Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"මෙතන හරියන්නේ නෑ.. තව කැලේ ඇතුළට අරන් යමු..." - මිනිස් වෙසින් ආ තිරිසනුන් ශ්‍රියානිගෙන් මනදොළ සපුරාගනිමින් සිදු කළ තිරිසන් ක්‍රියාව රටම කම්පා කරයි

- "මෙතන හරියන්නේ නෑ.. තව කැලේ ඇතුළට අරන් යමු..." - මිනිස් වෙසින් ආ තිරිසනුන් ශ්‍රියානිගෙන් මනදොළ සපුරාගනිමින් සිදු කළ තිරිසන් ක්‍රියාව රටම කම්පා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,849 Views
"අනේ පුතේ.. මගේ ළඟ තියෙන සේරම දේවල් අරගන්න.."
 
"මාව කැලේ අතරමං කරලා දාලා යන්න එපා පුතේ..."
 
බිබිල පොලිස් වසමේ, උඩුබුබල, ගොඩකුඹුර වත්ත ලිපිනයේ පදිංචිව සිටි ජයලංස මුදියන්සේලාගේ ශ්‍රියානි ප්‍රේමලතා වයස අවුරුදු 57ක් වූ මවක්. ඇගේ එක් පුතෙකු පොලිස් සේවයේ යෙදී සිටින අතර බෑණා කෙනෙකු සේවය කරන්නේ යුද හමුදාවේයි.

ඇය කල් ගෙවුයේ ඉහත ලිපිනයෙ පදිංචි දියණියගේ නිවසේ ඇයගේ දරු පවුල සමඟයි.
 
පසුගිය මාර්තු මස තුන්වැනිදා සවස එකහමාරට පමණ ඇය දියණියගේ නිවෙසින් පිට වන්නේ වැඩිමල් සහෝදරිය ඇතුළු ඥාතීන් බැහැදැකීම සඳහා දෙබරවැව ප්‍රදේශයට යාමටයි. ඒ ගමන සඳහා ඇය දින කිහිපයක් තිස්සේ ලක් ලෑස්ති වුණා.

ගමේ වැවෙන එළවළු පළතුරු සොයා ඒවා වෙන වෙනම මලුවලට දමා ඥාති නිවෙස් වලට යනවිට රැගෙන යාමට පහසු වන ලෙස සුදානම් කර ගත්තා.

ඇය නිවසින් පිටවෙද්දි ඇයගේ දියණියගේ මිනිබිරියන් එනම් දියණියන්ගේ දියණියන් දෙදෙනා ඇය සමඟ මහපාරේ බස් නැවතුම අසළට පැමිණීයේ ඇයට තනිවම ගමන් මලු රැගෙන යාමට අපහසු වූ නිසායි. ඇය බස් නැවතුමට ඇරලවූ මිනිබිරියන් ඇයගෙන් සමුගෙන් යන්නට ගියේ හැකි ඉක්මනින් පැමිණෙන ලෙසත්, ආච්චි අම්මා නැතිව වැඩි දිනක් කල් ගෙවීම අපහසු බවත් පවසා ඇයගේ දෙපා නැමැදීමෙන් පසුවයි.
 
සාමාන්‍යයෙන් මේ ගමන යාමට ගතවන කාලය පැය තුන හතරක් පමණ වනවා. දහවල් එකහමාරට පිටත් වුවත් රාත්‍රීය උදාවී හෝරා කිහිපයක් ගතවනතුරුත් ඇය අක්කාගේ නිවසට පැමිණියේ නැහැ.
 
බස් ප්‍රමාද වුණාද? ඇය ආ බස් රථය මඟදී කැඩුණාද? ආදී දේ සිතමින් අක්කා ඇතුළු පවුලේ අය ඇයට දුරකථන ඇමතුම් ලබා දුන්නා. එහෙත්... ඇයගේ ජංගම දුරකථනය අක්‍රියයි. පසුදාට පහන් වුණා. ඇය.. ආගිය අතක් නැහැ. ඉන් බියට පත්වන දියණිය එදින එනම් හතරවැනිදා බිබිල පොලීසියට ගොස් සිය මව අතුරුදහන් බවට පැමිණිල්ලක් කළා.
 
ලද පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මේ අතුරුදහන්වීම ගැන අවට පොලිස් ස්ථානවලට දැනුම් දී තොරතුරු සෙවීමට උත්සහ කළත් එය අසාර්ථක වුණා.
 
