Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"මුස්ලිම් හැර අනෙක් අය ඔක්කොම මරන්න ඕනෑ කියලා සහරාන් කිවුවා" - මොහොමදු සෙයිලාන් මවුලවිතුමන් හෙළිකළ දේ - Video

- "මුස්ලිම් හැර අනෙක් අය ඔක්කොම මරන්න ඕනෑ කියලා සහරාන් කිවුවා" - මොහොමදු සෙයිලාන් මවුලවිතුමන් හෙළිකළ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,222 Views
ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි...
සහරාන් ගිවිසුම් ගැහුවා සාෆි සාලි, ෆිබිලි ෆාරුක්, එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා එක්ක

මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු බව සහරාන් හෂීම් 2016 වසරේදී ප්‍රකාශ කළ බව කාන්තන්කුඩි සුෆී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන මොහොමදු සෙයිලාන් මවුලවිතුමන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

මොහොමදු සෙයිලාන් මවුලවිතුමන් ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් පල කළා.
 

කාන්තන්කුඩි සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සෙයිලාන් මවුලවිතුමන්
අප මොවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව කාන්තන්කුඩි පොලිසියට 2013 – 2014 අතර කාල සීමාවේදී පැමිණිලි 11 ක් පමණ ඉදිරිපත් කළා.

සරත් ෆොන්සේකා - පා.ම
2015 ජනාධිපතිවරණය වෙලාවේදී මොනවද එයා කළේ..?

පිළිතුර
ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි.

එම්.ඒ. සුමන්තිරන් - පා.ම
ඔහු ගිවිසුම් ගැහුවේ කා සමඟද...? ලැයිස්තුවක් කියන්න...?

පිළිතුර
ඔහු ගිවිසුම් ගැහුවා සාෆි සාලි, ෆිබිලි ෆාරුක්, එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, ඒ.එල්.එම්. රූබී, අබ්දුල් රහුමාන් . මේ අය සමඟ ගිවිසුම් ගැහුවේ. මේ සමහර ගිවිසුම් සුෆි මුස්ලිම්වරුන්ට විරුද්ධ ගිවිසුම් .

සරත් ෆොන්සේකා - පා.ම
ජාතිකත්වයට විරුද්ධව මොනවාද කිව්වේ...?

පිළිතුර
මුස්ලිම් නොවන අය මරන්න ඕන කියලත් ඔහු දේශණ වලදී කිවුවා. රැස්වීම් තුනකදී කිව්වා. ඔහු මේ වගේ කතා කිව්වේ 2016 න් පස්සේ. මේ කතාවක් කළේ පොසු ස්ථානයකදී. හිස්බුල්ලා සංස්කෘතික කේන්ද්‍රෙය්.

සරත් ෆොන්සේකා - පා.ම
ඒ අනෙක් ආගම් වල අය මරන්න කිව්ව එක ගැන කවුරුන් පැමිණිල්ලක් කළේ නැත්ද...?

පිළිතුර
ඔව් පැමිණිලි කළා. ඔහු නිතර සඳහන් කළේ අයි.එස් අයි.එස් ගැනයි. ජාතික කොඩිය ඉස්ලාමීය රාජ්‍යට ප්‍රශ්නයක් බවත් කිව්වා. මුස්ලිම් වරුන් ලංකාව අල්ලා ගත යුතු බවත් ඔහු දේශණා කළා . මුස්ලිම් ජිහාද් කිරීම අනිවාර්යයි කියලත් ඔහු ප්‍රකාශ කළා. අප මෙම කරුණු පිළිබඳව ජනාධිපති කාර්යාලයට, එවක අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාටත්, අග්‍රාමාත්‍ය කාර්යාලටත්, එවක නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය වරයාව කටයුතු කළ සාගල රත්නායක මහතාටත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාටත්, කොළඹ පොලිස් මූලස්ථානයටත්, පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාටත් පැමිණිලි කළා.

මම සුෆී මුස්ලිම් , මම ස්ලාම් ආගම අදහන්නේ. ස්ලාමය සමාදානය ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රචන්ඩත්වය අපි කවදාවක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.

මේ අතර ඊයේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කාන්තන්කුඩි පොලිස් ස්ථානහේ වත්මන් සහ හිටපු පොලිස් ස්ථානාධිපති වරුන් සාක්ෂි ලබා දුන් අතර ඔව්න්ගේ සාක්ෂි ලබා දීම පිළිබඳව භික්ෂූන් වහන්සේ අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,191 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,343 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,851 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,666 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top