බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි විස්සක් පමණ පහළින් පිහිටි නිවසක් මතට පෙරළී තිබෙනවා.
බණ්ඩාරවෙල- උතුරු කැබිල්ලවෙල හරහා බිදුණූවැව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගත් කාර්මික නිලධාරීන් දෙදෙනෙකු හා අදාළ නිවසේ කාමරයක නිදා සිටි අවුරුදු 17 සහ 07 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක්.