Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"මට කරන්න දෙයක් නෑ, එහෙදිම අවසර අරගෙන.." - මාලිංග දාන පිංකමක් සඳහා නැවත මෙරටට පැමිණීම ගැන කළමණාකාරීත්වය නොසතුටින්

- "මට කරන්න දෙයක් නෑ, එහෙදිම අවසර අරගෙන.." - මාලිංග දාන පිංකමක් සඳහා නැවත මෙරටට පැමිණීම ගැන කළමණාකාරීත්වය නොසතුටින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,079 Views
දානමය පිංකමට සහභාගි වෙන්න ඕන කියලා අවසර ඉල්ලුවා..
 
අපි ඒ පිළිබඳව සළකා අවසර දුන්නා...
 
එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වර ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මාලිංගට අවස්ථා දෙකකදී කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දීම පිළිබඳ තේරීම් කමිටු සභාපතිවරයා ද වන අසන්ත ද මැල් මහතාගෙන් කළ විමසුමේදී ඒම මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මට කරන්න දෙයක් නෑ, මාලිංග එහෙදිම (ශ්‍රී ලංකාවේදීම) නැවත ශ්‍රී ලංකාවට යන්න අවසර අරගෙනයි තිබුණේ. ක්‍රීඩකයන්ට ඔයවගේ දේවල්වලට අවසර දෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනේ. මාලිංග නැවත හෙට (19 වැනිදා) මෙහෙ එනවා” යැයි අසන්ත ද මැල් මහතා වැඩි දුරටත් පැවසීය.
 
කෙසේ වෙතත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරිත්වය තුළ ද එතරම් කැමැත්තක් නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශව වෙතින් විවේචන එල්ල වෙමින් තිබේ. මෙවැනි ප්‍රධාන තරගාවලියක් අතරතුරදී ක්‍රීඩකයකු ගුවන් ගමන් වැනි දේවලින් වෙහෙසට පත්ව කණ්ඩායමට උපරිම ලබාගත හැකිද යන ගැටලුව මතු වන බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ ඔහුගේ ඉල්ලීම මානුෂික හේතූන් මත සළකා අවසර ලබාදුන් බවයි.
 
“මාලිංග ඔහුගේ නැන්දනියගේ දානමය පිංකමට සහභාගි වෙන්න ඕන කියලා අවසර ඉල්ලුවා. දානයකට සහභාගි වෙන්නනේ, ඒ නිසා අපි ඒ පිළිබඳව සළකා අවසර දුන්නා” යැයි ප්‍රධාන විධායකවරයා වැඩි දුරටත් පැවසීය.
 
මාලිංග අවමංගල්‍යයට සහභාගි වී නැවත එංගලන්තයට ඒමට පෙර දානමය පින්කමට සහභාගි වීම සඳහාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ගෙන තිබේ.
 
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටි මාලිංග එම තරගාවලිය අවසන් වීමෙන් පසුව මැයි 13 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ මැයි මස 26 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණි.
 
මාලිංග ඉන් පසුව නවසීලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග දෙකට සහභාගි වූ අතර පාකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ තරග දෙකට සහභාගි වීමට ද කණ්ඩායමේ රැදී සිටියේය.
 
ඔහු සිය නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ නැවත 14 වැනිදා රාත්‍රී ලන්ඩන් නුවරට පැමිණියේය. ඉන් පසුව ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරගයෙන් පසුව ඉරිදා නැවත ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් තිබුණි.
 
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතය මාලිංග නොමැතිව මැයි මස 7 වැනිදා එංගලන්තය බලා පිටත්ව ස්කොට්ලන්තයට එරෙහිව තරග දෙකකට සහ දකුණු අප්‍රිකාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පුහුණු තරග දෙකකට ද සහභාගි විය.
 
ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට එක ගුවන් ගමනක් සඳහා අවම වශයෙන් පැය 10 ක කාලයක් ගත වේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයට පෙර දින රාත්‍රී 8.00 ට පසු වී පැය 10 කට අධික ගුවන් ගමනකින් පසුව ලන්ඩන් නුවරට පැමිණි මාලිංග පසු දින පෙරවරු 10.30 ට තරගයට ද ක්‍රීඩා කළේය.
 
මාලිංග ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී ඕවර 10 යවමින් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 61 කට කඩුල්ලක් දවාගත්තේය. එහිදී මාලිංගගේ අතින් ගිලිහුණු ඇතැම් පන්දු ඔහුගෙන් සාමාන්‍යයෙන් දැකිය නොහැකි පන්දු වූ අතර ඔහු ‘වයිඞ්’ පන්දු තුනක් යැවීය.
 
ශ්‍රී ලංකා පිල සහභාගි වන හයවැනි තරගය සත්කාරක එංගලන්ත පිලට එරෙහිව ලීඞ්ස්හි ලබන 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි විය.
 
'ලංකාදීප'
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,194 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,343 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,856 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,668 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top