අනවශ්‍ය විහිළු නොකරන ලෙස කාන්තාවක් පැවසීමෙන් උරණ වූ පුද්ගලයෙකු තවත් අයෙකු සමග එම කාන්තාවගේ නිවසට පැමිණ කඩුවකින් පහරදී එම කතගේ පුතාට බරපතල තුවාල සිදු කර ඇතැයි ගාල්ල පොලීසිය පවසනවා.
කරාපිටිය අනගාරික ධර්මපාල මාවතේ නිවසක් ඉදිරිපටට පැමිණි නාදුනන පුද්ගලයෙකු එම නිවසේ කාන්තාවට අනවශ්‍ය විහිළු කරමින් සිටින විට කාන්තාව නිවසින් එළියට පැමිණ එසේ නොකියන ලෙස පවසා තිබෙනවා.
ඒ අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවූ බවට පොලීසිය කළ මූළික පරීක්ෂනවලින් හෙළිවී තිබෙනවා.
එම පුද්ගලයා නැවත රාත්‍රී හතයි දහයට පමණ තවත් අයෙකු සමග පැමිණ එම නිවසට ගල් ගසා අලාභ හානි සිදු කර නිවසට ඇතුළු වී කාන්තාවගේ 21 හැවිරිදි පුතාට කඩුවකින් පහර දී තුවාල සිදු කිරීමෙන් අනතුරුව පලාගොස් තිබෙනවා.
ගාල්ල පොලීසියේ අපරාධ පරික්ෂණ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක එම්. නිමල් මහතා ඇතුළු නිලධාරීන් මේ පිලිබඳව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
"ලංකාදීප"