ශ්‍රියාණි ප්‍රේමලතා අතුරුදහන්ව මාස තුනක් පමණ කල් ගෙවුණා. එහෙත්.. ඇය පිළිබඳ කිසිම තොරතුරක් සොයා ගන්නට පොලීසියටවත් ‍පවුලේ අයටවත් හැකි වුයේ නැහැ.
 
මෙලෙස කාලය ගෙවී යද්දි තංගල්ල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලැබුණා. එම තොරතුර වූයේ මිනීමරුමක් සිදුකළ අයකු කතරගම ප්‍රදේශයේ නිදැල්ලේ සිටින බවයි.
 
තොරතුරට අනුව විමර්ශන පැවරුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකටයි. ඒ අනුව නිලධාරින් නානාවිධ පුද්ගලයින් ලෙස වෙස් වලාගෙන කතරගම ප්‍රදේශයේ සැරිසරමින් තොරතුරු සෙවීම ආරම්භ කළා.
 
එම ප්‍රදේශයේ ඇති හේන් වලට යමින් කුලී කම්කරුවන් ලෙසද පාරවල් ගානේ රස්තියාදු වන ගංජාකාරයින් ලෙසද ප්‍රදේශය පුරා සැරිසැරූ මේ කණ්ඩායම, පොලිස් අධිකාරිවරයා දුන් තොරතුරට අදාළ පුද්ගලයා පසුගිය එකොළොස් වැනිදා අත්අඩංගුවට ගන්නේ කතරගම මහ මාර්ගයක ගමන් කරමින් සිටියදීයි.
 
මොහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ අපරාධකරුවෙක්. වි.ඕ.සී. සුද්දා නම්වන මොහු මීට කලකට පෙර කතරගම ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයක සැකකරුවෙක්. ඊට අමතරව හොරකම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවෙක්.
 
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ තමන් ඇතුළු හතර දෙනෙකු එක්ව මීට මාස තුනකට පමණ ඉහතදී කාන්තාවක පැහැරගෙන ගොස් ඇය දූෂණය කොට මරා දමා ඇය සතුව තිබූ රන් ආභරණ සහ මුදල් කොල්ල කෑ බවයි. ඊට සම්බන්ධ වූ අනෙක් තිදෙනාගේ තොරතුරු ඔහු හෙළි කළ අතර ඉන් එක් අයෙක් වූ තරංග යන අය කතරගමදී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවුණා.
 
දෙදෙනාගෙන් වෙන් වෙන්ම ප්‍රශ්න කිරීමේදී දෙදෙනාම පැවසුවේ එකම කතාවක්. එම තොරතුරුවලට අනුව මාර්තු මස තුන්වනදා දහවල් වි.ඕ.සී. සුද්දා ඇතුළු කල්ලිය බිබිල දෙස සිට කතරගම බලා ගමන් කරමින් සිටියේ කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකිනුයි.
 
ඒ මොවුන්ගේ රැකියාව සඳහායි. මොවුන්ගේ රැකියාව වූයේ හොරකම, කොල්ලකෑම ඇතුළු අනුන්ගේ දේ බලෙන් හෝ සොරෙන් ගෙන ලැබෙන මුදල් බෙදාගෙන ජිවත් වීමයි.
 
"එදා බිබිලේ ඉඳලා කතරගම පැත්තට යද්දි පාර අයිනේ ටිකක් වයසක අම්මා කෙනෙක් බෑග් වගයක් තියාගෙන බස් හෝල්ට් එකේ හිටියා. අපි ටිකක් ඉස්සරහට ගිහින් වාහනේ හරවාගෙන ආපහු ගියා. අම්මා ළඟින් වාහනේ නවත්තලා මම බැහැලා ගිහින් කතා කළා.." වී.ඕ.සී. සුද්දා පැවසුවා.
 
"ආ අම්මා පාරේ ඉන්නවා දැකලා නැවත්තුවේ. බස් එකක් තවම ආවේ නැද්ද.."
 
"අනේ නෑනේ පුතේ.. පුතාලා කොහෙද යන්නේ...?"
 
"අපි කතරගම යන්නේ..."
 
"මම දෙබරවැව යන්නේ. අනේ පුතේ එහෙනම් මාවත් එක්කන් යන්නකෝ.."
 
තමා අසළට පැමිණී තරුණයින් කෙරෙහි දාරක ප්‍රේමය උපදවා ගත් ඇය ඔවුන් හා තමන්ගේ දරුවන් අතර වෙනසක් නැතැයි ද සිතන්නට ඇති. ඇය ඔවුන්ගෙන් උදව්වක් ඉල්ලා සිටියේ ඒ විශ්වාසය නිසාමයි.
 
