Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"මට අවුරුදු 70ක් වෙද්දී අවුරුදු 20ක දරුවෙකුට මම තාත්තා කෙනෙක් වෙයි.." - බොලිවුඩයම කලඹමින් සල්මන් ඛාන් විවාහ නොවීම පියෙක් වෙන්න සුදානමක් - Photos

- "මට අවුරුදු 70ක් වෙද්දී අවුරුදු 20ක දරුවෙකුට මම තාත්තා කෙනෙක් වෙයි.." - බොලිවුඩයම කලඹමින් සල්මන් ඛාන් විවාහ නොවීම පියෙක් වෙන්න සුදානමක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,491 Views
බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ තනිකඩ ජීවිතයක්.  නමුත් තනිකඩයකුව සිටිමින්ම සල්මාන් දැන් තාත්තා කෙනකු වීමට සැලසුම් කරමින් සිටින බවට වන කතාවක් මේ දවස්වල ඉන්දියානු මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත් වී තිබෙනවා.

මේ ගැන බොහෝ දෙනකු තුළ ලොකු කුතුහලයක් ඇති වූයේ විවාහ නොවී ඔහු තාත්තා කෙනකු වීමට යන්නේ කොහොමද යන ප්‍රශ්නයයි.

සාමාන්‍ය ආකාරයට දරුවන් ලබා ගැනීමට නොහැකි මවුපියන් වෙනුවෙන් වෙනත් කාන්තාවක් සිය ගර්භාශය ලබා දීමේ ක්‍රමවේදය  මේ වනවිට බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති ක්‍රමවේදයක් බව රහසක් නොවෙයි. විවාහක යුවළකගේ බිරියට ඇයගේ ගර්භාශය තුළ දරුවකු දරා ගැනීමට ජීව විද්‍යාත්මක වශයෙන් හැකියාවක් නැත්නම් එවැනි යුවළක් වෙනුවෙන්, ඔවුන්ගේ කලලය තමුන්ගේ ගර්භාශය තුළ දරාගෙන සිටින මවුවරුන් සිටිනවා. මෙවැනි කාන්තාවන් හැඳින්වෙන්නේ අන්වාදේශ මවුවරුන් යනුවෙනුයි. සල්මානුත් මේ වගේ අන්වාදේශ මවක හරහා දරුවකු ලබා ගැනීමට යන බවයි වාර්තා වන්නේ. නමුත් සල්මාන් විවාහ වී නැති නිසා ඒ සඳහා වන ස්ත්‍රී ඩිම්බය ද වෙනත් කාන්තාවකගෙන් ලබා ගත යුතුයි. ඒ අනුව සාදාගනු ලබන කලලය ඉහත කී ආකාරයේ අන්වාදේශක මවකගේ ගර්භාශයේ තැන්පත් කිරීම මඟින් තමයි දරුවා බිහි කරන්නේ. ළඟදී විවාහ වීමට අදහසක් සල්මාන් තුළ නැති නිසා ඔහු මේ ආකාරයෙන් තාත්තා කෙනකු වීමට යන බව සඳහන් වෙනවා.

සල්මාන් කුඩා දරුවන්ට ඉතා දැඩි ලෙස ආදරය කරන කෙනකු ලෙස ප්‍රසිද්ධයි. ඔහු සිය ඥාති හිතවතුන්ගේ දරුවන්ට ද දැඩි සෙනෙහසක් දක්වන බව ප්‍රසිද්ධ කාරණයක්. තමා යම් දිනෙක විවාහ වෙනවා නම් ඒ, දරුවන්ට ඇති ආදරය නිසා බවද ඔහු වරක් ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම තම මවත්, පියාත් ජීවත්ව සිටියදී මේ ආකාරයෙන් තාත්තා කෙනකු වීමට තමා කැමැති බව ද ඔහු සඳහන් කරනවා. සල්මාන් ඉහත කී ආකාරයෙන් අන්වාදේශ ක්‍රමය හරහා  පියකු වීමට සැලසුම් කරමින් සිටින බව මාධ්‍යයට හෙළි කර ඇත්තේ ඔහුගේ ඉතාම සමීපතමයකු බවයි පැවසෙන්නේ.

"කාලය නැති වෙනවා කියලා මට හැගීමක් දැනෙන්නේ නැහැ. මට විශ්වාසයි මට අවුරුදු 70ක් වෙද්දී අවුරුදු 20ක දරුවෙක්ගේ පියෙක් වෙන්න මට පුළුවන් වෙයි කියලා. ඒ හැගීම මට දැනෙනවා. මම ඒ හැගීම විදිනවා.මගේ අම්මාටයි තාත්තාටයි මගේ දරුවාව දකින්න ලැබෙන්න ඕන. ඔවුන් මිය යන්න කලින්.." ඔහු එලෙසින් මිට පෙර මාධ්‍යට පවසා තිබීමත් විශේෂයක් බවයි සදහන් වන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,177 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,845 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,174 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,799 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,662 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,641 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top