Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
"මට තාත්තා කෙනෙක් නැහැ, අම්මා හිටියෙත් මානසික රෝහලේ.." - ආර්ථික අපහසුතා එක්ක ලෝකය දිනු සුප්‍රකට චරිත කිහිපයක් මෙන්න - Photos

- "මට තාත්තා කෙනෙක් නැහැ, අම්මා හිටියෙත් මානසික රෝහලේ.." - ආර්ථික අපහසුතා එක්ක ලෝකය දිනු සුප්‍රකට චරිත කිහිපයක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,701 Views
"රෑට නිදාගත්තේ ස්ටේෂන් එකේ බංකුවක.."

"මානසික ප්‍රශ්න නිසා මම සියදිවි හානි කරගන්න ගියා .."

ලෝකයේ සියලුම දෙනා සර්ව සම්පූර්ණ නැහැ. සමහරුන් උපතින්ම ආබාධිතයි, එහෙම නැතිනම් දුප්පත් ඒ වගේම තවත් පිරිසක් ඉතා නිරෝගීවන අතර මහා ධනකුවේරයන් ද සිටිනවා. නමුත් ඔවුන් සියලුම දෙනා ඒ ආකාරයෙන්ම හැමදාම ජිවත් වෙන්නේ නැහැ, විටෙක උස් විම්, විටෙක පහත් වීම් සමග තමයි මේ ජීවිතය ගලාගෙන යන්නේ. ඒත් ජීවිතය ඔහේ ගලාගෙන යන්න නොදී ජීවිතය තමන්ට අවශ්‍ය හැටියට වෙනස් කරගෙන රටට සහ ලෝකයට විශාල සේවයක් කළ පිරිසක් ගැන තමයි මේ කියන්නේ. 

ලයනල් මෙසී කියන්නේ ආජන්ටිනාව නියෝජනය කරන ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක්. මෙසී කියන හැටියට ඔහු මේ ගමන ඇවිත් තියෙන්නේ මල් යහනා මතින් නම් නෙවෙයි. මෙසීට පාපන්දු පුහුණුවීම් කරන්නවත් හරියට මුදල් තිබිලා නැහැ. ඔහු ඒ වෙනුවෙන් අවන්හලක සේවය කර ඉන් උපයාගත් මුදල් ඔහුගේ ක්‍රීඩා කටයුතු සදහා යොදාගෙන තිබෙනවා. මුල් කාලේ ක්‍රීඩා කරන්න ඔහු සතුව සපත්තු කුට්ටමක්වත් තිබී නැහැ. අතිශය දිළිදු පවුලක උපන් මෙසී ඒ සියළු දුක්කම්කටොලු පරාජය කරමින් පාපන්දු ක්‍රීඩාවට ඇතුල් වෙනවා. අවසානයේ ඔහු ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වෙද්දී පාපන්දු කී සැණින් ලෝක වාසීන්ට මතකයට නැගෙන චරිතයක් බවට පත් වෙන්නත් අද වෙද්දී ඔහුට හැකියාව ලැබී තිබෙනවා.



ඒ වගේම අපි දන්නවා ජීවිතේ විවිධ අවස්තාවල අපිට කඩා වැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. සමහරු ඒ වෙලාවට ජීවිතේ නැති කරගන්න වගේ මෝඩ තීරණත් ගන්නවා. මේ කියන්න හදන්නෙත් ඒ වගේම පවුලේ ප්‍රශ්න නිසා ජීවිතේ නැති කරගන්න ගියත් අවසානයේදී මුළු ලෝකයේම ආදරයට පාත්‍ර වුණ චිත්‍රපට මාලාවකට පාදක වුණ පොතක් ලියූ කෙනෙක් ගැන. ඒ තමයි හැරී පෝටර් නවකතා මාලාවේ ලේඛිකා J.K Rowling. මැය ඒ ගැන මෙහෙම කියනවා

"මම හැරී පෝටර් නවකතාව ගැන සිහින මැව්වේ දුම්රියේ යන අතරතුර, නිවසේ ප්‍රශ්න නිසා මානසිකව කඩා වැටී වරක් මම දිවි නසාගන්නත් ගියා." ඇය එදා දිවි නසාගත්තනම් කවදාවත් අපිට හැරි පෝටර් කතාවක් ගැන දැන ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම තමයි අපේ ජීවිතත් විවිධ හේතු නිසා විවිධ අවස්ථාවල කඩා වැටෙන්න පුලුවන් නමුත් ජීවිතය කියන්නේ ඒවට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යන එක.

