණයි. එහෙත් විදේශීය රටවල් සමග මගේ තියෙන්නේ ඊට එහා ගිය සබඳතා. සමහර ජාතීන් සමග වැඩකරද්දී හඳුනාගත් පිරිස් ඉන්නවා. ඔවුන් තමයි මට අතදෙන්නේ. කලාවේ සිදුවන ඇතැම් දේවලට විරුද්ධව මම කතා කළා. සමහර අයට ඒ දේවල් දරාගන්න බැරුව විවිධ අයුරින් මට ගැහුවා. එහෙත් මම වැටුණේ නෑ.

මම මගේ තැන හදාගත්ත. ඔවුන්ට තමයි මාව නැති වුණේ. මම මේ වැඩසටහනට වුණත් ඉතාම කැමැත්තෙන් සම්බන්ධ වුණේ මට මුහුණ දෙන්න සිදු වු සිදුවීම් මේ දරුවන්ට අනාගතයේදි මුහුණ නොදෙන්නටයි. මේ දරුවන් අනාගතයේදි රටට වැඩක් කරයි.

ඒ වගේම රටට නිසි නායකත්වය ලබාදෙයි. එවිට මට මුහුණ දෙන්න සිදු වුණා වගේ සිදුවීම්වලට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන එකක් නෑ.

මේ දේවල් කරන්නේ දේශපාලනයට එන අදහසින්ද?
දේශපාලනය කරන්න තුන් හිතකවත් නැහැ. මට ඕනෑ දරුවන් එකතු කරගෙන ඒ අයට මගපෙන්වන්න විතරයි.

නයනා වෑත්තෑව
සිළුමිණ



 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top