Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස" සිතූ නාහෙට නාහන එංගලන්ත අගමැති වින්සන්ට් චර්චිල්ගේ කතාව - Photos

- "පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස" සිතූ නාහෙට නාහන එංගලන්ත අගමැති වින්සන්ට් චර්චිල්ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,672 Views
ජීවිතයේ කඩා වැටිම් සියල්ලම සිය ජීවිතයට පැමිණි වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සිතුව මිනිසුන් ගණන ඉතා අල්පයි. මේ කියන්න හදන්නේ ඒ වගේම ජීවිතයට පැමිණි බාධක, දුක් කම්කටොළු සිය ජීවිතයට පැමිණි වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙස හිතුව පුද්ගලයෙක් ගැන. ඒ තමයි දෙවන ලෝක යුද සමයේ බ්‍රිතන්‍යයේ අගමැති පදවිය හොබවපු "වින්සන්ට් චර්චිල්."

එදා දෙවන ලෝක යුධ සමයේ එක් අවස්ථාවකදි මහා බ්‍රිතාන්‍ය නියෝජනය කළ මිත්‍ර පක්ෂය ප්‍රබල පසු බෑමකට ලක්ව සිටියා. ඒ අවස්තාවෙදී නාසි යුධ පෙරමුණෙන් බෝම්බ සහ වෙඩි උණ්ඩ නිතරම බ්‍රිතාන්‍ය භූමියේ පතිත වුණා.

ඒ නිසාම බ්‍රිතාන්‍ය ජනතාව බියෙන් සහ ශෝකයෙන් ජීවත් වූ අතර ඔවුන්ගේ මානසික තත්වයද දැඩි ලෙස පිරිහී තිබුණා. නමුත් වින්සන්ට් චර්චිල් එරට අගමැතිවරයා හැටියට හැම දිනකම රේඩියෝව ඔස්සේ ජනතාව ආමන්ත්‍රණය කළා. එයින් ඔහු ජනතාවගේ මානසික පිරිහීම අවම කොට යුද්ධයට මුහුණ දිය හැකි නිර්භීත බ්‍රිතාන්‍ය වැසියන් බවට එම ජනතාව හරවන්න උත්සහ කළා.

එසේ වුවද ඔහු යුධ ජයග්‍රහණය වෙනුවෙන් රට මෙහෙයවූවත් ඔහුට යුද්ධයෙන් පසු පැවති මැතිවරණයෙන් පරාජය හිමි වුණා. එමෙන්ම ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වූ කිසිම රටකට නිදහස ලබා දෙන්නට ඔහු අකමැති වුණා. ඔහු කියා සිටියේ " මා අගමැති වූයේ මහා බ්‍රිතාන්‍ය බෙදා හදා ගැනීමට නොවේ." යනුවෙන්. 

එදා ලෝක යුද්ධයෙන් පසු පැවති මැතිවරණයෙන් නැවත ඔහු අගමැති වුයේ නම් අපටද 1948 නිදහස නොලැබෙන්නට ඉඩ තිබිණ. එසේ නිදහස නොලැබුණේ නම් මේ වන විට අප "දියුණු වෙමින් පවතින රටක්" යන ලේබලය නොවැදුන දියුණු රටක් වන්නටද තිබුණා.

වින්සන්ට් චර්චිල්ගෙ ළමා කාළයේ දඩබ්බරයෙකු වූ ඔහු වයස අවුරුදු 8දී පාසලෙන් අස්කොට වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නට සිදු වූයේ ඔහු කිසිම ගුරුවරයෙකුට කීකරු නොවී දඩබ්බර ක්‍රියාවන්වලට යොමු වූ නිසයි.

නමුත් වයස අවුරුදු 20 දී ස්පාඥ්ඥය යුද්ධ හමුදාවට එක් වූ ඔහු එහිදීද දඩබ්බර ක්‍රියාවන් කරන්නට වුණා. හමුදාවට එක් වීමෙන් වසරකට පමණ පසුව ඔහු ඇතුළු පිරිසක් ඉන්දියාවට එවූ අතර ඉන්දියානු පොළවේ පය තබන්නට ඔහු තුළ වූ නොනිම් ආශාව නිසා ඔහු නැවේ ඉනිමගින් පැන්නා. එහිදී ඔහු වැටී උරහිසක්ද ආබාධයට ලක් වුණා.