 
මේ කියන්න හදන්නේ ගොඩක් අය කිව්ව ගමන් මූණ නරක් කරගන්න වචනයක් ගැන ඒ තමයි දේශපාලනය, දේශපාලන ක්ෂේත්‍රයේ හිටපු දැවැන්තයෙක් ගැන. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක් ගැන, ඔහු ඇමරිකාවේ 16 වැනි ජනපති වූ ඒබ්‍රහම් ලින්කන්. ඔහු දේශපාලඥයෙක් වුණාට, කුඩා කාලයේ ගෙවල තියෙන්නේ දුක් බර ජීවිතයක්, ඔහු ඇමරිකාවේ දිලිඳු පවුලක උපන් ළමයෙක්. ලින්කන්ට කුඩා කාළයේ දී තමන්ගෙ දිලිඳුකම නිසාම එදා වේල සපුරා ගන්නට අනුන්ගේ සපත්තු මහන්න වගේ වැඩ කරන්නට සිදු වෙනවා. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති වෙන්න කළින් මැතිවරණ රාශියක් එක දිගට පරදිනවා. නමුත් ඔහු උත්සහය කවදාවත් අතහරින්නේ නැහැ. ඒ වගේම ඉදිරියට ගත්තු අඩිය ආපස්සට තියන්නෙත් නැහැ. අවසානයේ ඔහු ඇමරිකාවේ ජනාධිපති වෙලා තමයි ඒ ගමන නතර කරන්නේ. ඒ වගේම ඇමරිකානු වහල් සේවය තහනම් කරන්නත් ඔහු විශාල මෙහෙයක් කළා.



ඉන්දියානු සංගීතය වගේම ඉන්දියානු සිනමාපටවල ගීත ගැන අවධානයක් යොමු කරන ගොඩක් දෙනෙක් දන්න නමක් තමයි A.R රහුමාන් කියන්නේ. ඔහු වරක් ප්‍රකාශ කරලා තිබුණේ " මට ඉගෙන ගන්න බැහැ කියලා පාසලෙනුත් එළියට දැම්මා, මම මුළින්ම කළේ උත්සවවල ඕගන් වාදනය කරපු එක." එලෙසින් පාසලෙන් පවා ප්‍රතික්ෂේප වූ ඔහු අද මුළු ලෝකයේම අවධානය තමන්ගේ සංගීත නිර්මාණයන්ට යොමු කරගන්න සමත් වෙලා තියෙනවා.



නිහඬ සිනමාවේ රජු වශයෙන් තමයි " චාලි චැප්ලින්" හඳුන්වන්නේ. චාලි සිනමා රජෙක් වුණාට එයා මේ ගමන ඇවිත් මුළු ලෝකයම හිනස්සවලා තියෙන්නේ මහා දුක් බර හේතුවක් නිසා. චාලි චැප්ලින්ට තාත්තා කෙනෙක් ඉඳල නැහැ. ඒ කියන්නෙ පිය සෙනෙහස නොලබපු දරුවෙක්. ඒ වගේම අම්මා ඉඳලා තියෙන්නේ මානසික රෝහලේ. අම්මත් තාත්තත් නැති දරුවෙකුගේ ජීවිතය කොච්චර කටුක වෙන්න ඇති ද කියල අමුතුවෙන් තව කෙනෙකුට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. චැප්ලින් කුඩා කාලෙ ගොඩක් අඬපු ළමයෙක් . නමුත් එයා තීරණය කරලා තියෙනවා මුළු ලෝකෙම හිනස්සන්න, ඒ නිසයි ඔහු විකට රංගන ශිල්පියෙක් වෙන්නේ. ඔහු මුළු ලෝකයම හිනැස්සුවා වගේම අවසානයේදී ඔහු කුඩා කළ නොවිඳි සැප සම්පත් ද ලැබුවා.



ඒ වගේම බොලිවුඩය ජයගත් එතනින් නොනැවතී මුළු ලෝකයේම අවධානය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. නමුත් ශාරුක් ඛාන් මේ තරම් ජනප්‍රියවෙන්න විතරක් නෙවෙයි, රංගන ක්ෂේත්‍රයට එන්නත් ලොකු කැපකිරීමක් කළ කෙනෙක්. ශාරුක් කියන විදියට ශාරුක්

"මම හැමදාම යාලුවෙකුගෙන් රුපියල් 20 ක් ඉල්ලගෙන තමයි මට නිර්මානයක චරිතයක් දෙනකල් ඉන්දියාවේ සිනමා ගම්මානයට ගියේ, ඒ වගේම රෑට නිදාගත්තේ ස්ටේෂන් එකේ බංකුවක..." ඔහු එලෙසින් මාධ්‍යට කිහිප වතාවක්ම පවසා තිබුණා. ඔහු එලෙසින් අතීතය සිහි කළත් මේ වෙනකොට බොලිවුඩ් පුරවරයේ අතිශය සාර්ථක මිනිසෙක් වගේම නළුවෙක් බවටත් ඔහුට පත් වෙන්න හැකියාව ලැබී තිබෙන්නේ ඔහු කළ කැපකිරීම මතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  860 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,374 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,683 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,162 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,806 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,720 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top