Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"බයික් එක නතර කරලා ගේට්ටුව අරිද්දි මුහුණට වැදුණු පිහි පහරින් බිමට වැටුණා, මැරෙනකල් පිහියෙන් ඇන්නා.." - මිනිමරුමකට චෝදනා ලැබූ ලෝහිත මැරුණු හැටි

- "බයික් එක නතර කරලා ගේට්ටුව අරිද්දි මුහුණට වැදුණු පිහි පහරින් බිමට වැටුණා, මැරෙනකල් පිහියෙන් ඇන්නා.." - මිනිමරුමකට චෝදනා ලැබූ ලෝහිත මැරුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,051 Views
"ලෝහිත පරක්කු ඇයි කියලා බලන්න එළියට ගියේ.."

"මොකද මේ වුණේ කියාගෙන බිම වැටී සිටි ලෝහිත ළඟට දුවගෙන ගියා.."

අපරාධයක් සිදු කර කිසිවකුටත් කිසිදා සැඟවී සිටිය නොහැකිය. අපරාධයක් සිදු කර ලෝකයාගෙන් එය කොතරම් වසන් කරන්නට උත්සාහ කළද එයද අසාර්ථක ක්‍රියාවකි. මන්ද කවුරු නොදැනගත්තත් තමන් කළ කී ඒ අපරාධය පිළිබඳව තමන් හොඳාකාරවම දන්නා බැවිණි. එනිසා තමන් කළ අපරාධයට කොයි මොහොතකදී හෝ වන්දි ගෙවීමට සිදුවෙනු ඇත.

මීට වසර තුනකට පෙර 45 හැවිරිදි මවක කපා කොටා ඝාතනය කිරීමේ සැකකරුවෙකු බවට පත්ව සිටි පුද්ගලයෙකුට නීතියෙන් දඬුවම් ලැබීමටත් පෙර අමානුෂික ලෙස ඝාතනය වන්නට සිදු වූ පුවතක් ඉකුත් දින අපට අසන්නට ලැබුණේ තිස්සමහාරාම ප්‍රදේශයෙනි.

දිනය 2019.06.06ය. දිනයක් නිමාවී තවත් දිනයක අරුණලූ උදාවට තිබුණේ තවත් හෝරා කිහිපයක් පමණි. අලූයම 03 ට පමණ ආසන්න වෙද්දී තිස්සමහාරාම පොලිසියේ දුරකථනය එකදිගට නාද වෙන්නට පටන් ගැනුනේ පොලිසිය තුළ තිබූ නිහැඬියාවද බිඳ දමමිණි. දුරකථනය භාරව සිටි නිලධාරියා රිසිවරය අතට ගෙන දුරකථන ඇමතුමට පිළිතුරු දිය. ”ආයුබෝවන් සර්..තිස්සමහාරාම පොලිස් ස්ථානය”
 
 ”මේ කතා කරන්නේ දෙබරවැව රෝහල් පොලිසියෙන් සර්. ජුල්පල්ලම පැත්තේ ඉඳලා දැන් රෝහලට දරුණු කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු රැගෙන ආවා. පේන විදියට නම් මිය ගිහින් වගේ සර්”
 
මහ ගණඅඳුර මකාලමින් තවත් දිනයක් උදාවන්නට මානබලමින් සිටින මොහොතක පොලිස් ස්ථානයට ලද මේ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක මහතා වහා දැනුවත් කිරීමට දුරකථන බාර නිලධාරියා කටයුතු කෙරිණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැඩබලන ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් කිහිප දෙනකුද සමග එම අවස්ථාවේදිම අදාළ අපරාධය වූ බව කියූ ස්ථානය සොයා පිටත්ව ගියේ අපරාධකරු නීතියේ රැහැනට හසුකරගන්නටය. අපරාධය සිදුව තිබුණේ මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ඇති ගේට්ටුව අසලදීය.
 
ඝාතනයට ලක්ව මිය ගොස් තිබුණේ අංක 06, සී 02 පාර, කොඩිගහවැව, ජුල්පල්ලම, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි 44 හැවිරිදි සිව් දරු පියෙකු වූ මුතුතන්ත්‍රිගේ ලෝහිත ධර්මප්‍රිය කුරේ නමැති අයයි.
 