"හරි හරි අම්මා නගින්නකෝ.. අපි අම්මව ගිහින් ඇරලවන්නම්..."
 
වී.ඕ.සී. සුද්දා ඇයට ආදරයෙන් කරුණාවෙන් එලෙස පවසන්නේ ඇයගේ ගෙලෙහි වූ පෙන්ඩනය සහිත රන්මාලය ඇතුළු රන් ආභරණ දෙස ඇස ගසාගෙනයි.
 
නාඳුනන තරුණයින් 4 දෙනෙකුට මැදිවූ ඇය ඔවුන් හා යන අතරේ සිය පවුලේ තොරතුරු ද පවසන්නට වුණා.
 
"මගේ එක පුතෙක් ඉන්නේ පොලිසියේ. එයා මේ දවස්වල ළිදුල පොලිසියේ වැඩ කරන්නේ. මගේ බෑනා ආමි එකේ කැප්ටන් කෙනෙක්. මම ඉන්නේ එක දුවෙකුගේ ගෙදර. මගේ අක්කයි අනිත් නෑයොයි ඉන්නේ දෙබරවැව. මම එයාලව බලන්න යන ගමන්..."
 
"ආ ඇත්තද අම්මේ.. මේ බඩු ගෙනියන්නේ ඒ ගොල්ලන්ට වෙන්න ඇති.."
 
"අනේ ඔව් දරුවෝ මම එයාලව බලන්න යනකොට මොනවා හරි අරගෙන යනවාමයි.."
 
නාඳුනන එහෙත් විශ්වාසවන්ත යැයි සිතු පුද්ගලයින් සමඟ ඇය සුහද කතාබහක යෙදෙමින් සැහැලුවෙන් එලෙස ගමනේ යෙදුණා. මෝටර් රථය යම් තරමක වේගයෙන් ඉදිරියට ධාවනය වුණා. එය කතරගම පොලිස් වසම ආසන්නයට ආ අතර එතැනින් පරණ සෙල්ලකතරගම බුත්තල පාර හමුවෙයි.
 
ඉතා හොඳින් සාදා ඇති මෙම පාර වැටී ඇත්තේ යාල වනෝද්‍යානය මැදිනුයි. එබැවින් දෙපස ඇත්තේ කැලෑවම පමණයි. කැලෑව අතරින් වාහනය ගමන් කරද්දි ඇයගේ සිතට යම් චකිතයක් දැනෙන්නට ඇති.
 
එම මාර්ගය දිගේ ඉදිරියට ඇදෙන මෝටර් රිය රියදුරු විසින් එක්වරම නවත්වන්නේ තමාට ශරීරකෘතයයක අවශ්‍යතාවයක් තිබෙන බව කියමින්. එම ස්ථානයේ සිට සෙල්ලකතරගම නගරයට ඇති දුර කිලෝමීටර් පහක් පමණ වනවා.
 
රථයෙන් බැස වන ලැහැබට යන රියදුරු තරංග සිය අවශ්‍යතාවය ඉටුකරගැනීමෙන් අනතුරුව මිතුරන් දෙස බලා තමන් අසළට පැමිණෙන ලෙස පවසන්නේ හිසෙන් ඉඟියක් කරමිනුයි.
 
"මේ ගෑනිගේ රත්තරන් ටික ගලවගන්නනම් අපිට දවස් කීපයකට සල්ලි ඇති.."
 
තරංග එලෙස පවසද්දි සගයන් ඊට එකහෙළාම එකඟ වන්නේ මෙය මොවුන්ගේ වෘත්තිය වූ නිසාත් ඔවුන්ගේ සිතේද පහළවී තිබුණේ තරංගගේ සිතේවූ අදහසම නිසායි.
 
අවශ්‍ය දෙය කතිකා කර ගැනීමෙන් අනතුරුව පිරිස මෝටර් රථයට ගොඩවන අතර රියදුරු අසුනට ගොඩ වූ තරංග එය ඉදිරියට ධාවනය කරන්නට වුණා.
 
