2019 වර්ෂයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනූව ලොව වඩාත්ම සාමකාමී රට බවට පත්ව ඇත්තේ ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් ජිවත් වෙන අයිස්ලන්තයයි. මුළු රටේම සාමකාමිත්වය සසදා බලා මෙසේ ශ්‍රේණිගත කිරීම් අනුව අයිස්ලන්තය පළමු තැන ගෙන තිබෙනවා.
රටේම සාමකාමිත්වය සලකා බැලීමේදී වසර පහකට පසුව මෙසේ ලෝක ශ්‍රේණිගත කිරීමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ. ලොව වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි තැන නවසීලන්තයත් තෙවැනි තැන පෘතුගාලයටත් හිමිව තිබෙනවා.
ඔස්ට්‍රියාව හතරවැනි තැනත් පස්වැනි තැන ඩෙන්මාර්කයටත් හිමි වෙද්දී ශ්‍රී ලංකාව ලොව වඩාත්ම සාමකාමි රට ලෙස පසුවන්නේ 72 වැනි ස්ථානයයි. අසල්වාසී රට වන ඉන්දියාව 141 වැනි තැන හිමිව තිබෙනවා. සාමකාමිත්වය අතින් දුර්වලම රට බවට පත් වන්නේ ඇෆ්ගනිස්ථානයි.