ලොව පුරා සිදුවන ගැටුම් නිසා මේ වනවිට මිලියන 70.8 ක පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ප්‍රකාශ කළා.
ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ දිනකට පුද්ගලයින් 37,000 ක් පමණ මෙලෙස අවතැන් වන බවයි.
පසුගිය වසර 20 තුළ මෙම සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර, 2018 වසරට සාපේක්ෂව ලොවපුරා අවතැන්වූ සංඛ්‍යාව මිලියන 2.3 කින් ඉහළ ගොස් ඇතැයිද එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කළා.
..