ඝාතනයට ලක් වූ පුද්ගලයා තවත් යහළුවන් කිහිප දෙනකු සමග 05 දින රාත්‍රියේ එම ප්‍රදේශයේ පැවති සාදයක් සඳහා සහභාගි වි තිබේ. සාදය අවසානයේ සිය යහළුවන්ද සමග ඝාතනයට ලක් වූ ලෝහිතද නිවෙසට එන්න පිටත්විය. ඒ වන විටත් වේලාව අළුයම 01 පසු වී තිබුණි. සිය යහළුවන් සමග පැමිණි ලෝහිත කෙළින්ම ගෙදර එන්නේ නැතිව සිය යහළුවන් පිටත් කර යැවීම සඳහා ප්‍රධාන බස් පාරට ගියේය. තිස්ස ප්‍රධාන බස් පාරේ මඳ වේලාවක් රැඳී සිටි පසු ආ බස් රථයකින් සිය යහළුවන් පිටත් කර යැවූ ලෝහිත සිය යතුරු පැදියේ නැගී නිවසට එන්න පිටත් විය. මේ සියල්ල අතරේ ලෝහිතව මරු තුරුළට ගන්නට තවත් අයෙක් මාන බලමින් සිටියේ ලෝහිතට කිසිදු සැක සංකාවක් නූපදින විදියටය. සුපුරුදු පරිදි ලෝහිත සිය යතුරු පැදියෙන් නිවස අසලට පැමිණ එහි යතුරු පැදිය නවත්වා ගේට්ටුව විවෘත කිරීමට සැරසුණා පමණි. සිදුවූයේ කුමක්දැයි ලෝහිතවත් දන්නේ නැතිව ඇත. ගේට්ටුව අසලට වී ලෝහිත එනතෙක් මානබලමින් සිටි මාරයා එකවරම ලෝහිතගේ මුහුණ හරහා එල්ල කරන ලද තියුණු ආයුධ පහරින් ලෝහිත බිම ඇදවැටුණේය. බිම වැටුණු ලෝහිතට තවත් පහරවල් කිහිපයක්ම එල්ල කර දමා ඔහු පලා ගියේය.
 
කෙසේවෙතත් වෙනදා සිය සැමියා මෙතෙක් වෙලා පරක්කු නොවන නිසා ඒ පිළිබඳව සැක සිතූ ලෝහිතගේ බිරිඳ නිවසේ දොර විවෘත කර පාර දෙස බැලූවේ දුර තියා එන සේයාවක් හෝ පෙනේවි කියා වන්නට ඇත. එහෙත් දොරගුළු විවෘත කළ ලෝහිතගේ බිරිඳට දක්නට ලැබුනේ වෙනත් දෙයකි. කඩුල්ලේ එක් කොටසක් විවෘත කරය, යතුරු පැදියද ඒ අසලය. එහෙත් ලෝහිත එහි පෙනෙන්නට නැතිය. සිය සැමියාට කතා කරමින්ම කඩුල්ල ළඟට ගිය ලෝහිතගේ බිරිඳට දක්නට ලැබුනේ අහස පොලොව නුහුලනා සිදුවීමකි. දෙයිහාමුදුරුවනේ ලෝහිතට මොකද මේ වුණේ කියාගෙන බිම වැටී සිටි ලෝහිත ළඟට දිව ගියා. ඇයගේ කෑකෝ ගැසීම නිසා අසල් වැසියන්ද එම ස්ථානයට එක් වූ පසු 1990 හදිසි ගිලන් රථ සේවයට කතා කර ලෝහිතව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කෙරුණි. එහෙත් ඒවන විටත් දරුණු කැපුම් තුවාල හේතුවෙන් ලෝහිත මෙලොව හැර දමා ගොසිනි.
 
තිස්සමහාරාම පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරීමට පියවර ගැනුණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය 07 වන දින පෙරවරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ගාමිණි ආනන්ද මහතා විසින් පැවැත්වූ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කෙරුණි.
 
