Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
21
"මගේ සියලුම වැරදිවලට මම ඔබ සියලු දෙනාගෙන්ම හදවතින් සමාව ඉල්ලනවා..." - රෝගීන් 85 දෙනෙකු පරලොව යැවූ 43 හැවිරිදි සාත්තු සේවකයා සියල්ල පාපොච්චාරණය කරයි - Photos

- "මගේ සියලුම වැරදිවලට මම ඔබ සියලු දෙනාගෙන්ම හදවතින් සමාව ඉල්ලනවා..." - රෝගීන් 85 දෙනෙකු පරලොව යැවූ 43 හැවිරිදි සාත්තු සේවකයා සියල්ල පාපොච්චාරණය කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,851 Views
හෘදයාබාධ රෝගීන් හිටිහැටියේ මියයන්නට පටන් අරන්..
 
මරණයට පත්වූ ගණන 300 ඉක්මවා යන බව පොලීසිය කියයි...
 
දෙවැනි ලෝක යුද්ධයේදී විකෘති මනසක් සහිත වෛද්‍යවරු අසරණ යුදෙව්වන් දහස් ගණනක් වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි කරගන්නා මුවාවෙන් සිදුකළ ඝාතනවලට පසු මෑත ඉතිහාසයේ සිදුකළ එවන් දරුණු මිනිස් ඝාතන රැසක් පසුගියදා ජර්මනියෙන් වාර්තා වුණා.
 
ජර්මානු පොලීසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.
 
"හීල්ස් හෝගල්" සාත්තු සේවකයෙක්. ඔහු ජර්මනියේ රෝහල් කිහිපයකම සාත්තු සේවකයෙකු ලෙස සේවය කළා. ඔහු අවසන් වරට සේවය කළේ ජර්මනියේ ඕල්ඩන්බර්ග් සහ ඩෙල්මන් හෝස්ට් නගරවල පිහිටි ප්‍රධාන පෙළේ රෝහල් දෙකකයි.

එම රෝහල්වල සේවය කරමින් සිටියදී ඒවායේ ප්‍රතිකාර ලබමින් සිටි හෘදයාබාධ රෝගීන් හිටිහැටියේ මියයන්නට පටන් ගෙන තිබෙනවා. ඒ සෑම එකක්ම අබිරහස් මරණ බවට පත්වුණා. පසුව මේ පිළිබඳ සැක සිතූ රෝහල් බලධාරින් වහාම පරීක්ෂණ ඇරඹුවා. එහිදී හෙළිවූයේ හෘදයාබාධ රෝගීන්ට නියම නොකරන ලද ඖෂධයක් එන්නත් කිරීම නිසා ඔවුන් මියගොස් ඇති බවයි.
 
එන්නත් කිරීම සිදුකර ඇත්තේ සාත්තු සේවකයෙකු වූ හීල්ස් හෝගල් බව පරීක්ෂණවලින් අනාවරණය වුණා.
 
හෘදයාබාධ රෝගින්ට මෙම එන්නත් විදීමෙන් අනතුරුව සාත්තු සේවක හීල්ස් වහා ඉදිරිපත්වී එම රෝගීයා බේරා ගැනීමට දරණ උත්සහය ගැන සැකසිතුණු එම රෝහලේ වෙනත් සාත්තු සේවකයෙකු ඒ බව පාලනාධිකාරියට දැනුම් දීමත් සමඟ මේ පිළිබඳ විමර්ශන ආරම්භ වුණා. මේ ගැන විමසද්දි හීල්ස් රෝහල් බලධාරින්ට පවසා ඇත්තේ අසනීප වූ රෝගියෙකු යථා තත්ත්වයට පත් කිරීමට තමාට විශේෂ හැකියාවක් ඇති බව පෙන්වාදීම සඳහා තමා එම ක්‍රියාවේ නිරතවුණු බවයි.
 
එහෙත් සිදුවූයේ වෙනත් දෙයක්. ඔහුගේ ක්‍රියාව නිසා ඔහු සේවය කළ රෝහල් දෙකේම සිටි හෘදයාබාධ රෝගීන් විශාල සංඛ්‍යාවක් ඒ වන විටත් මියගොස් තිබුණා.
 
