Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
20
ඉරානය ඇමරිකානු යානයකට පහර දෙයි - Photos

- ඉරානය ඇමරිකානු යානයකට පහර දෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
ඉරාන ගුවන් අවකාශය තුළදී නියමුවන් රහිත ඇමෙරිකානු ඔත්තු සේවා යානයකට පහර දී බිම හෙළූ බව ඉරානයේ රාජ්‍ය ආරක්ෂක හමුදා ශාඛාවක් වන ඉස්ලාම් විමුක්ති ආරක්ෂණ බළකාය පවසා තිබෙනවා.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ හෝමොස්ගන් පළාතේ කුමෝබාරක් ප්‍රදේශය ආසන්නයේදී අදාළ යානයට ආරක්ෂක හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ බවයි.

ඇමෙරිකාව එය තහවුරු කරමින් පවසා ඇත්තේ, හෝමස් සමුද්‍ර සන්ධිය ඉහළින් පියාසර කරමින් තිබියදී ඉරාන ගුවන් මිසයිල ප්‍රහාරයකින් එම යානය කඩා වැටී ඇති බවයි.

ඇමෙරිකානු නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ඇමෙරිකානු නාවික හමුදාවට අයත් MQ-4C Triton මාදිලියේ යානයකට එලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි. 

මෙම සිද්ධිය වාර්තා වූයේ, මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා භටයින් 1000ක් එම කලාපයට යවන බවට ඇමෙරිකාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි.

ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කළා.

ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වූයේ, තමන් සතු අඩු බලැති යුරේනියම් ප්‍රමාණය ලබන සතිය වන විට 2015දී ඇති කර ගත් ජාත්‍යන්තර එකඟතා සීමාව ඉක්මවා යනු ඇති බවට සඳුදා ඉරානය කළ නිවේදනයත් සමගයි. 

ඇමෙරිකාව තමන්ට එරෙහි ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය යුරේනියම් නිෂ්පාදනය ඉහළ දැමුවා. 

ඉරානය පවසන පරිදි, බ්‍රහස්පතින්දා ඇමෙරිකානු ඔත්තු සේවා ගුවන් යානයට ප්‍රහාර එල්ල කළ 'කුමොබාරක්' ප්‍රදේශය හෝමස් සමුද්‍ර සන්ධියට ආසන්නව පිහිටා තිබෙන අතර එය ජාත්‍යන්තර ඉන්ධන සපයන්නන්ගේ ප්‍රධාන මුහුදු මාර්ගයක්. 

ඉරානය සම්බන්ධයෙන් මැද පෙරදිග රටවල් අතර ඇති වන උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා සාමාජිකයින් 1000ක් මැදපෙරදිග කලාපයට පිටත් කර හැරීමට ඇමෙරිකානු ආරක්ෂක හමුදා තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂානහන් පැවසුවේ, ඉරාන හමුදාවන්හි "සතුරු හැසිරීමට" ප්‍රතිචාරයක් වශයෙන් එම අතිරේක බළකාය යැවීමට පියවර ගන්නා බවයි. 

මේ වන විට සෞදි අරාබිය සහ ඉරානය අතර ද යම් උණුසුම් තත්ත්වයක් ආරම්භ වී තිබේ. ඒ, ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමගයි.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කළා.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් පැවසුවේ, කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින හෙයින් ඕනෑ ම තර්ජනයකට මුහුණ දීමට සෞදි අරාබිය පසුබට නොවන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වුණා.

බ්‍රහස්පතින්දා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කළා.

"BBC සිංහල"

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top