මෙම අපරාධයේ සුළ මුල සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. මිය ගිය ලෝහිත විවාහ වී සිටියේ ජුල්පල්ලම ප්‍රදේශයේ කාන්තාවක සමගය. මේ නිසා බිරිඳත් ලෝහිතත් දෙදෙනා නිතර නිතර බිරිඳගේ මහ ගෙවල් වලට ගොස් තිබේ. මීට අමතරව බිරිඳ එළවළු මැස්සක් හා පලතුරු බීම කඩයක්ද එම ස්ථානයේ කලක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ. 2016. 04. 11 වන දින බිරිඳගේ නිවස අසල පිහිටි නිවැසියන් පිරිසක් වූ ටක්ෂාන් නමැති පුද්ගලයාගේ ඥාතීන් හා මොවුන් අතර යම් ආරවුලක් ඇති වී තිබේ. මෙම ආරවුලට හේතු වී තිබුණේ මුදල් පිළිබඳ වූ ප්‍රශ්නයකි. එහිදී ඇතිවූ ආරවුල විසඳීමට ටක්ෂාන් නමැත්තාගේ මව කටයුතු කර ඇති අතර එහිදී මියගිය ලෝහිත හා ඔහුගේ යහළුවෙකු වූ නීල් එදිරිසිංහ දෙදෙනා එක්ව එල්ල කරන ලද පිහිපහරකින් ටක්ෂාන් නමැත්තාගේ මව ඝාතනයට ලක්ව තිබේ.

එම සිදු විමත් සමග ඊට පසුදිනම ලෝහිත මෙරටින් පිටව යන්නේ විදෙස් රැකිවක් සඳහාය. මෙම සිදුවීම වන විට ලෝහිත විදෙස් ගතවීමට අවශ්‍ය සියලූ කටයුතු අවසන් වී තිබුණි. ඒ අතරවාරයේ මෙම ආරවුල ඇති වී තිබේ. කෙසේ හෝ ටක්ෂාන්ගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් ලෝහිත අත්අඩංගුවට ගැනීමට බලන විට සැකකරු රටින් පිටව ගොස් හමාරය. මේ සිදුවීමට අදාළව නීල් එදිරිසිංහ නමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වන අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. රටින් පිටව ගිය ලෝහිත අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු පොලිසිය සිදු කරමින් සිටින විට වසර දෙකකට පමණ පසු ලෝහිත ලංකාවට පැමිණ ටක්ෂාන්ගේ මවගේ ඝාතනයේ තමන්ද එක් සැකකරුවෙකු බව දැනගෙන අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වරෙන්තු නිකුත් වී ඇති නිසා ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් හම්බන්තොට මහාධිකරණයට බාර විණි. ඉන් පසු මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලෝහිත ඇප ලබා එළියට පැමිණ ගෙවුණේ මාස දෙකක් වගේ සුළු කාලයකි. ඔහුටත් හිතාගත නොහැකි පරිදි සාහසික ලෙස ඝාතනයට ලක්ව ලෝහිතටද මිය යන්නට සිදු වූයේ දෛවයේ සරදමකට මෙනි.
 
ලෝහිතගේ ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් මෙතෙක් හමුව නැත. අදාළ අපරාධය සම්බන්ධයෙන් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (soco) පැමිණ පරීක්ෂණ සිදු කළ අතර මෙතෙක් මේ ඝාතනය සිදුකළ ආයුධයක් හෝ වෙනත් සාක්ෂියක් හමුව නැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලියට ලත් තොරතුරු වලට අනුව මේ සිද්ධියට සැක පුද්ගලයන් කිහිප දෙනකු මේ වන විට ගමෙන් පිටව ගොස් තිබේ.
 
දකුණු හා සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා, තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ධම්මික කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලිසියේ නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. ජී. අයි. එස්. කේ. එන්. මල්දෙණිය, පොලිස් සැරයන් වරුන් වන (28030) සමන්, (95467) ඉන්ද්‍රසේන, (37930) ක්‍රිෂාන්ත, පොලිස් කොස්තාපල් වරුන් වන (69551) කෝනාර, (76846) රූපසිංහ, (91723) අරූෂ්, (57939) කුලසිරි යන නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල දිලීප් එන්. ජයසේකර
දිවයින
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,833 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,799 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,175 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,873 Downloads



Top 10 Commenters

Latest Comments

Top