ඒ අනුව රෝහල් බලධාරින් පොලීසියට කළ දැනුම්දීමත් සමඟ හීල්ස් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඉන්පසු ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
 
63 හැවිරිදි රෝගියෙකුට Ajmalline නම් ඖෂධය අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් කිරීමේ චෝදනාව ඔහුට එල්ල වුණා. ඉන්පසු එම රෝහලේදී මියගිය හෘදයාබාධ රෝගීන්ගේ නෑ හිතවතුන්ද ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙස බලකිරීම නිසා හීල්ස්ට එරෙහිව කරන ලද පරීක්ෂණයේදී ඔහු කළ සෙසු ඝාතනද හෙළිවන්නට වුණා.
 
ඒ අනුව මිය ගිය රෝගීන්ගේ සිරුරු ගොඩගෙන සිදුකළ පරීක්ෂණවලට අනුව ඔහුට එරෙහිව චෝදනා 100ක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් ඝාතන 14කින් ඔහුට නිදහස් වීමට හැකිවූ නමුත් ඝාතන 43ක් තමා විසින් සිදු කරනු ලැබූ බව ඔහු අධිකරණයේදී පිළිගත්තා. එසේම මරණ 52ක් පිළිබඳ තමාට මතකයක් නැති බවද ඔහු ප්‍රකාශ කළා.
 
හෝගල්ගේ අපරාධ රැල්ල මුලින්ම හෙළිවුයේ 2005 වසරේදීයි. ඒ රෝගීයෙකුට හදවතේ රිද්මය වෙනස් කළ හැකි ඖෂධයක් එන්නත් කිරීම නිසායි. පසුව පොලිස් අත්අඩංගුවට පත් ඔහුට විරුද්ධව නඩු පවරන ලද අතර ඔහු එම චෝදනාවට වැරදිකරු ලෙස තීරණය වීම නිසා වසර 7ක සිර දඬුවම් නියම වුණා. ඉන්පසුව රෝගීන් දෙදෙනෙකු මරා දැමීමත් තවත් දෙදෙනෙකු මරා දැමීමට උත්සහ කිරීමත් යන චෝදනාවලට දෙවැනි වරටද ඔහු ට නඩු විභාගයකට මුහුණ දෙන්න සිදු වුණා.
 
මේ නඩු විභාගවලින් හෝගල් සේවය කළ සෑම රෝහලකින්ම මේ අයුරින් මරණයට පත් වූ රෝගීන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වූ අතර ඒ අනුව හෝගල් අතින් මරණයට පත්වූ ගණන 300 ඉක්ම යනු ඇතැයි පොලීසිය පෙන්වා දෙනවා. එහෙත් ඒ සියල්ල අධිකරණය හමුවේ ඔප්පුකිරීමට පොලීසියට හැකිවුණේ නැහැ.
 
අවසානයේ ඕල්ඩන්බර්ග් අධිකරණයේදී පසුගියදා නිමාවූ මෙම නඩු විභාගයේදී හීල්ස් හෝගල් චෝදනා 85කට වැරදිකරු බවට අධිකරණය තීරණය කළා.
 
ජර්මනියේ පවතින නීතිය අනුව මෙවැනි අපරාධයකට දිය හැකි උපරිම දඬුවම දිවි ඇති තෙක් සිරගෙට නියම කිරීමයි. ඒ අනුව ඔහුට එම දඬුවම හිමිවුණා.
 
දඬුවම් ලැබීමෙන් අනතුරුව උසාවි ශාලාවේ රැස්ව සිටි මියගිය අයගේ නැදෑ හිතමිතුරන් ඇමතූ හෝගල් පැවසුවේ, "මා විසින් සිදුකරන ලද සියලුම වැරදිවලට ඔබ සියලු දෙනාගෙන්ම මම හදවතින් සමාව ඉල්ලනවා.." යනුවෙනුයි.
 
'රෝහණ ආර්යරත්න'


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  697 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,131 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,459 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,086 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,518 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top