සෙල්ලකතරගම නගරය පසුවනවිට පොලිස් මුරපොළක් හමුවනවා. ඊට කිලෝමීටර් දෙකකට පමණ මෙපිටින් වම් අත පැත්තට වන්නට අත්හැර දැමූ යුද හමුදා කඳවුරක්. එය මේ වන විට නටබුන් වී කැලෑවට ගොසිනුයි. මෙම ස්ථානයෙන් යාල කැලෑවට වාහනයක් ඇතුල් කිරීමට හැකි පමණ ඉඩකඩ තිබෙනවා. තරංග වාහනය එම ස්ථානයෙන් කැලෑව තුළට දමන්නේ තමන්ගේ වැඩේට හොඳම තැන මෙතැන බව සිතමිනුයි.
 
"කොහෙද පුතේ මේ යන්නේ.." කියා අම්මා අසද්දි ඇය විශ්වාසයෙන් ගොඩ වූ මෝටර් රථයේ සිව් පුද්ගලයින් නොව තිරිසන් හොර රැලක් බව වැටහෙන්නට ඇති.
 
ඇය ඇසූ ඒ පැනයට ලැබුණු පිළිතුර වූයේ මුහුණට කටට සිරුරට එල්ල වූ පහරවල් හා "වහපං ගෑනියේ කට" වැනි රුදුරු වචනම පමණයි. තමා අමාරුවේ වැටුණු බවට වටහාගත්තද ඒ වන විට ඇයට කළ හැකිව තිබුණු එකම දෙය වුයේ සිය ජිවිතය බේරා ගැනීම උදෙසා ඔවුන්ගෙන් යැදීම පමණයි.
 
"අනේ පුතේ.. මගේ ළඟ තියෙන සේරම දේවල් අරගන්න.. මාව කැලේ අතරමං කරලා දාලා යන්න එපා පුතේ..."
 
ඇය එලෙස කියමින් හඬා වැටෙද්දි මෝටර් රථය නතර කළ තරංග ඉන් බසින්නේ මහා වීර ක්‍රියාවකට අර අදින සෙබළෙකු ලෙසිනුයි. ඔහුගේ මිතුරන් තිදෙනාද රථයෙන් බැස ශ්‍රියානි ප්‍රේමලතා එළියට ගෙන කැලෑව ඇතුළට බලහත්කාරයෙන් රැගෙන යන්නට වූයේ මේ අසරණියට පහර දෙමිනුයි.
 
මෘගයින් හතර දෙනෙකුට මැදි වූ අසරණිය කඳුළු සලමින් ජිවිතය අයැදිද්දි මොවුන් ඇය කැලෑවේ ගසකට හේත්තු කොට දෑත් පිටුපසට බැඳ දමන්නේ ඇය උඩුකයට හැඳ සිටි ඇඳුම් වලින්.
 
උඩුකය නිරුවත් වූ ඇය ලැජ්ජාවෙන් සහ බියෙන් හඬා වැටෙද්දි මොවුන් හතර දෙනා පසෙකට වී සාකච්ජාවක නිරත වුණා.
 
"මෙතන හරියන්නේ නෑ.. තව කැලේ ඇතුළට අරගෙන යමු..."
 
ලෙසින් කතා වූ මොවුන් උඩුකය නිරුවත් ඇය කැලෑව දිගේ ඇදගෙන යන්නට වුණා.
 
ඇය හඬා වැටුණත් ඒවාට උණුවන සිතක් මේ තිරිසනුන්ගෙන් එක් අයෙකුට හෝ තිබුණේ නැහැ.
 
එතැන සිට මීටර් දෙතුන් සීයයක් කැලෑව ඇතුළට ඇදගෙන ගිය ඇයට ඊළඟට අත්වන ඉරණම බොහෝ ඛේදජනක එකක් වුණා. එය අසන්නට ඇයගේ පවුලේ අය පමණක් නොව හදවත් ඇති අම්මලා ඇති වයස භේදයකින් තොරව දූ දරුවන් කිසිවෙකුත් කැමති වන්නේ නැහැ.
 
මිනිස් වෙසින් පෙනී සිටි තිරිසනුන් හතර දෙනා මේ අසරණීයගෙන් සිය මනදොළ සපුරාගන්නේ ඇය කැලෑවේ පොළවේ සතපමිනුයි.
 
4දෙනා සිය අවශ්‍යතා ඉටුකර ගැනීමෙන් අනතුරුව ඇය පැළඳ සිටි මාල, කරාබු, මුදු වළලු සියල්ල ගලවා ගන්නා අතර ඇයගේ අත් බෑගයත්, ඇය රැගෙන ආ මලු ටිකත් ඒ වනවිට තිබුණේ මෝටර් රථයේ ඔවුන් සතුවයි.
 