මේ හේතුව නිසා ඉන්දියාවේදී ඔහුට කිසිඳු හමුදා රාජකාරියක් භාර කෙරුණේ නැහැ. මෙයින් උරණ වූ චර්චිල් බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව පොතක් ලියුවා. නමුත් පසු කාළයේදී සුඩානය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල හමුදා ක්‍රියාන්විතයන්ට සහභාගී වුණා. එහිදී ඔහු දකුණු අප්‍රිකාවේදී බෝයර් වරුන්ගේ සිර භාරය පත් වුවත් ගක් අඟුරු ප්‍රවාහනය කරන දුම්රියක නැගී කෙසේ හෝ ඉන් පළා යන්නට ඔහු සමත් වුණා.

මේ ආකාරයේ විවිධ වූ නාහෙට නාහන වැඩ රාශියක් චර්චිල් කළා. සමහරුන් කීවේ එම පුරුදු ඔහුගේ තාත්තාගෙන් සහ සීයාගෙන් ලද දායාද බවටයි. කිසිම විටෙකත් කම්මැලි නොවූ වින්සන්ට් චර්චිල් නිතරම පාහේ කුමක් හෝ වැඩක නිරත වූ පුදගලයෙක් වුණා.

නමුත් චර්චිල් එංගලන්තයේ අගමැති තනතුරට පත් වන්නේ ඔහුගේ තිබුණු අධ්‍යාපන සුදුසු කම් වලින් නම් නොවේ.ඒ මන්ද යත් ඔහු දෙවරක්ම සිය පාසල් විභාගවලින් අසමත් වූවෙකු නිසයි.

නමුත් ඔහුට ජන විඥානයට කතා කළ හැකි තියුණු කතිකත්වයක් තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළද ඔහු අනෙකුත් මන්ත්‍රීවරුන් සමග නිතරම වාග් සංග්‍රාමයන්වල පැටලුණා.

එමෙන්ම කිසිම දෙයකට බියක් නොදැක්වූ චර්චිල් වරක් ජර්මානුවන් බ්‍රිතාන්‍ය අසලටම පැමිණි විට කියා තිබුණේ ”එය ඉතා හොඳම අවස්ථාවක් ” බවටයි. එමෙන්ම ඔහු වරෙක ජර්මානුවන්ගේ බෝම්බ ප්‍රහාරයන්ටද මැදි වුණා. 

ඒ වගේම ගසකින් වැටී සිහි නැති වූ විට, ඔටුවෙක් ගේ පිටින් වැටී කකුල කැඩුණු විට, පෝනියෙක්ගේ පිටින් වැටී අතක් කැඩුණු විට, පාත්තයෙක් එළවා ගෙන ගොස් පොකුණකට වැටී මැරෙන්න ඔන්න මෙන්න ගිය වෙලාව ආදී සියලුම අවස්ථාවන්වලදී ඔහු කිව්වේ මෙම අවස්තාවන් “ඉතා කදිම අවස්ථා” බව‍යි. ඒ ඔහු එතරම්ම නිර්භීත සහ දඩබ්බර අයෙකු වූ නිසා.

ඒ වගේම ඔහු 1931 වසරේදී ටැක්සියකට යට වුණා. ඒ වෙලාවෙදී ඇමරිකානුවන් ඔහුට කණගාටුව පල කළ විට ඔහු කිව්වේ “අන්තරායවල්වලට මුහුණ දෙනු, “කොයි දෙයක් වුණත් එන විදියට භාර ගන්න, ”කිසි දෙයකට බිය නොවනු. එවිට සියළු දේම නිවැරදි අතට හැරෙනු ඇත.” යනුවෙනුයි.

"අපි නොදුටු ලෝකය පිටුවෙන් සහ අන්තර්ජාලයෙන්"

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,382 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,698 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,728 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,570 Downloads



Top 10 Commenters

Latest Comments

Top