අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව සෙනසුරාදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටයි.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.
..