Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"ආදරය කරලා විවාහ වෙද්දි කිසිකෙනෙක් හඳහන් ගලපන්න වැඩි කැමැත්තක් නැහැ, මමත් එහෙමයි .." - බුද්ධික ජයරත්න - Photos

- "ආදරය කරලා විවාහ වෙද්දි කිසිකෙනෙක් හඳහන් ගලපන්න වැඩි කැමැත්තක් නැහැ, මමත් එහෙමයි .." - බුද්ධික ජයරත්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,032 Views
"මුලින් නොගැලපීම් දැනගත්තොත් අවුල්.."

"හිත තමයි හැමදේටම මුල්වෙන්නේ..."

බුද්ධික ජයරත්න කියන්නේ නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙන චරිතයක් නෙමෙයි. ඉඩ හිට නිර්මාණ කිහිපයකින් දැක ගන්න ලැබුනත් බුද්ධිකට ආදරේ කරන ඔහුව හදුනන පිරිසක් සිටිනවා. රංගන ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක් වුණු ඔහු ගැනයි මේ

කේන්දරේ ගැන මොකද හිතන්නේ
මම කිසිම වෙලාවක කේන්දරේ මත ජීවත්වෙන චරිතයක් නෙමෙයි. එහෙමයි කියලා අවිශ්වාසය කරන්නෙවත් බැහැර කරලා කටයුතු කරන්නෙවත් නෑ. කිසිසේත්ම කේන්දර කියන්නෙ මිත්‍යාවක් නෙමෙයි. අපේ උප්පත්තිය හා සෞරග්‍රහ මණ්ඩලයේ සබඳකම් මත බිහි වූ ගණිතමය විද්‍යාවක්. එ තුළින් අපිට අනාගතය පිළිබඳ යම් යම් හෝඩුවාවල් ලබාගැනීමේ හැකියාව තියෙනවා කියලා මම හිතනවා.
 
ප්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද
මට මතක ඇති කාලෙනම් මගේ ජීවිතේ හා සම්බන්ධ සියලූම සුභ කටයුතුවලදී අපිම කේන්දරේ ප්‍රයෝජනයට අරන් නැකැත් හැදෙව්වා. විශේෂයෙන්ම මගේ ව්‍යාපාරකටයුතුවලදී.
 
අපලකාල ගැන විශ්වාස කරනවද
ඕනෑම දෙයක් වැරදුනහම අපල  කාලේ කියලා හිතන්න අද සමාජයේ බොහෝ දෙනා පුරුදු වෙලා තියෙනවා. එත් අපලයි කියලා කියපු කාල වකවානුවල මම බොහෝ කටයුතු ආරම්භ කරලා සුභපල ලබාගෙන තියෙනවා. හිත තමයි හැමදේටම මුල්වෙන්නේ. අපලයි නරකයි කියලා අවස්ථාවල හොඳ දේවලූත් හොඳයි කියපු අවස්ථාවල කරන දේවලූත් මගේ ජීවිතය ඇතුලේ ඕනෑතරම්වෙලා තියෙනවා. හිත ශක්තිමත් කරගෙන සිහිනුවනින් වැඩ කළොත් අප සපලකරගන්න පුළුවන්.
 
නැකැත් අනුගමනය කරනවද
ඔව්. ඕන දේටයි එපා දේටයි නැකැත් බලවල එවා මත්තෙම වැඩ නොකළට මගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන වෙලාවල්වලදී අම්මා හදවල දෙන නැකැත් අනුගමනය කරලා තියෙනවා.
 
දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය
මම බෞද්ධයෙක්. බුද්ධ ධර්මය හොඳින්ම ඉගෙන ගත්තා. දහම් පාසැල් අධ්‍යාපනයේ ධර්මාචාර්ය පවා මම සමත්. බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළ ඕනෑම ගැටලූවකට විසඳුම තාර්කිකව ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. එවැනි එකම ආගමක් මගේ විශ්වාසයේ හැටියට බුද්ධාගම. බුදුන් වැඳල දෙවියන්ට පින් අනුමෝදන් කරනවා.
 
කතරගම ගිහින් කිරිවෙහෙර වැඳල කතරගම දෙවියන්ට පිං දෙන වෙලාවල් තියෙනවා. එ හැම දේටම මම යොමු වෙන්නෙ අන්ධභක්තිකයෙක් ලෙස නෙමෙයි. හොඳ සිහිනුවණින්.
 
පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන
එතැනදී මෙහෙමයි. මම ඉඩමක් අරන් අලූතෙන් ගෙයක් හදනවා කියන්නකො. එ වෙලාවට එ ඉඩම්වල පැරණි හිමිකරුවන්ගෙ යම් ඇල්මක් බැල්මක් ඒවට තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල බුදුගුණ ආශ්‍රයෙන් පිරිත් ටිකක් කියවල යම් ශාන්තියක් කරවගන්න මම පසුබට වෙන්නෙ නෑ. එත් යන්තර මන්තර ගුරුකම් ගැන ලොකු විශ්වාසයක් නෑ. පැහැදිලි සත්‍යයක් දැක්කොත් විශ්වාස නොකර ඉන්නෙත් නැහැ.
 
කේන්දරේට කියැවුණ දේවල් බොරු වුණ තැන්
එ කාලේ කවුරුහරි දෛවඥයෙක් මගේ අම්මාට කියලා තියෙනවා මම වෛද්‍ය වෘත්තියට යොමුවෙන බව කේන්දරේ තියෙනවා කියලා. ඇත්තටම මගේ අම්මා එ ගැන ගොඩක් සතුටු වෙන්න ඇති. මොකද ඇය වෘත්තියෙන් හෙද පාලිකාවක් නිසා. එත් මම සාමාන්‍ය පෙළ කරන කාලෙම අම්මලා තේරුම් ගත්තා මම එවැනි අංශයක් කරා නොයන බවත් සාමාන්‍ය විදිහට මම ඉගෙන ගෙන විභාග සමත්වුණා. අද මගේ වෘත්තීන් ව්‍යාපාරික සහ රංගන ශිල්පය.
 
රංගන ශිල්පියෙක් වෙන බව කේන්දරේ සඳහන් වුණාද
එහෙම කියැවුණේ නැහැ. අපේ ඥති සීය කෙනෙක් ඉන්නවා. ඔහු ලොකුවට ජ්‍යොතිෂය හදාරලා නැති වුණාට පුංචි පුංචි අනාවැකි කියනවානේ. මම කලාවෙන් ටිකක් ඉහළට යනවා කියලා අම්මටයි තාත්තටයි කියලා තියෙනවා. එත් අම්මලා හිතලා නෑ මම රංගන ශිල්පියෙක් වෙයි කියලා. එයාල හිතලා තියෙන්නේ කලාව කිව්වම මට චිත්‍ර අඳින්න දක්‍ෂ වෙයි කියලා. මට එහෙම හැකියාවකුත් තියෙනවා.
 
විවාහ වුණේ කේන්දර ගලපලා නැකැත්වලට අනුවද
ආදරය කරලා විවාහ වෙද්දි කිසිකෙනෙක් හඳහන් ගලපන්න වැඩි කැමැත්තක් නැහැනේ. එ වගේ තමයි මමත්. මොකද මුලින් නොගැලපීම් දැනගත්තොත් අවුල්නෙ. විවාහයෙන් පස්සේ තමයි හරියට කේන්දර ගැලපෙනව කියලා දැනගත්තෙ.
 
රාහු කාලයට බයද
පොඞ්ඩක්වත් බය නෑ. මොකද මගේ කාලෙට රාහු බයයි. එ ගැනනම් මගේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කවදාවත් නෑ. සුබම දේකදි අම්මා කිව්වොත් පුතේ තව විනාඩි 5 ක් ඉඳල යන්න කියලා අම්මගෙ හිත සතුටු කරන්න මම එදේ කරනවා.
 
කේන්දරේ තිබුණ විශේෂ පිහිටීම්
එ කලෙ ඉඳල කියවෙන දෙයක් තමයි මම කවදාවත් වෘත්තීයමය පැත්තෙන් මූල්‍ය අංශයෙන් පහළට නොවැටී මධ්‍යස්ථ ගමනක් යන කෙනෙක් කියන එක. එ දේ හරි.
 
ඉදිරිය ගැන කියැවුණ දේවල්
මගේ වයස අවුරු 48-49 වෙද්දි මූල්‍ය අතින් ස්ථාවර වෙලා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව තියෙනවලූ. හරිගියොත් ඉතිං ගොඩ.
 
ලග්නය - වෘෂභ

අවුරුද්දට කී පාරක් කේන්දරේ බලවනවද
මගේ මතකයේ හැටියට මේතාක් මම ගිහින් කේන්දරේ බලවලා තියෙන්නේ දෙතුන් පාරයි. අම්මා මගේ කේන්දරේ 5-6 වතාවත් බලවලා ඇති.
 
 
ධම්මික හේවාවසම්
දිවයින



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,190 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,851 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,666 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top