කැලෑවේ පොළව මත නිරුවතින් උඩුබැලි අතට වැතිර හඬමින් ජිවිතය අයදින ඇයට දෙපයින් නැගී සිටිමට තරම් ශක්තියක් තිබුණේ නැහැ. තව ටික වෙලාවකින් මේ මෘගයින් තමා කැලෑවේ අතැර දමා යනු ඇතැයි ඇය සිතන්නට ඇති.
 
ඇය එලෙස සිතුවද පසෙකට වුණු ඔවුන් සාකච්ජාවක නිරත වුයේ ඇය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනයි.
 
"කාර් එකේ අපිත් එක්ක එන අතරේ එයාගේ පුතා පොලීසියේ බෑණා ආමි එකේ කැප්ටන් කෙනෙක් කියලා එයා කිව්වා. මෙයාව පණපිටින් දාලා ගියොත් අපිට ලෙහෙසියෙන් ගැලවිල්ලක් නෑ කියලා තේරුණා. ඒක නිසා අපි එයාව මරලා දාන්න තීරණය කළා.." එලෙස පැවසුවේ තරංගයි.
 
එම තීරණයට අනුව ඉදිරියට එන තරංග ඒ අසළ තිබූ අත් දෙකට අල්ලාගත හැකි බුරුත කොටයක් ගෙන ඇයගේ හිසට බර පහරක් එල්ල කළා. එම පහරින් ඇය මිය ගියා.
 
ඉන් අනතුරුව මෝටර් රථය අසළට දිව එන පිරිස එයට ගොඩ වූයේ ජයග්‍රාහී ලීලාවෙන්. එහෙත්... සිත්වල බිය නිසාම රියදුරු අසුනට ගොඩ වූ තරංග රිය වේගයෙන් පදවාගෙන ගියා. ඇයගේ දුරකථනය අතරමඟ වූ වැවකට විසිකරන පිරිස ඇය සතුව තිබූ රන් ආභරණ ඇතුළු භාණ්ඩ බෙදාගෙන සතුටින් විසිර ගියා.
 
වී.ඕ.සී. සුද්දාත් තරංගත් ගත්තේ ඇයගේ මාලයත් කරාබුවත් පමණයි. ඇය හැඳ පැළඳ සිටි අනෙක් රන් ආභරණත්, අත් බෑගයත්, අනෙකුත් ගමන් මලු ගන්නෙ අනෙක් දෙදෙනායි.
 
තිස්සමහාරාමයේ උකස් මධ්‍යස්ථානයකට මාලය උගස්කොට රුපියල් හතළිස් දාහක් ලබාගන්න සුද්දා හා තරංග එය බෙදාගත්තා. ඇයගේ කරාබු උගස් තබන්නේ මැදගම පිහිටි රන් ආභරණ වෙළඳසැලකටයි. ලබාගන්නා මුදල රුපියල් අට දහසක්.
 
මොවුන් පෙන්වූ තොරතුරු අනුව යාල වනෝද්‍යානයට යන පොලිස් කණ්ඩායමට ඔවුන් පෙන්වූ ස්ථානයේ තිබී මිනිස් හිස් කබලක් හා අස්ථි කොටස් කිහිපයක් ද හමුවුණා. ඇය හැඳ සිටි ඇඳුම් ද කැලෑවේ සඟවා තිබී සොයාගනු ලැබුවා.
 
තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා ද, හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයාද තංගල්ල සොකෝ අංශයද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වනු ලැබුවා.
 
රන්බඩු සොරාගෙන, දූෂණය කොට ප්‍රේමලතා මරා දැමූ හතර දෙනාගෙන් අත්අඩංගුවට ගත් වී.ඕ.සී. සුද්දාගේ වයස අවුරුදු තිස් හතරක් වූ අතර ඔහු විවාහකයෙක්. අනෙක් සැකකරු වූ තරංග අවුරුදු 32ක්. මේ දෙදෙනාම මවගේ ආදරය ලබමින් සිටන අයයි.
 
මොවුන් ඇත්තටම බිහි වූයේ මව්කුසින්ද යන පැනය මේ ඛේදවාචකය අසන දකින සැමටම ගැටලුවක්.
 
සිද්ධිය සම්බන්ධයෙන් ඉතිරි සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර මොවුන් පාවිච්චි කළ මෝටර් රථය පිළිබඳ ද තොරතුරු හෙළි වී තිබෙනවා. මොවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
 
'තක්ෂිලා ජයසේකර'
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top