Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
21
"කාදිනල්තුමා දුන්නු මුදලින් වැඩකටයුතු කරගන්නේ.." - ලොවක් කම්පා කළ පාස්කු ඉරිදා ඛේදවාචකයට දෙමසයි! රජයේ වැරදි හේතුවෙන් තවමත් පීඩා විඳින තුවාලකරුවන්ගේ කඳුළු කතාව - Video

- "කාදිනල්තුමා දුන්නු මුදලින් වැඩකටයුතු කරගන්නේ.." - ලොවක් කම්පා කළ පාස්කු ඉරිදා ඛේදවාචකයට දෙමසයි! රජයේ වැරදි හේතුවෙන් තවමත් පීඩා විඳින තුවාලකරුවන්ගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
මගේ පවුලේ පස් දෙනෙක් ජිවිතෙන් සමුගත්තා..
 
ඔළුව දිගටම පැලිලා, දැනුත් ටිකක් රිදෙනවා..
 
ලක්ෂ 5ක් දෙනවා කිව්වා, දුන්නේ 25, 000යි...
 
ජයග්‍රහණයේ සැමරුමක් වු පාස්කු ඉරිදාව කඳුළු මතකයක් බවට පත්වී අදට දෙමසක්.
 
නොසිතූ ලෙස එල්ලවන අන්තවාදී කුරිරු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මාලාවක් මිනිස් ජීවිත 250 කට වැඩි සංඛ්‍යාවක් බිළිගනිද්දී ප්‍රහාරයෙන් තුවාල ලබා යළි නැගී සිටීමට උත්සාහ දරන තවත් පිරිසක් අප සමාජයේම සිටිනවා.
 
මේ වගකිවයුත්තන්ට අමතක ඔවුන්ගේ ජීවිත පිළිබඳව හිරු අප තබන සටහනක්.

පාස්කු ඉරුදින මෙරට ස්ථාන 8කට එල්ල වු ත්‍රස්ත ප්‍රහාර මලාවෙදී ත්‍රස්තයින් විසින් වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් බිළිගනු ලැබුවේ කටුවපිටිය දේවස්ථානයෙන්.

එදා ගමම එකම මළගමක් බවට පත්කොට දෙවියන් යැදීමට දෙව්මැදුරට පැමිණි 115ක් පමණ වු පිරිසක් යළි නොඑන ගමනක් ගියා.
 
එකි ප්‍රහාරයේ රුදුරු බව කොතරම්දයත් ප්‍රහාරයට දෙමසක් සැපිරෙමින් තිබු ඊයේ දිනයේදීත් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් එක් තුවාලකාරියක් ජිවිතක්ෂයට පත්වුණා.
 
කටුවපිටිය දෙව්මැදුරේ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ 73 හැවිරිදි ක්‍රිසෙන්ටියා පෙරේරා හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මීගමුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙළොව හැරගියා.
 
ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වීමෙන් මෙම නිවසේ විසු ක්‍රිසන්ටියාගේ පුතුණුවන් හා ලේලියද මීට පෙර ජීවිතාක්ශයට පත්ව තිබෙනවා.
 
ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙවියන්ගේ ගෘහය ලේ විලක් බවට පත්වෙද්දි, තමන්ටත් නොදැනී අවසන් ගමන් ගිය කටුවාපිටියේ සිය ගණනක් සදාකාලික නින්දකට වැටුණේ මෙම පොදු සුසාන භූමියේයි.
 
ඒ අමිහිරි අතීතයේම රැදී සිටිමින් තවමත් තම සමීපතමයින් සිහිකරන්නාවු මිනිසුන් අදටත් නැතුවාම නොවේ.
 
පාස්කු ඉරුදින කුරිරු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබුවන් බොහෝ දෙනා අදටත් හෙට දවස වෙනුවෙන් සිහින දකිමින් සිටිනවා.
 
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමේ කටයුතු පිළිබද සොයා බැලු අපට දැනගැනීමට ලැබුනේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් සදහා සහ තුවාල ලැබුවන් උදෙසා වන්දි ප්‍රදානයක් සිදුව තිබුණද, එය ප්‍රමාණාත්මකව සහ විධිමත්ව සිදුවී නොමැති බවයි.
 
මේ පිළිබදව කටුවාපිටිය ගම්මානය තුළ අප කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව විධිමත් ලෙස සහන සැලසීමේ කටයුතු සිදුකර තිබුණද, රජයේ පාර්ශ්වයෙන් සිදු කරන ලද සහන සැලසීමේ සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලියෙදී නොසලකා හැරීම් සහ වන්දි ප්‍රමාණාත්මක නොවීම වැනි අඩුපාඩු සිදුව ඇති බවයි.
 
සුළු වැඩකින් පවා තම කොමිස් කුට්ටිය සොරා ගන්නාවු රටක, මෙම අවස්ථාවේදි හෝ රටක් ලෙස එකට එකතු වී පිඩාවට පත්වුවන් නැවත නගා සිටවීම රජයක වගකීමක් නොවන්නේද..?


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top