විටින් විට තර්ජනය කරමින් තරුණියක් බිය ගන්වමින් මුදල් ගැරූ තරුණයක් අද (19) කළුතර නගර සභාව අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
පානදුර වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් වන සැකකරු, පයාගල මග්ගොන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියව මාස කිහිපයකට පෙර whatsapp සමාජමාධ්‍ය ඔස්සේ හඳුනාගෙන සබඳතාවක් පවත්වා ඇති අතර පසුව එය නවත්වා දාමා තිබෙනවා.
සැකකරු විසින් වරින් වර මෙම තරුණියට තර්ජනය කර බිය ගන්වමින් රු 5000 සහ රු 10000 බැගින් මුදල් ලබාගෙන ඇති බව පොලීසිය පවසනවා.
එමෙන්ම සැකකරු සතුව තිබී ජංගම දුරකථන දෙකක්, සිම්පත් දෙකක් සහ බැංකු රිසිට්පත් කිහිපයක් සොයාගත් බව ද පොලීසිය පවසනවා.
සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
"ලංකාදීප"