ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාර එංගලන්තය අතර පැවැත්වෙන තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නයකයා සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
අද තරඟය සඳහා පෙර තරඟයේ ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සහ ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර තිබෙනවා.
අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්
අද තරඟයට එක්වන එංගලන්ත කණ්ඩායම
ජේම්ස් වින්ස්, ජොනී බෙස්ටෝ, ජෝ රූට්, ඔයින් මෝගන්, බෙන් ස්ටොක්ස්, ජෝෂ් බට්ලර්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, අඩිල් රෂීඩ්, ජෝෆරා ආචර්, මාර්ක් වුඩ්